2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

බම්බලපිටියට අලුතින් එක්වුණු සියවසක් පැරැණි Green Cabin pastry shop

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

Green Cabin pastry shop එකේ ඉතිහාසය 1884 තරම් ඈතට දිව යන්නක්. පවුලේ ව්‍යාපාරයක් ලෙස ඇරඹුණු මේ අවන්හලේ වර්තමාන සාමාජිකයා නැත්නම් CEO තමයි රෙවන්ත දේවසුරේන්ද්‍ර. මෙහි සේවය කරන ඇතැම් සේවකයන් වසර 40ටත් වඩා Green Cabin එක්ක එකතුවෙලා ඉන්න අය. ඉතින් වටිනා කියන අවන්හලක් වන Green Cabin බම්බලපිටිය විශාකා මාවතේ ඉපැරැණි ගොඩනැගිල්ලක නූතන අලංකාරයන්ගෙන් යුතුව ඔවුන්ගේ අලුත්ම ශාඛාව විවෘත කළා.

රසම රස අන්නාසි බීම එකක් රසවිඳපු මම ඔවුන්ගේ මෙනුව දිහාටයි හැරුණේ. ඉස්සො වඩේ, සමෝසා, hot butter cuttlefish, ආප්ප, කොත්තු වගේ තව බොහෝමයක් අපේ සුපුරුදු ආහාර රසවිඳින්න මට පුළුවන් වුණා. හැබැයි ඒ සුපුරුදු බවට එහා ගිය විශේෂ රසයකුත් එක්ක. විශේෂයෙන්ම මල් හැඩයක් ගත්තු බිත්තර ආප්ප සේවක මණ්ඩලයේ පළපුරුද්ද කියාපෑවා. ඒ වගේමයි විවිධ වර්ගයේ මස් කරි හරි අපූරුවට ඔවුන් පිළිගැන්නුවා. ඒ වගේම කකුළුවන් කරිය සහ හතු කරිය. ඔබ කැමති නම් බෙල්ලන් ආහාරයටත් හොඳම තැනක් තමයි Green Cabin.

විශේෂයෙන්ම මුහුදු ආහාර හා දේශීය ආහාර ප්‍රිය කරන ඔබට සියවසකට වඩා විශ්වාසය දිනාගත් Green Cabin නැවුම් හදවතට දැනෙන අත්දැකීමක් වේවි.

සටහන සේයාරූ : Life ඇසුරිනි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00