2020 ජනවාරි 11 වන සෙනසුරාදා

අච්චාරු ලෝලීන්ට කියාපු තැනක් Katto mittoo

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 334

අච්චාරු... මතක් කරපු ගමන් කටට කළ උනනවා නේද? ඉතින් මේ ආරංචිය නම අච්චාරු ලෝලීන්ට සුභ ආරංචියක් වේවි. ස්ට්‍රැඩ්ෆර්ඩ් මාවතේ හා කොලොන්නාවේ පිහිටල තියන Katto mittoo නම් සුවිශේෂී අච්චාරු වෙළෙඳසල් ගැනයි මේ.

මීට වසර අටකට පමණ කලින් අම්නා සහ මොහොමඩ් ආරම්භ කළ මේ ව්‍යාපාරය ලංකාවෙ පළමු හා එකම අච්චාරු ප්‍රදර්ශනාගාරය සහ වෙළෙඳසලයි. මේ වීදි ආහාරයට වටිනාකමක් එක්කරමින් සනීපාරක්ෂාව සහතික කරමින් ඉහළ තලයට ගෙනයන්න ඔවුන්ට පුළුවන් වෙලා.

දිවුල්, අඹ, අන්නාසි, වෙරළු සිට නෙල්ලි සහ ලොවි සමඟ කොස් අච්චාරු දක්වා වර්ග 15ක් පමණ අච්චාරැ වර්ග තියන්වා. මේ හැම එකක්ම ගම්මිරිස්, මිරිස්, කොච්චි යන රස 3කින් තෝරගන්න පුළුවන්. මැනිං වෙළෙඳපොළෙන් දඹුල්ලෙන් සහ ගාල්ලෙන් මිලදී ගන්න මේ පළතුරුවල නැවුම් බව පිළිබඳ සහතික වෙන්න පුළුවන්. විනාකිරි හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් පාවිච්චි නොකරන නිසා 100%ක් විශ්වාසවන්තයි. උදෑසන 7 සිට රාත්‍රී 10.00 විවෘත Katto mittoo වෙත ගිහින් රස නහර පිනායන අච්චාරු රසවිඳින්න ඔබටත් පුළුවන්.

Life.lk ඇසුරින්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00