2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ලෝ පතළ උණවටුන වෙරළේ පාරාදීසය Sanmira Renaissance

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

ලොව සුන්දරම වෙරළ තීරයන් අතරට රන් පැහැ වැල්ලෙන් හැඩ වූ උණවටුන වෙරළ තීරය ද එක්වන බව නොරහසක්. හිරු රැස් විඳින්නට, සමුදුර දකින්නට පමණක් නොව, වාසනාව හිමි සංචාරකයන්ට කැස්බෑ බිත්තර දමන අයුරු දකින්නත් උණවටුන වෙරළ තීරයේදී හැකියාව ලැබෙනවා.

එවන් පාරාදීසයක තියෙන තරු පන්තියේ හෝටලයක් තමයි Sanmira Renaissance කියන්නෙ. ඉන්දියන් සාගරයේ අපූරු දසුන් නෙත ගැටෙන සුඛෝපභෝගී කාමර 30කින්, නාන තටාක, උද්‍යාන, Pub style bar එක ආදී පහසුකම් බොහොමයකින් මෙය අංගසම්පූර්ණයි. ඒවයේම Western Eastern ආහාර රුසකින් ඔබ පිනවන්නටත් ඔවුන් සූදානමින් ඉන්නවා.

මධුසමය ගතකරන්නන් අතරත් Sanmira Renaissance කියන්නෙ ජනප්‍රිය නවාතැනක්. ඓතිහාසික ගාලුකොටුව සංචාරකය, මිරිස්ස ඩොල්ෆින් හා තල්මසුන් නැරඹීම, මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, මඩොල් දූව, රූමස්සල, කොක්ගල කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය ආදී බොහෝ ස්ථාන සඳහා සංචාරකයන්ට Sanmira Renaissance සිට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. සංචාරකයන් වශී කරවන මේ සුන්දර වෙරළ තීරයේ නිස්කලංක නිවාඩුවක් සැබැවින්ම අපූරැ අත්දැකීමක් වේවි.

සනත් වීරසූරිය 
සේයා රූ: ශාන් බන්දු වීරසිංහ