2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

HIT TIPS

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

කොළඹ විසාඛා සියවස් සැණකෙළිය

කොළඹ විසාකා විද්‍යාලයට  සියවසක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන Visakha Centenary Carnival අප්‍රේල් 7 සහ 8 දවස්වල කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 7 වැනිදා වායෝ සංගීත කණ්ඩායමත් 8 වැනිදා මේරියන්ස් සංගීත කණ්ඩායමත් ඊට එක්වෙනවා. සවස 4 ඉඳන් මධ්‍යම රාත්‍රිය වනතුරු මේ සැණකෙළිය පැවැත්වෙනවා. 

රටවල් හයක වේදිකා නාට්‍ය දැක්මක්

ශ්‍රී ලංකාව, ජර්මනිය, ඉන්දියාව, ආර්මේනියාව, බෙලරූස්, ස්වීඩනය හා ප්‍රංශය යන රටවල වේදිකා නාට්‍ය නිර්මාණ එකම වේදිකාවකට ගෙනෙන Colombo International Theatre Festival අප්‍රේල් 4 සිට 7 වෙනතුරු කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වෙනවා.