2022 ජනවාරි 01 වන සෙනසුරාදා

රාජ්‍ය සේවකයෝ නොසන්සුන්

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 326

රවි ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ ධනු රාශියෙහි සිකුරුට අයත් සුවසල නැකතේ ගමන් කරමින්ද අඟහරු තමාට ස්වක්ෂේත්‍ර වූ වෘශ්චික රාශියෙහි බුධ අයත් දෙට නැකතේ ගමන් කරමින්ද බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ මකරයේ රවිට අයත් උත්‍රසල නැකතේ ගමන් කරයි. බ්‍රහස්පති තමාට සම රාශි භවනක් වූ කුම්භයේ අඟහරුට අයත් දෙනට නැකතේ ගමන් කරන අතර සිකුරු ග්‍රහයා ධනු රාශියෙහි වක්‍රව රවිට අයත් උත්‍රසල නැකතේ ගමන් කරයි. සෙනසුරු ස්වක්ෂේත්‍රව මකරයේ සඳුට අයත් සුවන නැකතේ ගමන් කරමින්ද රාහු උච්ඡව වෘෂභයෙන් යුරේනස් වක්‍රව මේෂයෙන් නැප්චූන් කුම්භයෙන් ගුරු නැප්චූන් යෝග වෙමින්ද බුධ ශනි යෝග වෙමින්ද ගමන් කරයි.

ඉදිරි මාසය මහජනතාවට ඉතා අවාසනාවන්ත අඳුරු කාලයක්ද නීතියෙන් තැති ගැනීමෙන් ජීවත් වීමට සිදුවන්නාවූත් කාලයක් බවට පත්වනවා ඇත. ජනයා රජයට එරෙහිව පාරට බැසීමත්, උද්ඝෝෂණවල නිරත වීමත්, කලහකාරී ලෙස හැසිරීමත්, රාජ්‍ය සේවකයන්ද නොසන්සුන් වී වර්ජන උද්ඝෝෂණවල නිරත වීමත් සිදුවනවා ඇත. යම් යම් රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයකට පත්වනවා ඇත.

මේෂ - මිතුරන්ගෙන් විපත්

මෙම ග්‍රහ යෙදුම් අනුව ඔබට යහපත් ඵල උදා වනු ඇත. විශේෂයෙන් භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට සුබ ඵල අත්වන අතර මුතු මැණික් ලැබීමත් හදිසි ලොතරුයි වාසනා ද ඇතිවනවා ඇත. ඔබ කරන රුකියාවේ සුබ ඵල ද උසස්වීම් ද අත්වනු ඇත. හදිසි තුවාල පීඩා ඇතිවීම්ද ජලය ආශ්‍රිත පීඩා ද ඇතිවනවා ඇත. තම හිතමිතුරන්ගෙන්ද පරිස්සම් විය යුතු අතර මිතුරකු නිසා කරදර ඇතිවිය හැක.

වෘෂභ - ආගමික කටයුතු

ක්ෂණික කේන්ති ගති ඇතිවන කාලයක් වන අතර පවුල් දිවියේද ප්‍රශ්න ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ආගමික කටයුතුවලට සහභාගි වන අතර ලියකියවිලිවලට අත්සන් තැබීමෙන් හැකි තරම් දුරට වළකින්න.

මිථුන - තැන්පත් ධනය වැය වේ

ඉදිරියේදී රුකියාව පිළිබඳ ප්‍රශ්න සමතයකට පත්වෙයි. හිතමිතුරන්ගෙන් තම කටයුතුවලට බාධා ගෙන දේ. දුර ගමන් සහ විදේශ ගමන් වෙනුවෙන් මුදල් වැය කරන්නේ නම් දෙවරක් සිතන්න. ආර්ථික අපහසුතා ඇතිවේ. තැන්පත් ධනය වැය වේ. රථවාහන අනතුරුවලින් පරිස්සම් වන්න.

කටක - නිතර සතුටින්

හදිසි ලැබීම් ඇතිවන කාලයක් වන අතර තමාගේ උත්සාහයෙන් කරන කටයුතු රුසක් සාර්ථක බවට පත්වනු ඇත. තමාට පැවති සතුරු උපද්‍රව දුරු කරගත හැකි වන අතර නිතර සතුටින් සිටින කාලයකි. විශාල අන්දමේ මුදල් යෙදවීම් නොකළ යුතු අතර විශාල පාඩු ඇතිවීම්ද විය හැක. දුර ගමන්, විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර හදිසි තුවාල වැටීම්වලින් ශරීර පීඩා ද ඇතිවනවා ඇත.

