2020 ජනවාරි 25 වන සෙනසුරාදා

24 දා සිදු වූ සෙනසුරු මාරුව අපට බලපාන හැටි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 533

කැති නැකතින් - විරහා වේදනා, කළ්‍යාණ මිත්‍රයන් වෙන්වීම, චිත්ත පීඩා ආදියට ගොදුරැ වීම වැනි අවදානම් සහිතයි. හිස, බෙල්ල, මුහුණ යන ස්ථාන අතර ආරක්ෂාවට මුල්තැන දෙන්න. සූර්ය දේවතාවා නමදින්න.විෂ්ණු දෙවි ලක්ෂ්මි දිව්‍යාංගනාවට කන්නලව් කිරීම් සිදු කරන්න. සූරිය පිරිත භාවිතා කරන්න.

රෙහෙන නැකතින් - කරන කියන කටයුතුවලට අවහිර බාධා, සතුරු පීඩා. නොකළ වැරදිවලට චෝදනා අපවාද මතු වේ. කට - දිව - බෙල්ල යන ශරීර අවයව ආරක්ෂාවට මුල් තැන දෙන්න. ශ්‍රී විෂ්ණු - පත්තිනි මෑණියන් යන දෙවි දේවතාවුන් වහන්සේලාට කන්නලව් කරන්න. චන්ද්‍ර පිරිත භාවිතා කරන්න.

අද කැකතින් - තමන්ගේ චංචල හා නිශ්චල දේපල හානිවීමේ පසුබිම් නිර්මාණය වේ. පරම්පරාගත රෝග මෙන්ම හදිසියේ මුහුණ දෙන සෘණ වේගාත්මක ස්වභාවයන් නිසා ශාරීරික පීඩා ගෙන දේ. බෙල්ල - උරහිස් - දෑත් ආරක්ෂාවට මුල් තැන දෙන්න. ශ්‍රී විෂ්ණු සූනියම් යන දෙවිවරැන්ට කන්නලව් කරන්න. ඇස රවටන අබරණ සහිතව පූජා වට්ටි සහ ප්‍රදානයන් සුදුසුයි.

උත්‍රපල් නැකතින් - ඔබගේ රුකිරක්ෂා කටයුතු ව්‍යාපාර ආදියට විවිධ අවහිර බාධා ගෙන දේ. රැකියාව අහිමි වීමේ අවදානමක් ද පවතී. ශරීරයේ අක්මාව - බඩවැල් - ආහාර ජීර්ණ පද්ධතිය යන ඉන්ද්‍රියන්වල ආරක්ෂාව පිළිබඳව අවධානය යොමන්න. විෂ්ණු - ඊශ්වර - කතරගම යන දෙවිවරැන්ට පුද පූජා තබා බාරහාර වෙන්න. සූරිය පිරිත භාවිත කරන්න.

උත්‍රසළ නැකතින් - ස්වභාවික ප්‍රතිශක්තිකරණය බලවර්ධනය නොකළොත් ආසාධන රෝගයකට මුහුණ දේ. මත්පැන් එපා. පරිස්සමින් ගමන් නොකළොත් හදිසි අනතුරැ පීඩා. දෙපා - අස්ථි, කලව ප්‍රදේශ ආරක්ෂාවට මුල්තැන දෙන්න. සෙනසුරැ ග්‍රහ කන්නලව්වක යෙදෙන්න. අභිසම්භිදාන පිරිත භාවිතා කරන්න.

ලග්න අනුව ප්‍රතිකර්ම

මේෂ - අන් අයට මුලා වීමේ අවදානම. රැධිර දෝෂ ඇති වේ. පූජ්‍ය පක්ෂයේ අවවාද උපකාර ලබාගත යුතුයි. හදිසි අවදානම පවතී. සෙනසුරැ ගමන මිත්‍ර හා අයස්ථානයේය. නව රුකියා ලාභ. ක්ෂීරපාන බුද්ධ පූජා, විෂ්ණු දෙවියන්ට නිල් සළු පූජා, කතරගම දෙවියන්ට මී පැණි පූජා තබන්න. ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඉල්ලා සිටින්න.

