2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

සුන්දර බොගවන්තලාව මිටියාවතේ The farm resort ’Castlereigh’

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

දික්ඔය Castlereigh ජලාශයට යාබදව සුන්දර තේවතු හා ගොවිපළවල් මධ්‍යයේ පිහිටා ඇති සුන්දර නවාතැනක් ගැනයි මේ කතාව. එය නමින් The farm resort 'Castlereigh'. මෙය පිහිටලා තියෙන්නේ සුන්දර බොගවන්තලාව මිටියාවතේ මුහුදු මට්ටමින් අඩි 3500ක් පමණ උසින්. කොළඹ සිට පැය 4ක් පමණ ගමනකින් ඇති මේ සුන්දර වතු බංගලාවට ළඟාවෙන්න පුළුවන්. නූතන පන්නයේ පහසුකම් සියල්ලගෙන්ම පාහේ සම්පුර්ණ මේ තැන ඔබට සුවපහසු නිවාඩුවක් තිළිණ කරනවා.

Chalet 4ක්, Suits 4ක්, කාමර 2ක් සහිත බංගලාවක්, Standard Rooms 2ක් ඇතුළු තරු පන්තියේ කාමර 14කින් හෝටලය සමන්විතයි. විශේෂිත නවීන පහසුකම් සියල්ලගෙන්ම අංගසම්පූර්ණයි.

දේශීය විදේශීය ආහාර රැසක් ඔවුන්ගේ මෙනුවට අන්තර්ගතයි. යටත්විජිත යුගයේ ආකාරයට සැකසූ ඉංග්‍රීසි පන්නයේ උදේ ආහාර වේලක්, දේශීය පන්නයේ BBQ ආදී සුවිශේෂී ආහාර කිහිපයක්ද ඔවුන් සතුයි. නැවුම් එළවළු හා පළතුරු අමුද්‍රව්‍ය කොටගන්න නිසාවෙන් ආහාර තවත් රසවත්.

The farm resort 'castlereigh' ලැගුම්ගන්න ඔබට නුවරඑළිය සංචාරක ස්ථාන වෙත පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ගොවිපළවල්, තේ වතු නරඹන්නටත් හැකියි. ඉතින් ඔබත් මේ සුන්දර නිස්කලංක නවාතැනේ අපුරු නිවාඩුවක් ගතකරන්න අමතක කරන්න එපා.

සනත් වීරසූරිය
සේයාරූ: ශාන් බන්දු වීරසිංහ