2020 ජනවාරි 11 වන සෙනසුරාදා

විවාහය පමා වන්නට හේතුව සොයන්න

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 688

තම විවාහය ප්‍රමාද වීම පිළිබඳ බොහෝ දෙනකු ජ්‍යොතිෂවේදීන්ගෙන් විමසන බව පෙනෙන්නට තිබේ. එයට හේතුව තම විවාහය ප්‍රමාද වන්නේ ඒ වනවිට තමාට බලපා ඇති ග්‍රහයන් නිසා යැයි ඔවුන් සලකන බැවිනි. එම අදහසේ යම් සත්‍යතාවයක් ඇත.

ජන්ම කේන්ද්‍රයේ විවාහ කාරක සිකුරු ග්‍රහයා මෙන්ම එහි හත්වැන්නේ ග්‍රහයන් පිහිටා ඇති අන්දම පිළිබඳව ද අවධානය යොමු කළ යුතුවෙයි. අශුභ ග්‍රහයකුගේ නැකතට පිහිටි සෙනසුරු ග්‍රහයා සත්වැන්නේ තැන්පත් වී සිටීම පළමු ආදර සබඳතාව හෝ පළමු විවාහය කඩාකප්පල් වීමට හේතු වෙනවා ඇත.

කෙනකුගේ ලග්න කේන්ද්‍රයේ හත අධිපතියාගේ දසා කාලය මෙන්ම නවාංශක කේන්ද්‍රයේ සිකුරු සිටි නවාංශකය අධිපති ග්‍රහයාගේ දසා කාලය ගැන ද මෙහිදී සලකා බැලීම වැදගත් වේ.

නවාංශක සටහනේ දැක්වෙන 55 වැනි අධිපති ග්‍රහයා රාශි කේන්ද්‍රයේ පාප ග්‍රහයන්ට මැදි වී පිහිටීම විවාහයට දින නියම කරගෙන සිටිය ද කුමන හෝ හේතුවක් ඉදිරිපත් වී එය සිදුවීම පවා කරන බව කිව යුතුය. ග්‍රහ ගෝචරය අනුව පහත දැක්වෙන අවස්ථාවලදී ඔබගේ විවාහය පමා විය හැකි බව කිව යුතුය. එයට විවිධ හේතු ඉදිරිපත් වනු ඇති අතර එම තත්ත්වය වෙනස්වීමට ද හැකියාව ඇත.

1. සිකුරු දශාව ලබා සිටිය ද සෙනසුරැ හෝ රාහු ග්‍රහයන් කේන්ද්‍රයේ සත්වැන්න හරහා ගමන් කරන අවස්ථාව

2. දසා අධිපති ග්‍රහයා 6, 8, 12 වැනි දුෂ්ට රාශියක ගමන් කිරීම

3. ජන්ම ලග්න හෝ චන්ද්‍ර අෂ්ටම ආදී ඒරාශ්ටක පවතින කාලය තුළදී

4. සත්වැන්න හරහා සෙනසුරැ, කේතු ආදී පාපී ග්‍රහයකු ගමන් කිරීම

5. 22 වැනි දෙකර්නාධිපති ග්‍රහයා හෝ අටවැන්නාධිපති ග්‍රහයාගේ දසා කාලය

ඉහත කී සෑම අවස්ථාවකදීම විවාහය පවා වෙනවා ඇත. එසේ වුවද ලග්නයට සුබ ඵල දෙන ග්‍රහයකුගේ බලපෑම නිසා විවාහය සිදුවුවද කෙටි කාලයකින්ම බලවත් ගැටලු ඇති වී විවාහය කඩාකප්පල් වීම සිදුවෙයි. එසේම කුජ ශනි ආදී පාප ග්‍රහයකු විවාහකාරක සිකුරු ග්‍රහයාට යෝග වීම හෝ දෘෂ්ටියකින් සම්බන්ධ වීම නිසා ද විවාහ ජීවිතය බිඳවැටී දෙන්නා දෙපොලට යාම සිදුවිය හැකිය. රාහු ග්‍රහයාගේ බලපෑම නිසාද ගෘහ ජීවිතය අවුල් වී විවාහය දෙදරා යාම සිදුවනවා ඇත. බලවත් සිකුරු දසාව පවතින විට හත්වැන්නේ කුජ ගෝචරයට පත්වුවහොත් විවාහ අතරමගදී කඩාකප්පල් වීම සිදු වේ.

- ආයුර්වේද වෛද්‍ය, ජ්‍යොතිෂවේදී පී. චන්ද්‍රසිරි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00