2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

පානදුර වෙරළට සංචාරකයන් කැන්දන Jie Jie Beach by Jetwing

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

පානදුර කියන්නෙ ලංකාවෙ අනෙකුත් සංචාරක කලාපයන් හා ගත් කල එතරම් සංචාරක ආකර්ශනයක් දිනාගත් නගරයක් නොවුණත් සුන්දර වෙරළ තීරයත් සමඟ කෙමෙන් කෙමෙන් සංචාරක ආකර්ශනය නතු කරගන්න හදන ප්‍රදේශයක්. පානදුර ප්‍රදේශයේ තියෙන ප්‍රමුඛ පෙළ හෝටලයක් තමයි මේ jie jie beach by jetwing කියන්නේ.

4 star + හෝටලයක් වන jie jie beach සුන්දර ඉන්දියන් සාගරයට මායිම් වුණු deluxe කාමර 102ක් සහ උද්‍යානයට මුහුණලා ඉඳිකළ කාමර 72ක් ඇතුළුව කාමර 180කින් සමන්විතයි. කාමර සියල්ලක්ම උසස් තත්ත්වයේ සියලුම පහසුකම්වලින් අංගසම්පූර්ණයි.

හෝටලයේ ප්‍රධාන අවන්හල් 2ක් වන අතර බටහිර ආසියාතික මෙන්ම දේශීය ආහාර ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම චීන ආහාර සඳහා වෙන්වුණු Golden silk හී චීන කෝකියන් අතින්ම නිමැවුණු ආහාර රසවිඳින්න පුළුවන්. ඒ වගේම pool bar, lounge cafe, karaoke lounge වලිනුත් බීම වර්ග snacks ආදිය රසවිඳින්න පුළුවන්.

හෝටලය 550කට පමණ පහසුකම් සහිත banquet hall සහ spa එකකින් සමන්විතයි. විදේශිකයන්ට වගේම දේශීය සංචාරකයන්ටත් අපූරු තැනක්. Richmond castle, Bawa’s brief garden සිට පාහියන්ගල දක්වා බොහෝ දෑ නරඹන්නටත් පාපැදි සවාරි යන්නත් jie jie beach හී ලැගුම් ගන්න ඔබට පුළුවන්. නමුත් සංචාරකයන්ගේ නිරායාසයෙන්ම ආකර්ශණය වෙන්නෙ නම්  වෙරළ ක්‍රීඩාවන්ට.

ඉතින් පානදුර වෙරළේ jie jie beach by jetwing අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි.

සනත් වීරසුරිය 
සේයාරූ : නීල් සිරිවීර

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00