2020 ජුනි 13 වන සෙනසුරාදා

රවි ග්‍රහයා ජූනි 14 සිට ජූලි 16 දක්වා මිථුන රාශියේ, ලග්න 9කට ශුභයි

 2020 ජුනි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 884

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සලකන රවි ග්‍රහයා ජන්මියාට ශරීර ශක්තිය, ප්‍රසිද්ධිය, කීර්තිය, ගෞරවය හිමිකර දෙයි. ජන්ම අවස්ථාවේ රවි ග්‍රහයා ජන්මියාට ප්‍රබල ආකර්ෂණයක් දුනි නම් ඒ අය ආත්ම ශක්තියෙන් දුබල, රෝගවලින් පෙළෙන අවාසනාවන්තයෙකු වන්නේය.

රවිට මේෂ රාශිය උච්ච වන අතර සිංහ රාශියට ස්වක්ෂේත්‍ර වෙයි. කටක-වෘශ්චිත, ධනු-මීන රාශි මිත්‍ර වේ. වෘෂභ, මකර, කුම්භ රාශි සතුරැයි. තුලා රාශිය නීචය. මිථුන, කන්‍යා රාශි සමය.

2020 ජූනි මස 14 වැනි ඉරිදා රාත්‍රි 11.54ට රවි මිථුන රාශියට පැමිණ ජූලි මස 16 වැනිදා මිථුන රාශියෙන් කටක රාශියට ගමන් කරයි. මෙම ග්‍රහමාරැව ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.

මේෂ - වාසනාවන්ත දරු ලාභ

පස්වැන්නාධිපති රවි 03 වැන්නේ ගමන් කරන නිසා ආත්ම ගෞරවය රුකගෙන ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රයෝජන ගනී. උද්යෝගය උනන්දුව පවතී. වාසනාවන්ත දරැවන් ලබයි. යම්කිසි දෙයකට විශේෂ දක්ෂතා දක්වා කීර්තිය ලබයි.

වෘෂභ - විවාහ දිවිය යහපත්

සිව්වැන්නාධිපති රවි 02 වැන්නේ සිටීමෙන් විවාහ ජීවිතය සතුටින් ගෙවයි. අවිවාහකයන්ට විවාහ මංගල යෝග උදාවෙයි. කථාවෙන් ජයගනී. අන්‍යයන්ට උපදෙස් දීමට දක්ෂයි. පුවත්පත් සාහිත්‍ය කලා කටයුතුවලට කැමැතියි.

මිථුන - අධ්‍යාපනයට ඉතා ශුභයි

රවි ලග්නගතව සිටීම ඔබට ඉතා ශුභයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත්ය. ගණිත, මිනිත, ගණකාධිකරණ, ඉංජිනේරැ කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. කථාවට දක්ෂයි. සහෝදරාදීන්ගෙන් උදව් උපකාර ලැබේ.

කටක - වියදම් වැඩියි

රවි 12 වැන්නේ ගමන් කිරීම එතරම් ශුභ නැත. වියදම් අධිකයි. අන්‍යයන්ගේ වැඩකටයුතුවලට උදව් කරයි. තමාගේ වැඩ අතපසු කරයි. විනෝදය සතුට පතා කටයුතු කරයි. ත්‍යාගවන්තයි. වගකිම් බාර නොගනී. කලාත්මක කටයුතු ප්‍රිය කරයි.

සිංහ - අතමිට සරුවේ

ලග්නාධිපති රවි 11 වැන්නේ සිටීම ඉතා ශුභයි. ශාස්ත්‍රිය කටයුතුවලින් ප්‍රයෝජන ලබයි. අතමිට සරැයි. ආදායම් මාර්ග කීපයක්ම ඇතිකර ගනී. සාහිත්‍ය, පොත්පත් ලේඛන කටයුතුවලින් ප්‍රසිද්ධිය හා ගෞරවය ලබයි. රටතොට ගැන අවබෝධය ලබයි.

කන්‍යා - රැකියා ලාභ

රවි 10 වැන්නේ සිටීම නිසා සමාජයේ උසස් තැනක් හිමිකර ගනී. රැකියා නැති අයට රැකියා අවස්ථා උදාවෙයි. රුකියා කරන අයට උසස්වීම් ලැබෙයි. කොයි කවුරු සමඟත් සුහදව කටයුතු කරගනී. ග්‍රන්ථකරණය, ව්‍යාපාර කටයුතු ආදියට ශුභ මාසයකි.

තුලා - විදේශ ගමන්

09 වැන්නේ රවි ගමන් කරන නිසා ශාස්ත්‍රීය අංශයෙන් උසස් තැනක් හිමිකර ගනී. ගරු තනතුරු, ලේකම් ධූර ලබයි. පහත් අය ආශ්‍රය නොකරයි. උගත් අය ආශ්‍රය කරයි. ගමන් බිමන් (විදේශ ගමන්) ඇතිවිය හැකිය. ගුණ නුවණින් යුක්තයි. සමගිය අගය කරයි

වෘශ්චික - කරදර වැඩියි

රවි 8 වැන්නේ ගමන් කිරීම එතරම් යහපත් නොවේ. ඥාති මිත්‍රාදීන්ගෙන් කරදරයි. ශරීර ශක්තිය දුර්වලයි. පියාට එතරම් ශුභ කාලයක් නොවේ. අඩුපාඩු සහිතව කල් ගෙවයි. රුකියාවල කරදරද උදාවෙයි. ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය.

ධනු - බුද්ධියට මුල් තැන

07 වැන්නේ රවි සිටීම ඔබට යහපත්ය. දැනුමට බුද්ධියට මුල් තැන දී කටයුතු කරයි. අධ්‍යාපනයේ නියැලී සිටින අයට යහපත්ය. ප්‍රේම සබඳතා ඇතිකර ගනී. අර්ශස් ආබාධ හා හිසරදය ඇතිවෙයි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට ශුභයි.

මකර - සතුරු බාධක

රවි ග්‍රහයා 06 වැන්නේ ගමන් කිරීම එතරම් ශුභ නැත. ශරීරය දුර්වල වෙයි. තමා කරන වැඩකටයුතු අවුල්වෙයි. රහසිගත සතුරැ කරදර හටගනී. ශරීරයේ උෂ්ණ ගතිය ඉහළ යයි. ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න.

කුම්භ - මංගල යෝග

05 වැන්නේ රවි ගමන් කිරීමෙන් විවිධ අංශ ගැන දැනුම ලබයි. විද්‍යා තාක්ෂණ කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. රුකියා තනතුරැ ලබයි. කරදර බාධක අභියෝග ජයගනී. ආමාශගත ආබාධ ඇතිවීමට පුළුවනි. අවිවාහකයන්ට විවාහ සිදුවෙයි. 

මීන - හදවත් රෝග

රවි 04 වැන්නේ සිටීමෙන් පොත්පත් කියවීමට, ඥානය දියුණුකර ගැනීමට උනන්දු වෙයි. ප්‍රධානත්වය හිමිකර ගනී. කරන වැඩකටයුතුවල අවුල් තත්ත්වයක් ඇතිවේ. ඉඩම් දේපල සපයා ගැනීමට උනන්දුවෙයි. හෘද රෝග වැළඳිය හැකිය

මීරිගම, විද්‍යාල මාවතේ ජ්‍යොතිෂවේදී කලාභූෂණ 
ආර්.ඇම්.ටී.බී. රත්නායක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00