2017 මාර්තු 25 වන සෙනසුරාදා

දර පෝරණුවේ හදන හාර්පෝ පිට්සා කඩේ - ඉතාලි හැඩේට ලංකාවේ රසෙන්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

මගේ හොඳ මිතුරෙක් වන හාර්පෝ අලුතින් නුගේගොඩ නගරයේ ආරම්භ කරපු එයාගේ Harpo Pizza කඩේට මම ළඟදි ගොඩවුණා. මේක පිහිටලා තියෙන්නේ ජුබිලි කණුව වට රවුම ආසන්නයේ ඒ කියන්නෙ ස්ටැන්ලි තිලකරත්න මාවතේයි.  

කාර්යබහුල නුගේගොඩ නගරයේ සුන්දර පෙනුමකින් නිර්මාණය කරලා තියෙන මේ පිට්සා අවන්හලේ ආසනත් බොහොම වර්ණවත්. ඒ වගේම ගෙදර හදපු රසවත් ජින්ජර් බියර් මෙහි තියෙනවා.  

මෙහි හැදෙන හැම පිට්සා එකක්ම දර උඳුන්වලින් හදන ඒවා. ඒ රසය හැම පිට්සා එකකම තියෙනවා. කොහොම වුණත් මම තෝරගත්තේ හැමදාම මම ආසා කරපු පිට්සා එක වන pancetta and parmigiano. 

ඉතාලි පිට්සා එකට මේ වෙනකොට ශ්‍රී ලාංකික බවක් එකතු කරන්නත් Harpo Pizza අමතක කරලා නැහැ. ඒ Cuttlefish Pizza සහ Chicken & Egg පිට්සා වගේ දේවල්වලින්. 

පිට්සා වගේම විවිධ පැස්ටා වර්ග රැසකුත් මෙතැන පිළිගන්වනවා. ඉස්සන් සහිත පැස්ටා එක හොඳ පෙනුමට තිබුණත් බඩේ ඉඩ තිබුණෙ නැති නිසා ඒකෙ රස බැලීම මම තාවකාලිකව කල්දැම්මා. ඉතාලි පිට්සා සහ පැස්ටා නියම රසයෙක් භුක්ති විඳින්න හොඳම තැනක් තමයි මේ. 

 ධනූ (ඩේලි මිරර් ලයිෆ්)

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00