2020 ජනවාරි 04 වන සෙනසුරාදා

දූෂණ නඩු වැඩියෙන් විභාගයට

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

ග්‍රහ මණ්ඩලයේ මනාලිය වූ සිකුරු සෙනසුරුට අයත් වූ කුම්භ රාශියට 2020 ජනවාරි 9 වැනි කුජ දින පාන්දර හතර පසුවී විනාඩි 22ට පිවිසෙයි. 2020 පෙබරවාරි 3 වැනි සඳු දින පාන්දර දෙක පසුවී විනාඩි 17 දක්වාම මෙලෙස කුම්භරාශියෙහි සිකුරු ගමන් කරනු ඇත.

සිකුරු කුම්භ රාශිගත වීම අප රටට ඇති කරන්නා වූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී රටෙහි ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා රජය විසින් ක්‍රියාමාර්ග ගන්නා වූත් කාලයක් බව කිවයුතුය. කාන්තා අභිවෘද්ධිය උදෙසා ද නව නීති ඇති කරන කාලයකි. කාන්තා අපරාධ ක්‍රියාවල වර්ධනයක් ද සිදුවන කාලයක් වන අතර විනෝද ස්ථාන ආශ්‍රිතව අශුභ සිද්ධීන් ද වාර්තා වනු ඇත. ගායිකාවකට හෝ නිළියකට අශුභ සිද්ධීන්ට මුහුණ දීමට මෙන්ම මාරක ද ඇතිවීමට ඉඩ පවතී. අධිකරණයේ දූෂිත ක්‍රියා සම්බන්ධ අපරාධ නඩු වැඩි වශයෙන් විමසීමට ලක්වන කාලයක් ද වේ.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරැ කිරීම් ද මහජන නියෝජිතයෙකුට මන්ත්‍රීවරයකුට මාරක ඇතිවීමක් ද සිදුවන කාලයක් වේ. රාජකීය විවාහ මංගල්‍යයක් සිදුවන වකවානුවකි. ප්‍රසිද්ධ ලේඛකයකුට, මාධ්‍යවේදියකුට මාරක ඇතිවනු ඇත. දුම්රිය අනතුරක් ද කුඩා ගුවන් යානා අනතුරක් ද වාර්තා වන කාලයක් වේ.

මේෂ - උත්සාහය සාර්ථකයි

තම උත්සාහයෙන් කටයුතු රැසක් සාර්ථක බවට පත්කරගන්නාවූත් කාල වකවානුවක් වේ. තම හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයට යහපත් ඵල අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වෙයි.

වෘෂභ - රැකියා උසස් වීම්

තම මතයට අනුව කටයුතු කරන අයකු බවට පත්වනු ඇත. තමාට රැකියාවෙන් උසස් වීමක් හෝ වෙනත් ස්ථානයකට මාරුවීමට බලාපොරොත්තු වූයේ නම් එම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. තම දරුවකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සිතට සතුටක් ඇති වේ.

මිථුන - ආගමික නැඹුරුව

තම මතයට කටයුතු කරන්නා වූත් කාලයක් වේ. ආගමික කටයුතුවල නිරත වීමට වැඩි වශයෙන් කාලය යොදවන්නා වූ වකවානුවක් වේ. නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් ද වේ.

කටක - වැඩවලට බාධා

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර විශාල වශයෙන් මුදල් යෙදවීම් කිරීමේදී කල්පනාකාරී විය යුතුය. එයින් පාඩු ද අත්විය හැකි කාලයක් වේ. තම කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත.

සිංහ - හවුල් ව්‍යාපාර ඇරඹේ

අවිවාහක අයට යහපත් ඵල අත්වනු ඇත. විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත. ව්‍යාපාරික කටයුතුවලට යහපත් වන අතර හවුල් ව්‍යාපාර ආරම්භයට සුදුසු වන කාලයක් ද වේ. යම්කිසි ආකාරයක සිරවීමක් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කන්‍යා - සෙම් රෝග

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ලබන කාලයක් වේ. තමාට ලබා ගැනීමට නොහැකිව තිබූ යම්කිසි දෙයක් ළඟාකාර ගැනීමට හැකියාව ඇති වේ. සෙම් රෝගාබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවන කාලයක් ද වේ.

තුලා - කලාවට හොඳයි

විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වන කාලයක් වේ. කලා කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙනදෙනු ඇත. අත ඇති මුදල් වියදම් වීමට ලක්වන වකවානුවක් වන අතර ආර්ථික දුෂ්කරතා ද ඇති වේ.

වෘශ්චික - විවාහ යෝජනා

හිතට දුක් ඇතිවන්නා වූත් කාලයක් වන අතර යම් යම් කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වීමේ ගති ද ඇති වනු ඇත. මෙම වකවානුව තුළ අවිවාහක අයකු නම් ඔබ විවාහ යෝජනා ස්ථිර කර ගැනීමට යාමට පෙර හොඳින් කල්පනාකාරීව සොයා බලා තීරණ ගන්න.

ධනු - සැහැල්ලුවෙන් සතුටින්

නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් වෙයි. ‍ලේඛන කටයුතුවල නිරත අයට ශූභ ඵල ගෙන දෙනු ඇත. සැහැල්ලුවෙන් සතුටින් සිටීමට හැකිවන අතර ප්‍රයෝජනවත් කෙටි ගමන් කිහිපයක් යෙදෙන කාලයක් ද වේ.

මකර - සේවා ස්ථානයේ වෙනස්වීම්

අන් අයගේ සිත් ඇදී යන්නාවූත් කාලයක් බවට පත්වනු ඇත. සේවා ස්ථානයන් වෙනස් වීමක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තුව ඉෂ්ඨ වන කාලයක් ද වේ. උගුර ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.

කුම්භ - අලුත් ව්‍යාපාර

ඔබට යහපත් ඵල අත්වන අතර මෙම වකවානුව තුළ අලුතින් ව්‍යාපාර ආර්ම්භයකටද ශුභ වනු ඇත. ඔබ විසින් හවුලේ කරන ලද කාර්යයන්හි ඵල ලබාගත හැකි වන කාලයක් ද වේ.

මීන - සතුන්ගෙන් පරිස්සම් වන්න

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිවන කාලයකි. සතුන්ගෙන් පරිස්සම් විය යුතු අතර හදිසි පීඩාවක් ඇතිවන කාලයකි. පවුල් දිවියේද ප්‍රශ්න, ගැටුම් ඇතිවන්නාවූ කාලයක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00