2020 ජනවාරි 04 වන සෙනසුරාදා

අභයභූමි පොකුර මැද රිටිගල අසබඩ නවාතැන

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

සංස්කෘතික ත්‍රිකෝණය මධ්‍යයේ පිහිටා ඇති හබරණ ප්‍රදේශයේ රිටිගල කන්ද පෙනෙන මානයේ තරු පන්තියේ හෝටලයක් ගැනයි මේ. Sungreen resort and Spa වන සතුන්ට ගහකොළට ඇලුම් කරන සංචාරකයන්ට පමණක් නොවෙයි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, දඹුල්ල ආදී ඓතිහාසික ස්ථාන නරඹන්න බලාපොරොත්තු වන සංචාරකයන්ටත් පහසු ප්‍රවේශ ස්ථානයක තමයි මෙය පිහිටා තියෙන්නෙ.

හෝටලය අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් නිර්මාණය කළ සුඛෝපභෝගී කාමර 39කින් සමන්විතයි. සියල්ලක්ම පාහේ Hot and Cold water, mini bar, cable TV, safe lockers, Wi-Fi ආදියෙන් සමන්විතයි. තවත් විශේෂත්වයක් තමයි නාන තටාකය වටේටයි කාමර ඔක්කොම පිහිටලා තියෙන්නෙ. ඒ වගේම අනෙක් පසින් රිටිගල කන්ද සහ හරිත වන නෙත ගැටෙන පෞද්ගලික බැල්කනියකුත් තියෙනවා.

අමුත්තන් 80කට පමණ ඉඩකඩ සහිත ප්‍රධාන අවන්හලේ ඔබට western eastern ඕනෑම ආහාරයක් රසවිඳින්න පුළුවන්. නිර්මාංශ ආහාරත් මෙහි තවත් විශේෂත්වයක්. අවශ්‍ය නම් තටාකය අසල BBQ රසවිඳින්නත් හැකියි. ප්‍රදේශයේ හොඳම කැරොකේ බාර් එක තියෙන්නෙත් Sungreen resort වල.

මින්නේරිය, කවුඩුල්ල, රිටිගල, හුරුළුවැව ආදී සංචාරක අභයභූමි රැසක සංචාරය කරන්න අවස්ථාව සලසා දෙන මේ අපූරු නවාතැන Sungreen resort and spa ඔබේ නිවාඩුවත් විනෝදජනක එකක් කරනු නොඅනුමානයි.

සනත් වීරසූරිය 
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00