2020 ජනවාරි 18 වන සෙනසුරාදා

සීතාවක පුරයේ දම්පාට හිරුගේ පාරාදීසය Purple Sun Resort

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

ඓතිහාසික සීතාවක සොඳුරු නවාතැන්පොළ purple sun. කොළඹ නගරයට ආසන්නව නිස්කලංක නිවාඩුවකට කැමැති ඔබට Purple sun resort (PSR) අපූරු නවාතැන්පොළක් වේවි.

2009 වසරේ කාමර 6කින් යුතු කුඩා හෝටලයක් ලෙස ආරම්භ කළද අද වනවිට Deluxe 8ක්, Premium Deluxe 7ක්, Mini Suite rooms 2ක් ඇතුළු කාමර 20ක්, banquet halls 3ක්, swimming pools 2ක් සහිත සුඛෝපභෝගී හෝටලයක් බවට පත්වෙලා. සෑම කාමරයක්ම cable TV, Wifi, IDD, tea/coffee maker ආදී පහසුකම් රැසකින් අංගසම්පූර්ණයි.

මංගල උත්සව සඳහා ප්‍රදේශයේ ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන PSR හි තවත් එක් විශේෂත්වයක් තමයි The Bunker කියන්නෙ. Rock Climbing, Zip line, Abseiling, Archery, Target Shooting, Giant ladder, Rope course සහ අවසානයේ the camp fire session එක අත්විඳින්නත් හැමෝටම පුළුවන්. Cricket, Volleyball, badminton ආදී ක්‍රීඩාවන් සඳහාත් ඔවුන් පහසුකම් සපයනවා. මේ එළිමහන් ක්‍රියාකාරකම් නිසා හෝටලය තරුණ සංචාරකයන් අතර ජනප්‍රියයි.

දේශීය ග්‍රාමීය ආහාරවේලේ සිට තරු පන්තියේ ආහාරවේලක් දක්වා western, Eastern, Chinese ආදී විවිධත්වයෙන් යුතුව ආහාර පිළිගන්වන්න ඔවුන් සූදානම්. විශේෂයෙන් ඔබ වෙනුවෙන් BBQ රාත්‍රීන් සංවිධානය කරන්නත් ඔවුන් සූදානම්.

PSR හි ලැගුම් ගන්නා ඔබට ඓතිහාසික සීතාවක රාජධානියේ නටබුන් නරඹන්නටත් අවස්ථාව සැලසෙනවා. සිංහරාජ වනාන්තරය, උඩවලව වනජීවී අභයභූමිය, හෝර්ටන්තැන්න, නුවරඑළිය, ශ්‍රී පාදය, සමන් දේවාලය, මහනුවර පිහිටි දන්තධාතු මන්දිරය, බෙලි ලෙන සහ තවත් බොහෝ ස්ථාන සඳහා සංචාරය කරන්න කදිම පදනමක් ලෙසත් PSR හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබත් මේ දම් පාට හිරැගේ අත්දැකීම විඳගන්න අමතක කරන්න එපා.

 සනත් වීරසූරිය