2020 ජුනි 27 වන සෙනසුරාදා

පක්ෂ අතර ගැටුම් ඉහළට

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 237

ග්‍රහ මණ්ඩලයේ කායික විපත් ඇති කරන්නාවූත් නැප්චූන් කුම්භ රාශියෙහි බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ තුන්වැනි පාදයෙහි ගමන් කරමින් සිටියේදී 2020 ජුනි මස 24 වන බුධ දින සුපුරුදු ගමනින් මිදී ආපසු හැරී කිරීම ඇරැඹීය. එලෙස 2020 නොවැම්බර් මස 29 වන ඉරු දින දක්වාම මෙම ගමන සිදුවේ. 

මෙම වකවානුව අප රටට අහිතකර බලපෑම් වැඩි වන කාලයක් වෙයි. මහජනයාගේ හැසිරීම් බිහිසුණු වන අතර හදිසි කැළඹිලි ගැටුම් ඇතිකර ගැනීම් වර්දනය වෙයි. රට තුළ අශීලාචාර ක්‍රියා ද, මංකොල්ලකෑම්, පහරදීම්, ඝාතනය කිරීම් නිතර අසන්නට ලැබෙනු ඇත. 

මෙම වකවානුව තුළ දේශපාලන කටයුතුවල නිරත අයට ද අයහපත් වන අතර දේශපාලන පක්ෂ අතර ගැටුම් ද ඝාතනය කිරීම් ද ඇතිවනු ඇත. රට තුළ සියදිවි නසා ගැනීම් වැඩිවන අතර මහජන සෞඛ්‍ය පිරිහී යනවා ඇත. වසංගත රෝගවලින් ද වෙනත් රෝග නිසාද ජනතාව පීඩාවටත් මරණයටත් පත්වීම් ද සිදුවන කාලයක් වේ. අධිකරණවල දික්කසාද නඩු හා අපරාධ ක්‍රියා සම්බන්ධ නඩු ද වැඩි වන අතර ස්ත්‍රීන් සම්බන්ධයෙන් සිදු වූ අපරාධ හා අශෝභන ක්‍රියා ගැනද අසන්නට ලැබෙන කාලයකි.

මේෂ - මිතුරු ප්‍රශ්න
දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත්ය. හිතමිතුරන්ගෙන් ද ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. ප්‍රේම සම්බන්ධතාවලට ද අයහපත් ලෙස බලපෑම් ඇති වනු ඇත.

වෘෂභ - සේවා ගැටලු
සේවා ස්ථානයෙහි අනිකුත් සේවකයන් සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු අතර ක්ෂණික ගැටලු සේවා ස්ථාන ආශ්‍රිතව ඇතිවිය හැක. සිතේ සහනය අඩුවන වකවානුවක් ද වේ. 

මිථුන - ශරීර පීඩා
ඔබගේ සහෝදර සහෝදරියන් සමඟ මතබේද ඇතිවිය හැකි කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. කෙටි ගමන්වලදී හදිසි ශරීර පීඩා ද ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

කටක - ශරීර අපහසුතා
ඔබට අයහපත් වන වකවානුවක් වන අතර ඔබගේ කටයුතුවලට අයහපත් බලපෑම් ඇති විය හැකිය. හදිසි ශරීර පීඩා ද ගෙන දෙන කාලයක් ද වේ. ශරීර අපහසුතා ද ඇතිවන කාලවකවානුවකි.

‍සිංහ - මුත්‍රා ආබාධ
සැඟවුණු සතුරැ බලවේග ඇතිවන බැවින් පරිස්සම් වන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද අයහපත් වන්නා වූ කාලයක් වන අතර මුත්‍රා ආබාධ ඇති අය පරිස්සම් විය යුතු වේ.

කන්‍යා - වැඩ අඩපණ වේ
ඔබට අයහපත් වන කාල වකවානුවක් වනු ඇත. හදිසි ශරීර පීඩා ද ලෙඩ රෝග ද ඇතිවන කාලයක් වේ. ඔබගේ කටයුතු ද අඩපණ වනවා ඇත. 

තුලා - ලැබීමට බාධා
තම මිතුරන්ගෙන් ප්‍රශ්න ද බාධා කිරීම් ද අසමගි වීම්ද ඇතිවන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන වකවානුවක් වනු ඇත. ලැබීම් මාර්ගවලට ද බාධා ඇතිවනු ඇත.

වෘශ්චික - සිතේ සහනය අඩු වේ
රථවාහන පැදවීම් කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න. සිතේ සහනය අඩු වන කාලවකවානුවක් වන අතර සේවා ස්ථානයේහිද ප්‍රශ්න ඇති වන කාලයක් වේ.

ධනු - කෙටි ගමන්
වැඩිමහල් සහෝදර සහෝදරියන් සමඟ ගැටුම් ඇතිවිය හැකි කාලයකි. කාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු වේ. අනවශ්‍ය කෙටි ගමන් සමයක් ද වේ.

මකර - තැන්පත් පහළට
පවුලේ සමගියට බාධාවීම් ඇතිවන කාලයක් වන අතර තැන්පත් ධනය ද නාස්ති වී යන බැවින් පරිස්සමෙන් වියදම් කිරීම කළ යුතු කාලයක් වේ. හදිසි ශරීර පීඩා ද ඇස්වල පීඩා ද මතුවනු ඇත. 

කුම්භ - වැරදි තීරණ
ඔබගේ ශරීර ශක්තියට බාධා ඇතිවන කාලයක් වනවා ඇත. ඔබ ගන්නා තීරණ වැරදි විය හැකි බැවින් දෙවරක් සිතා කටයුතු කළ යුතු වේ. පවුල් දිවියේ ද සමගිය පළුදු වන කාලයක් වේ.

මීන - සතුරු පීඩා 
මෙම වකවානුව තුළ ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට බාධාවීම් ඇතිවන අතර හදිසි ශරීර පීඩා ද ඇතිවන කාලයක් වේ. ඔබට සතුරු පීඩාවක් ද ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල