2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

රටට අයහපත් සූර්ය ග්‍රහණයක්

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 373

2021 වසරේ සිදුවන්නා වූ අවසන් ග්‍රහණය 2021 දෙසැම්බර් මස 4 වැනි දින සිදුවනු ඇත. මෙම ග්‍රහණය පූර්ණ සූර්යග්‍රහණයක් වන අතර ග්‍රහණයේ ආරම්භය සිදුවන්නේ එදින උදේ 10 පසුවූ විනාඩි 59ටය. ග්‍රහණයේ මධ්‍ය පස්වරැ 1 පසුවී විනාඩි 5ට සිදුවේ. ග්‍රහණයේ අවසානය පස්වරු 3 පසුවී විනාඩ් 7ට වේ. බුධට අයත් දෙට නැකතේ මෙම ග්‍රහණය සිදුවන අතර දකුණු අප්‍රිකානු රටවලටත් ඇන්ටාක්ටිකාව, නැම්බියාවටද මෙම ග්‍රහණය පූර්ණ ලෙස අස්වනු ඇත. ඇල්ජීරියාව, නෝර්වේ, සිරියාව, මොරොක්කෝව, ප්‍රංශය, චීනය, ඊජිප්තුව වැනි රටවලටද මෙයින් බලපෑම් ඇතිවනු ඇත.

ඉහත දැක්වූ රටවලට මෙන්ම යුරෝපීය රටවලටද ඉන්දුනීසියාව ඉන්දියාව ඇතුළු ආසියාතික රටවලටද ශ්‍රී ලංකාවටද මෙයින් යම් යම් අහිතකර වූ බලපෑම් ඉදිරියේදී සිදුවනු ඇත. මෙම ග්‍රහණය පැය 4ක් වැනි දීර්ඝ කාලයක් පවතින බැවින් එහි අයහපත් බලපෑම්ද වසර තුන 4ක් යනතුරු බලපානු ඇත.

ඉදිරි කාලය තුළද ඉතා දරුණු ලෙස පාලනය කරගත නොහැකි අන්දමට ජීවිත විනාශ වී යනු ඇත. වසංගත රෝග පැතිර යාමක්, ගංගා මුහුදු ගොඩගැලීමක් අයහපත් වූ කාලගුණික විපර්යාසයක් සිදුවන කාලයක් වනු ඇත. විශේෂයෙන් රාජ්‍යයන්ට විරුද්ධව යුද්ධ ඇතිවීමත් නිසා යම් යම් රාජ්‍ය අස්ථාවර වීමක් සිදුවන අතර ගංගා මුහුදු ආශ්‍රිතව ගමන් කරන යාත්‍රාවල හදිසි පිපිරීම් ගිලාබැසීම්ද ඇතිවන අතර එමගින්ද විශාල ජීවිත ප්‍රමාණයක් නැති වී යනු ඇත. ජලජ මසුන් යම් යම් හේතු මත මරණයට පත්වීමද සිදුවේ. තවද කුකුළන්ද දරුණු බෝවන රෝගයකින් මිය යනවා ඇත. 

ගිනිකඳු විධාරණය වීමත් රිච්ටර් මාපංක 7 ඉක්මවූ භූ චලන ඇතිවීමත් සිදුවන අතර ජන ජීවිත අඳුරට පත් කිරීමට හේතුවන ග්‍රන්ථයක් ලෙස 2021 දෙසැම්බර් 4 සිදුවන ග්‍රහණය පෙන්වා දිය හැක.

• මේෂ - නීති ප්‍රශ්න

ඔබ කරන කටයුතුවලට බලපෑමක් ඇතිහැකි වුවද යම් කිසි නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීවන්න. පවුල් දිවියේද සමගිය පළුදු වන කාලයක් වේ. ගංගා මුහුදුවල වැඩකරන අය ඉතාම පරෙස්සම් වන්න. 

• වෘෂභ - දුර ගමන්

ඔබට එරෙහි සතුරු උපද්‍රව මර්දනය කරගත හැකි කාලවකවානුවකි. දුර ගමන් යෙදෙන අතර ආගමික කටයුතුවලටද සහභාගි වීමට වැඩිපුර කාලය ගතවේ. විදේශ ගතවීමේ අපේක්ෂාද ඉටුවන කාලයක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත ඔබට යහපත් ඵල උදාවනු ඇත.

• මිථුන - මංගල යෝග

අනවශ්‍ය අය තමා සමඟ මිතුරු වන කාලයක් බැවින් කල්පනාකාරී වන්න. දුරගමන්, විදේශ ගතවීම් අපේක්ෂා කළ අයට ශුභඵල අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවනු ඇත. විවිධ ජයග්‍රහණද අත්වන කාලයක් වේ.

• කටක - වාහන ඵල

හදිසි කේන්ති ගති ඇතිවන අතර යම් යම් වැඩවල ප්‍රමාද ගතිද ඇතිවනු ඇත. තම උත්සාහයෙන් තම කටයුතු සාර්ථක කරගත හැකිවනු ඇත. ඉඩකඩම් රථවාහන ලාබ ගත හැකි යහපත් කාලයක්ද වේ.

• සිංහ - හදිසි තුවාල

තම මතයට අනුව කටයුතු කරන කාලයක් වන අතර තාක්ෂණික කටයුතුවල නිරත අයටද ශුභඵල ඇති වනු ඇත. සිතේ සහනය අඩුවන අතර හදිසි තුවාල පීඩාවලින් පරිස්සම්ද විය යුතු කාලයක් වේ.

• කන්‍යා - ඉඩකඩම් ලාභ

ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමට යහපත් කාලසීමාවක් වනු ඇත. තම දේ රැකගෙන කටයුතු කරන කාලයක් වන අතර, අධ්‍යාපන කටයුතුවල නිරත අයට උදාසීන ගතිද ඇතිවනු ඇත.

• තුලා - ආගමට නැඹුරුවක්

උත්සාහයෙන් කටයුතු කරන කාලයක් වෙයි. ආගමික කටයුතුවලට වැඩිපුර කාලය යොදවන අතර හදිසි කේන්ති ගතිද ඇතිවනු ඇත. ආර්ථික අපහසුතාද ඇතිවන කාලයක් වේ.

• වෘශ්චික - වැඩ පමාවේ

බොරු ආරංචිවලින් බියට පත්වන කාලයක් වන අතර විවිධ අදහස් සිතේ ඇතිවනවා ඇත. අන් අයට උදව් බලාගෙන උපකාර කිරීම්වලින් ඵල නැති සමයක් වේ. යම් යම් වැඩවල ප්‍රමාද ගතිද ඇතිවනු ඇත.

• ධනු - අනුන් නිසා විපතට

ආර්ථික අපහසුතා ඇතිවන කාලයක් වන අතර අන් අයට වැඩකර අමාරුවේ වැටෙන කාලයක්ද වේ. යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වන කාලයක්ද වේ. රථවාහන ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල අත්වනු ඇත.

• මකර - දේශපාලනයට හොඳයි

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන කාලයක් වන අතර යම් යම් වැඩවලදී උත්සාහයේ තරමට ඵල අත් නොවනවාද ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට ශුභ වනු ඇත.

• කුම්භ - දරුවකුට ජයක්

කලබලකාරීව කටයුතු කිරීමෙන් යම් යම් ප්‍රශ්න ඇතිවන කාලයකි. තම දරුවකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සිතේ සතුටක් ඇතිවනු ඇත. නෑදැ හිතමිතුරන්ගෙන් ඈත්ව සිටින කාල සීමාවක්ද වේ.

• මීන - මුදල් වැය වැඩියි

ඔබට යහපත් ඵල උදාවන අතර විශාල මුදල් වියදම් කිරීම්වලින් වැළකී සිටිය යුතු කාලයක්ද වේ. මිතුරන්ගෙන්ද ප්‍රශ්න ඇතිවනු ඇත. යම් යම් වැඩවල ප්‍රමාද ගතිද ඇතිවන අතර ආගමික කටයුතුවලටද නිරත වන කාලයකි.