2022 මාර්තු 20 වන ඉරිදා

විදේශ අතපෙවීම් ඉහළට

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 210

වසර එකහමාරකට ආසන්න කාලයක් තමාට සතුරු රාශි භවනක් වූ අඟහරුට අයත් මේෂ රාශියට මෙවර රාහු පිවිසේ. 2022 අප්‍රේල් 12 වැනි කුජ දින සවස 1 පසු වී විනාඩි 56ට රාහු මේෂ රාශියට පිවිස 2023 ඔක්තෝබර් 30 වැනි දින සවස 7 පසු වී විනාඩි 47 දක්වා එලෙස ගමන් කරනු ඇත. මෙතෙක් උච්ච ගමනක යෙදුණු රාහු සතුරු රාශිගත වීම තවදුරටත් විශ්වයට ඉතා අයහපත් වූ බලපෑම් ඇතිවන කාලයක් බවට පත්වනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී අප රටට විදේශීය රාජ්‍යවලින් යම් යම් බලපෑම් ඇතිවන කාලයක් වේ. විශේෂයෙන් විදේශ රාජ්‍යයන් අප රටේ පාලන කටයුතුවලට බලපෑම් ඇති කිරීමක් සිදුවන සමයක් වේ. රටේ සංවර්ධන කටයුතුවල පිරිහීමක් ඇතිවන අතර සන්නිවේදන තැපැල් කටයුතු ආශ්‍රිත ප්‍රශ්න වැඩිවන කාලයකි. සන්නිවේදන උපකරණ මෙන්ම දුරකථන ඇමතුම් ගාස්තු මුද්දර ගාස්තු ඉහළ යනවා ඇත. ඒ ආශ්‍රිත සේවක වැඩවර්ජනද ඇතිවන කාලයක් වේ. රට තුළ සිදුවන බිහිසුණු රිය අනතුරුවල වර්ධනයක් වන අතර දුම්රිය අනතුරුද දුම්රිය බස් රථ මෝටර් රථ ගිනිගැනීම් පිපිරීම්ද වාර්තා වනු ඇත. කර්මාන්තශාලා ගෑස් නිපදවන ස්ථාන ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදන - ආයුධ ගබඩා ස්ථානද හදිසි ගිනිගැනීම්ද පිපිරීම්ද ඇතිවෙයි. පූජනීය ස්ථානවලටද අයහපත් වන අතර යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ගිනි තැබීම් අන්තවාදී සතුරු බලවේග හිස ඔසවමින් යම් යම් බිහිසුණු ක්‍රියාවන්ද මිනිසුන්ට ජීවිත විනාශ කිරීමේ ක්‍රියාවන්ද සිදුවන කාලයක් බැවින් ආරක්ෂක අංශ ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුය. දේශපාලන ක්ෂේත්‍රයේද පෙරළිකාර සිදුවීම් රුසක් වෙමින් පවතින රජයට පාලන කටයුතු කරගෙන යාමට අපහසු තත්ත්වයක්ද මතුවන අතර නවතම දේශපාලන වෙනසක් ඇති වෙමින් ඒ තුළින් යම් යම් සහනද ජනතාවට ලැබෙන කාලයක් වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී බලවත් රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍යයන් වෙත කරනු ලබන බලපෑම් වැඩිවන කාලයක් වන අතර බලවත් රාජ්‍යයන් තම යටතට වෙනත් රාජ්‍යයන් නතු කරගන්නා වූ කාලයක් වේ. බිහිසුණු අහස් යානා කඩා වැටීම්ද, මගීන් රැගත් යානා ගිනි ගැනීම්ද පිපිරීම්ද වාර්තා වන අතර හදිසි ජලගැලීම් තත්ත්වයන්ද මුහුදු ගොඩගැලීම්ද, බිහිසුණු සුළි සුළං තත්ත්වයන්ද ඇතිවෙයි. ගංගා මුහුදු ආශ්‍රිතව ගමන් කරන යාත්‍රා පෙරළීම්ද සිදුවන අතර මගීන් රුගත් යාත්‍රා ගිනිගැනීම්ද වාර්තා වනු ඇත. වෛරස් රෝග තත්ත්වයෙන් පීඩනයට පත්වූ ජනතාවට ඉදිරියේදී යුද ගැටුම් බිහිසුණු පිපිරීම්වලට මුහුණ දීමටත් ජීවිත පුද කිරීමටත් සිදුවනවා ඇත.

මීළඟට ඔබට

• මේෂ - ශරීර සැපයට බාධා

මෙම කාලවකවානුව තුළ ඔබ විසින් ගනු ලබන තීරණ නිෂ්ඵල විය හැකි බැවින් හොඳින් දෙවරක් සිතා බලා තීරණ ගත යුතු වේ. කෑම බීම ගතයුතු වෙලාවට නියමිත ලෙස ගත යුතු අතර ශරීරය කෙට්ටු වීමටත් ශරීර ශක්තිය කඩා වැටීම්ද ඇතිවිය හැකි අතර මුත්‍රා ආශ්‍රිත රෝගාබාධද මතුවිය හැකි කාලසීමාවක් වනු ඇත.