වෘෂභ - සෙනසුරු ගමනට නමවැන්න පාදක වෙයි. අමතර ආදායම් ලැබේ. පිය පක්ෂයේ උරුම හිමිකම් පිළිබඳව අවධානය යොමු කිරීම යහපති. උසස් අධ්‍යාපනය සාර්ථක කරගත හැක. හදිසි අනතුරු වළකා ගැනීමට කටයුතු කළ යුතුය. ක්ෂීරපාන බුද්ධ පූජා පැවැත්වීම, ලක්ෂ්මී - පත්තිනි යන දිව්‍යාංගණාවන්ට පින් අනුමෝදන් කිරීමේ පූජා පැවැත්වීම සිදු කරන්න. සූරිය පිරිත අභිසම්භිදාන පිරිත භාවිතා කරන්න.

මිථුන - අන්තිම කැමති පත්‍ර මෙන් අන්සතු ධනය - දෑවැදි ආදිය ලැබීමට භාග්‍යය ඇත. දෙපා ආරක්ෂා කරගන්න. සීනි, තෙල් කෑම භාවිතය අවම කරගන්න. හදිසි අනතුරු ආදියෙන් වැළකිය යුතුය යන මානසිකත්වයෙන් කටයුතු කරන්න. සුවඳ වර්ග බුද්ධ පූජා, විෂ්ණු දෙවියන්ට මල් මාලා පූජා තබන්න. සෙනසුරු ග්‍රහ කන්නලව්වක් සිදු කරගන්න. ජය පිරිත භාවිතා කරන්න.

කටක - හවුල් බාධක ස්ථානය පාදක කරගෙන සෙනසුරු ගමන ක්‍රියාත්මක වෙයි. බලාපොරොත්තු ඉටුකර ගැනීමේදී තුන්වරක් උත්සාහ කළ යුතු වෙයි. සාර්ථක කරගත හැක. සල්මල් - සුදු නෙළුම් මල් ආදියෙන් බුද්ධ පූජා, දේව පූජා පවත්වන්න. දියර ඖෂධ පරිත්‍යාගයන් සිදු කරන්න. ශ්‍රී මහා බෝධියට දාන කිරිපිඬු පූජා සිව්රැ පිරිකර පූජාවන් සිදුකර බාරවීම් කරන්න.

සිංහ - ඉදිරිපත් වන සතුරන් මෙල්ල කළ හැක. පැටලීමට ඉඩ ඇති නඩුවෙන් ජය ගැනීමට නඩු ජය ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කළයුතු වෙයි. අල්ලස් චෝදනාවක් මතුවිය හැකි නිසා සන්තෝසම් ගන්න එපා. විෂ්ණු - ඊශ්වර - කතරගම දෙවිවරැන්ට පින් දෙන පූජා පවත්වන්න. හස්තීන්ට - ගවයන්ට ආහාර පාන ලබා දෙන්න. මන්ද මානසික අයට පරිත්‍යාග සිදු කරන්න. අංගුලිමාල ආරක්ෂක පිරිත භාවිතා කරන්න.

කන්‍යා - පස්වැන්න පාදක කරගෙන ශනි ගෝචරය ක්‍රියාත්මක වෙයි. පැරණි දේපල පෞරාණික භෞතික සම්පත් ලැබීමට නියමිතය. චිත්ත පීඩා මෙන්ම පපුව හෘදය වස්තුව ආශ්‍රිතව පීඩාවලින් වැළකීමට කටයුතු කරන්න. නිදන්ගත රෝගාබාධ පවතින රෝගීන්ට ඇප උපකාර සත්කාර සාත්තු සප්පායම් බේත් හේත් ලබාදීම සිදු කරන්න. ලක්ෂ්මි පූජාවන් තබන්න. සීවලී දැහැන සුරිත පිරිත භාවිතා කරන්න.

