2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

නයි මිරිස් ඔම්ලට් - චීස් ඇන්ඩ් කොච්චි Okra kitchen

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 132

Colombo city center හී අපූරු දේශීය අවන්හල, Okra. රවී සහ සේපාලි විසින් සම්ප්‍රදායික දේශීය ආහාර වට්ටෝරු මගින් ආරම්භ කළ මේ Okra kitchen එකේ වැදගත්ම දෙය තමයි ආප්ප!

ආප්ප කියන්නෙ කොහොමත් හැමෝගෙම රස නහර පිනායන ආහාරයක් නේ. නමුත් Okra kitchen එකේ ආප්ප නම් ඔබට අමුතුම අත්දැකීමක් වේවි.

සීනි සම්බල් හෝ හතු ව්‍යාංජනයක් සමඟ සැරම සැර Nai miris omelet hoppers, Cheese and kochchi hoppers, සුපුරුදු පැණි ආප්ප හෙවත් කිරි ආප්පවලට එහා ගිය රසයක් එක්ක coconut milk nad jaggery hoppers සහ අවසානයේ පුදුම හිතෙන Chocolate hoppers තමයි ඔවුන්ගෙ මෙනුවෙන් මම අත්හදා බැලුවෙ. විශේෂයෙන්ම chocolate සහ ice cream එක්ක ආප්ප අපිට නුපුරුදු වුණත් පුදුම හිතෙන තරම් රසවත්. මේ දේවල් එක්ක මාළු ඔළු කරි, මාළු ඇඹුල් තියල්, Roast chicken ඇඹුල් තියල් ආදී ව්‍යංජන වර්ගත් ඔවුන් පිරිනමනවා.

වෙනස්ම අත්දැකීමක් විඳගන්න පුරුදු රසය වෙනස්ම අයුරකින්  අත්හදා බලන්න අපූරැම තැන Okra kitchen වෙත ගොඩවෙන්න ඔබත් අමතක කරන්න එපා.

සටහන සේයාරූ : Life.lk ඇසුරින්