2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

මහජන නියෝජිතයන්ට අයහපත් කාලයක්

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

ග්‍රහමණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට මිත්‍රරාශි භවනක් වූ බ්‍රහස්පතිට අයත් ධනු රාශියට 2020 පෙබරවාරි 8 වන ශනි දින පාන්දර 3 පසුවී විනාඩි පනස් එකට පිවිස 2020 මාර්තු 22 වන ඉරු දින සවස 2 පසුවී විනාඩි හතළිහ දක්වාම ගමන් කරනු ඇත.

අඟහරු ධනු රාශිගත වීම තුළින් අප රටට ඇතිවන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී සුවිශේෂ කරුණු අනාවරණය වෙයි.

ආරක්ෂක අංශවල දියුණුව වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන කාලයක් වන අතර නවීන යුද ආයුධ උපකරණ ආරක්ෂක අංශ වෙත ලබාදීමක් ද සිදුවන බව පැවසිය හැකිය.

ගමනා ගමනය සඳහා ප්‍රමුඛ වන දුම්රිය සේවා සඳහා ද මහජනයාට හිතැති වෙනස්කම් සිදුකරන කාලයකි. මහජන නියෝජිත මන්ත්‍රීවරැන්ට අයහපත් සමයක් වන අතර හදිසි ලෙඩරෝග මෙන්ම අතරමඟ කරදර සහ මාරක ද යෙදෙන කාලයක් වේ. රට තුළ උණ සම්බන්ධ වෛරස් රෝගයක් පැතිර යාමෙන් ජන ජීවිතවලට තර්ජන ඇතිවනු ඇත. ධීවර යාත්‍රා ගිනි ගැනීමක් ද වාර්තා වනු ඇත. පාසල්, විනෝද ස්ථාන සමාජ ශාලා ආශ්‍රිතව අශුභ සිදුවීම් ද ආහාර විෂ වීම් ද හදිසි ගිනි ගැනීමක්ද විය හැකිය.
විදේශීය වශයෙන් විමසීමේදී යාත්‍රා, නැව් හදිසි ගිනිගැනීම්වලට ලක්වීමක්ද අහස්යානා කඩා වැටීම් හා ගිනි ගැනීම්ද වාර්තා වනු ඇත. ප්‍රසිද්ධ නීති විශාරදයකුට මාරක වේ. භූ චලනයක් හේතුවෙන් දේපල විනාශ වීමක්ද වන කාලයකි. මගීන් රුසක් රුගත් බස් රථ හදිසි අනතුරැවලට ලක්වීමත් ප්‍රපාතවලට පෙරලීම් ද වාර්තා වනවා ඇත.

මේෂ - උරුම හිමිකම් ලැබේ

ඔබ විසින් කරනු ලබන කාර්යන්හි බලාපොරොත්තු වන්නාවූ ඵලය ඔබට ලබාගත නොහැකි වෙයි. යම්යම් බොරැ ආරංචි නිසා බිය වීමට ලක්වනු ඇත. තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ශුභඵල ගෙන දෙනු ඇත. උරැම හිමිකම්ද ලබාගත හැකි වන කාලයක් වේ.

වෘෂභ - මිතුරන්ගෙන් පරිස්සම්වන්න

මිතුරන්ගෙන් ප්‍රශ්න ඇති විය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුවේ. තම දේ රුකගෙන කටයුතු කිරීමට උත්සහා දරණ කාලයක් ද වේ. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරෙස්සමෙන් කටයුතු කරන්න. ශරීරයේ ලේ උෂ්ණ ගතියක් ද ඇතිවේ. 

මිථුන - උදර රෝග

විශාල ලෙස මුදල් යොදවා කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු අතර මුදල් අනවශ්‍ය ලෙස වියදම් වන කාලයකි. පවුල් දිවියේ ද සමගිය පළුදු වන ආකාරයේ ප්‍රශ්න ඇතිවන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. උදරයේ රෝගයකට ප්‍රතිකාර ගැනීමට ද සිදුවන කාලයක් වේ.

කටක - සතුරන් පරදී

ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පරාජය කරමින් කටයුතු කිරීමට හැකිවන අතර සේවා ස්ථානයේ වෙනසක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ට කර ගත හැකි වන කාලයක් ද වේ. අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අයට බාධා ගෙනදෙන කාලයකි. උණ රෝග පීඩාවලින් පරිස්සම් විය යුතුවේ.

සිංහ - කේන්ති ගති

විරැද්ධ ලිංගික බැඳීම් ඇති වන කාලයක් වන අතර හදිසි කේන්ති ගති ද ඇතිවනු ඇත. රථවාහනවල කටයුතු කරන අයට ලාභද භූමිය ආශ්‍රිතව හා කටයුතු කරන අයට යහපත් ඵලද අත්වන කාලයක් වේ. මුත්‍රා පීඩාවක් ඇතිවන්නට ඉඩ ඇත.

කන්‍යා - ධන නාස්තිය

උරුම හිමිකම් ලබාගත හැකි වන කාලයක් වේ. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යන අතර යම්කිසි ආරංචියක් නිසා තම ධනය නිකරුණේ වියදම් වී යනවා ඇත. අතර පවුල් දිවියේ ද යම් යම් ප්‍රශ්න හා ගැටලු මතුවන සමයකි.

තුලා - සතුරන් මඩී

කාර්මික තාක්ෂණික අංශවල කටයුතු කරන අයට ශුභඵල අත්වන කාලයක් වේ. ඔබට එරෙහි සතුරැ උපද්‍රව පරාජය කරගෙන ඉදිරියට කටයුතු කිරීමට හැකියාව අත්වනු ඇත. සහෝදරයන් සමඟ මතභේද ඇතිවන සමයකි. 

වෘශ්චික - හදිසි ධන ලාභ

ඔබගේ දේ රැකගෙන කටයුතු කිරීමට උත්සහ දරණ කාලයකි. විරැද්ධ ලිංගික බැඳීම් ඇතිවනු ඇත. හදිසි ලාභ අත්වන අතර තම හිතවතුන්ගෙන් තමා හට යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

ධනු - මත ගැටුම්

හදිසි කේන්ති ගති ඇති වන අතර පවුල් දිවියේද මත ගැටුම් ඇතිවන කාලයක් වේ. උරුම හිමිකම් ලබාගැනීමට උත්සහ දරණ අතර නීතිමය ප්‍රශ්නයක් ඇති විය හැකි බැවින් පරිස්සම් විය යුතුය.

මකර - සතුරන් පරදි

යම්කිසි ආරංචියක් නිසා තැති ගැනීමට ලක්වන කාලයක් වන අතර ඔබට එරෙහිව පැවති සතුරැ උපද්‍රව පරාජය කිරීමට හැකියාව අත්වනු ඇත. කාර්මික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵලඅත්වන සමයකි.

කුම්භ - ලිංගික බැඳීම්

භූමිය ආශ්‍රිතව මෙන්ම රථ වාහනවල කටයුතු කරන අයට යහපත් ඵල ගෙනදෙන කාලයකි. විරුද්ධ ලිංගික බැඳීම් වර්ධනය වනු ඇත. විසිතුරැ දේවල් මිලදී ගැනීමට සිත් පහල වනවා ඇත.

මීන - උරුම හිමිකම් ලැබේ

ඔබගේ මතයට කටයුතු සිදුකරන කාලයක් වන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යන කාලයක් ද වේ. තම උරුම හිමිකම් ලබා ගත හැකි වන අතර උදරය ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00