2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

සරල ඉතාලි ආහාර වේලක රස ගෙනෙන ’3 Brothers Italian Bistro’

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

'සාම්ප්‍රදායික' හා 'සරල' කියන වදන් නිරන්තරයෙන්ම ඉතාලියානු ආහාර සමඟ බැඳී තියෙනවා. ඉතින් මේ සාම්ප්‍රදායික සරල ඉතාලි ආහාර වේලක් ලංකාවෙ ඉඳන්ම රසවිඳින්න නම් අපූරැම තැන 3 Brothers Italian Bistro.

චීස් සිට වයින් දක්වා උසස් තත්වයේ අමුද්‍රව්‍ය බොහොමයක් ආනයනය කරන නිසාවෙන් ඔවුන්ගේ ආහාරත් එලෙස උසස් තත්වයේ පතිනවා. ආහාර වගේම Italian Cocktailත් හරිම ජනප්‍රියයි.

ඉතාලියානු ආහාර කිව්වම අපිට නිරායාසයෙන්ම මතකෙට නැගෙන පැස්ටාවලටත් වඩා රසවත් ආහාර බොහොමයකින් ඔවුන්ගේ මෙනුව සමන්විතයි. Sauteed Mushroom, Sage a Truffle Oil Bruschetta, the Chicken Parm, the Spicy Italian Chorizo and Mozzarella, Charred Leeks, Potato, Herbs, Cheddar and White Sauce ආදී විවිධත්වයෙන් යුතු ආහාර බොහොමයක් එහි ඇතුළත්. බීම වර්ග විදිහට නම් මම තෝරගත්තෙ Cookies and Cream Milkshake, Vietnamese Iced Coffee. හරිම රසවත්.

දැනට නම් ඔවුන් දහවල් ආහාරය සඳහා විවෘත නොකළත් ඉදිරියේදී ඒ සඳහාත් බලාපොරොත්තුවක් තියෙන බවයි දැනගන්න ලැබුණෙ. ඉතින් මේ මිත්‍රශීලී රසවත් අවන්හලට ගොඩවැදිලා ඉතාලියානු අත්දැකීමක් විඳගන්න ඔබටත් පුළුවන්.

සටහන සේයාරූ : Life.lk ඇසුරින්