සිංහ - ලිංගික ආකර්ශනය

ඔබගේ යම් යම් වැඩ අතපසුවීම් සිදුවන කාලයක් වන අතර විරුද්ධ ලිංගික ආකර්ශනයටද ලක්වනු ඇත. උරුම හිමිකම් ලබාගැනීමටත් නව ඉඩමක් වාහනයක් මිලදී ගැනීමටත් සුබ වන කාලයක් ද වේ. කලා කටයුතවල නිරත වී සිටින අයට සුබ ඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වනවා ඇත. අවිවාහක අයට ප්‍රේමය මත විවාහ ගිවිස ගැනීම්ද සිදුවන කාලයක් වේ.

කන්‍යා - විදේශ අධ්‍යාපනය

පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු අතර ඒවා තමා වෙත පැමිණිය හැකි කාලයකි. යම් යම් අදහස් ක්‍රියාත්මක නොකරම වෙනස් කරන අතර කෙටි ගමන් අධික වනවා ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ඉතා යහපත්ය. විදේශ ගතවී අධ්‍යාපන කටයුතු කිරීමට බලාපොරොත්තු වන අයටද සුබ ඵල ගෙන දෙනු ඇත. අත්වල පීඩාද පිළිස්සීම්ද සිදුවිය හැකි බැවින් පරිස්සමින් කටයුතු කරන්න.
තුලා - තරඟ ජය
තම දේ රුකගෙන කටයුතු කරන කාලයක් වන අතර තම වචනයේ බලයෙන් අන් අයව තමා වෙත ආකර්ශනය කරගත හැකි වනු ඇත. සිතේ සහන යග්‍රහණද ලබාගත හැකි වනවා ඇත. ඇස්වල පීඩාද මතු වනු ඇත.

වෘශ්චික - මංගල යෝජනා

ආර්ථික අපහසුතා ඇතිවන කාලයක් වන අතර විවිධ වූ අදහස් ද ජනිත වන සමයකි. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු වේ. හදිසි ලැබීම්ද ඇතිවනු ඇත. අන් අයගේ උදව් බලාපොරොත්තුවෙන් කටයුතු නොකළ යුතුය. විශාල අන්දමේ මුදල් යෙදවීම් නොකළ යුතු අතර විශාල මුදල් පාඩු ද ඇතිවේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් ද වේ. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකෙන්න.

ධනු - මිතුරන් අමනාප වේ

පිටස්තර අයට උදව් කර අමාරුවේ වැටිය හැකි බැවින් පරිස්සම් වන්න. යම් යම් බොරු ආරංචිවලින් බියට පත්වීම්ද වන අතර අන් අය අතර ප්‍රධානියා වීමට යාමෙන් හිතමිතුරන් තමා සමඟ අමනාප විය හැක. විශාල අන්දමෙන් මුදල් යෙදවීම් නොකළ යුතු අතර විශාල පාඩු ඇතිවිය හැක. දුර ගමන්, විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ වන කාලයකි.

මකර - රථවාහන ලැබීම්

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට සුබ ඵල අත්වන අතර රථවාහන ආශ්‍රිත ලැබීමක්ද සිදුවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට උත්සාහයේ තරමට ඵල නොලැබී යයි. තැන්පත් ධනය ද වියදම් වී යනවා ඇත. ජල අනතුරු ඇතිවිය හැකි බැවින් ගංගා, මුහුදුවල දිය නෑම්වලින් පරිස්සම් වන්න. මුත්‍රා හා ඇස් ආශ්‍රිත රෝගාබාධ මතුවන කාලයක් ද වේ.

කුම්භ - උසස්වීම් හිමිවේ

තම කටයුතු බාධක මධ්‍යයේ වුවද කරගෙන යන අතර හදිසි ලැබීම්ද ඇතිවේ. දුර ගමන්, විදේශ ගමන්ද යෙදෙනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට සුබ ඵල අත්වන අතර සේවා ස්ථානයේ උසස් වීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. සතුන්ගෙන් පරිස්සම් විය යුතු අතර සතුන්ගෙන් ශරීර පීඩා ඇතිවිය හැකි කාලයක් ද වේ.

මීන - දරුවකුගේ ජයක්

තම උත්සාහයෙන් කටයුතු කරන කාලයක් වන අතර තම මතයට වැඩ කරමින් ජයග්‍රහණද ලබනු ඇත. තම දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සතුටක්ද දැනෙනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ද සුබ ඵල අත්වන අතර භූමියෙන් මතුවන සම්පතක්, මුතු, මැණික්, රත්රන් ලබාගත හැකිවන කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00