• වෘෂභ - වියදම් අධිකයි

ඔබට එරෙහිව පැවතියා වූ යම් යම් සතුරු උපද්‍රව පරාජයට පත්කර ගත හැකිවන කාලයක් වන අතර විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වන්නාවුත් කාලයකි. වියදම් අධිකව යෙදෙන කාලයක්ද වන බැවින් වියදම් පාලනය කරගත යුතු වේ.

• මිථුන - අධ්‍යාපනයට යහපත්

දේශපාලන කටයුතුවල නිරත වන අයට අයහපත් වන අතර යම් යම් කටයුතු කිරීමේදී හොඳින් කල්පනා කර කටයුතු කළයුතු අතර මෙම වකවානුව තුළ ඔබ විසින්ම කළ දෙයකින්ම කරදරයට පත්විය හැකිය. අධ්‍යාපනයේ නිරත අයට යහපත් වන අතර යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව කටයුතු කරන අය කල්පනාකාරීව ඒ කටයුතු කරන්න.

• කටක - විදේශ ගතවීම්

සේවා ස්ථානය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක. කලබලකාරී ගති ඇතිවන අතර අලුතින් ඉඩකඩම් මිලදී ගැනීම් කිරීමේදී පරිස්සම් වන්න. හිතේ දුක් ඇති කාලයක්ද වේ. පවුල් දිවියේද යම් යම් කරදර ඇතිවනු ඇත. විදේශ ගතවීම් අපේක්ෂාවන්ද ඉටුවන කාලයක් වේ.

• සිංහ - අධ්‍යාපනයට හොඳයි

ඔබට එරෙහි සතුරු උපද්‍රව කල්තියා හඳුනාගත හැකි වන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභඵල අත්වන අතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ට කරගත හැකිවන කාලයකි. අත්වල පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.

• කන්‍යා - වියදම් අධිකයි

ඔබට අයහපත් කාලවකවානුවක් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ඒ ගැන පරිස්සම් වන්න. තැන්පත් ධනය වියදම් වන කාලයක්ද වේ. ආයුධ වලින් යන්ත්‍ර සූත්‍රවලින් වැඩකරන අයද අවධානයෙන් වැඩකළ යුතු වේ.

• තුලා - පවුල් දිවියේ ගැටලු

විවිධ වූ අදහස් ජනිත වන්නා වූ කාලයක් වන අතර යම් යම් හේතුවලට හදිසි කේන්ති ගතිද ඇතිවනු ඇත. ශරීරය කෙට්ටු වන්නා වූ කාලවකවානුවක්ද වේ. ව්‍යාපාර කටයුතුවල බිඳවැටීම් ඇතිවන අතර පවුල් දිවියේ ගැටලුද ඇතිවනවා ඇත.

• වෘශ්චික - බොරු ආරංචියක්

ඔබට එරෙහි සතුරු උපද්‍රව පරාජය කරගත හැකි කාලයක් වනු ඇත. විදේශගතවීම් අපේක්ෂාවන් ඉෂ්ඨ වන්නාවුත් සමයකි. පැවතියා වූ යම් යම් රෝග පීඩාවන් සුව වන්නාවූ කාලයකි. බොරු ආරංචියක් නිසා තැති ගැන්මකට ලක්වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් විය යුතු වෙයි.

• ධනු  - භූමිලාභ

ඔබගේ කටයුතුවලදී ඔබගේ උත්සාහයේ තරමට ඵල අත්කර ගත නොහැකි වනවා ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් වන අතර භූමිය ආශ්‍රිත ලැබීම්ද ඇතිවන කාලයක් වේ. ඔබ සිදුකරන සෑම කටයුත්තකදීම කල්පනාකාරී විය යුතු අතර ඔබ කරගත් දෙයකින්ම කරදරයක් ඇතිවිය හැකි කාලයකි.

• මකර - පපුවේ අමාරු

සිතේ ප්‍රශ්න ඇතිවන කාල සීමාවක්ද වනු ඇත. අලුතින් ඉඩකඩම් මිලදී ගැනීම් කිරීමේදී කල්පනාකාරී විය යුතු අතර ඒ ආශ්‍රිත ප්‍රශ්නද ඇතිවනවා ඇත. සේවා ස්ථානය ආශ්‍රිතවද යම් යම් ප්‍රශ්න මතුවන කාලයක් වේ. පපුවේ පීඩාද ගෙනදෙනු ඇත.

• කුම්භ - සතුරන් පරදී

ඔබට එරෙහිව පවතින්නා වූ යම් යම් සතුරු උපද්‍රව පරාජයට පත් කිරීමට හැකියාව අත්වන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වීමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වනවා ඇත.

• මීන - මිතුරන් නිසා ප්‍රශ්න

ඔබට යහපත් නොවන අතර හදිසි තුවාල පීඩා ඇතිවීම්ද මිතුරන්ගෙන්ද ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතු කාලයකි. තැන්පත් ධනයද වියදම් වී යන බැවින් අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුය.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00