තුලා - සිව්වැන්න පාදක කරගෙන ශනි ග්‍රහයා ඔබට ක්‍රියාත්මක වෙයි. අටලෝදහම ගැන සිතමින් කටයුතු කර ජය ලැබිය යුතුයි. දූෂමාණ චෝදනාවලට ලක්වෙයි. කීර්තිය විනාශ කිරීමට සතුරන් මතු වෙයි. අලුත් තනතුරකට නියමිතයි. සතුරු දපන අංගුලිමාලි දැහැන භාවිතා කරන්න. බුදුන්ට හඳුන් තෙල් ආලෝක පූජා පවත්වන්න. කතරගම දෙවියන්ට පස් තෙල්, පහන් ආලෝක පූජා තබන්න. කඩවර දෙවියන්ට පන්දම් ආලෝක පූජා තබන්න.

වෘශ්චික - වික්‍රමස්ථානය පාදක කරගෙන සෙනසුරා ක්‍රියාත්මක වෙයි. විවිධ දේ පිළිබඳව සැළසුම් සකස් කිරීමට සුදුසුයි. අලුතින් ඉඩකඩම් දේපල ලැබේ. අරටු සහිත වෘක්ෂ වගාවක් සිදු කිරීම යහපති. සීනු ආදී දිව්‍යාභරණ පූජාව ඉතා සුදුසුයි. දන්ත ධාතූන් වහන්සේට පුද පූජාවන් පවත්වන්න. දස දිසා, පිරිත - ජයමංගල ගාථා - සූරිය පිරිත භාවිතය තුළින් ප්‍රබල අපල මඟහරවා ගත හැක.

ධනු - ධනස්ථානගතව සෙනසුරා සැරිසරයි. බොහෝ දේ පරිත්‍යාග ලෙස ලැබීමට නියමිතය. නමුත් ඒවා නිසා නොතේරැම්කම මත රැවටිල්ලකට ගොදුරු විය හැක. තීක්ෂණ නුවණ මෙන්ම බහුශ්‍රැතයන්ගේ ආධාර උපකාර අනුශාසනා ලබාගන්න. බුදුන්ට මල් මාලා පුදන්න. ඇස් රවටන ආභරණ සහිතව දේව පූජා තබන්න. තුන් සූත්‍රය - සීවලී පිරිත - ජිනපංජරය භාවිතා කරන්න.

මකර - තීක්ෂණ කල්පනා ශක්තියක් ගෙන දෙන්නට සෙනසුරා නව කේන්ද්‍ර බලයෙන් ලග්නයේ බලවත් වෙයි. අලුත් තනතුරු තානාන්තර රැකියා වාසනාව ගෙනදීමට නියමිතය. පුළුවන් තරම් තමන් දන්නා කියන දේ පිළිබඳව අනුන්ට උගන්වා ඥාණ දානය සුදුසුයි. බුදුන්ට ක්ෂිරපාන බුද්ධ පූජාව තබන්න. දියර බෙහෙත් පරිත්‍යාග කර සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. සීවලී පිරිත, සූරිය පිරිත, තුන් සූත්‍රය භාවිතය සුදුසුයි

කුම්භ - මෝක්ෂ ස්ථානය පාදක කරගෙන සෙනසුරැ ගමන සිදුවෙයි. බුද්ධිමත් තීරණ ගතහැකි වීර්යවන්ත ස්වභාවයක් මතුවන කාලයකි. ආනාපාන භාවනාවේ යෙදී අනාගත අභිවෘද්ධිය සැළසෙන ලෙසට තීරණ ගන්න. දසදිසා පිරිත - ජයමංගල ගාථා - සීවලී පිරිත භාවිතා කිරීම ඉතාමත්ම සුදුසුයි.

මීන - අයස්ථානයේ තම බල පරාක්‍රමය සෙනසුරු විසින් යොදවනු ඇත. මෙතෙක් කල් ගිලිහී ගිය සෑම සියලු දේම නැවත ඇතිකර ගැනීමට උත්සාහයේ යෙදිය යුතුයි. පෝ දින පෙහේවස් සමාදන් වීම ඉතා උතුම්. නිල් වස්ත්‍ර, නිල් සළු පූජා සහ පරිත්‍යාග සිදු කරන්න. දිග දුර බලා තීරණ ගන්න. පූජ්‍ය පක්ෂයේ අනුශාසනා ලබාගන්න. සතුරැ දවන අංගුලිමාල පිරිත - ජය පිරිත - සූරිය පිරිත භාවිත කරන්න.

 

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී