2020 ජනවාරි 04 වන සෙනසුරාදා

HIT TIPS

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

නදීමාල් සහ සනුක සජීවී දැක්ම

නදීමාල් සහ සනුක Line One එක්ක එකතුවෙන මේ සජීවී අත්දැකීම විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී තමයි විඳගන්න ලැබෙන්නේ. දිනය ජනවාරි 12 වැනිදා. වෙලාව සවස 6.30. ඔන්න අලුත් පරපුරේ සංගීතයට ආදරය කරන කාටත් හොඳ අවස්ථාවක්.

වැස්සට පස්සේ ප්‍රසංගය 12දා

අපූරු හඬක් තියෙන කිත්සිරි ජයසේකර ගායන ශිල්පියාගේ මේ ප්‍රසංගය කොළඹ නාලන්දා විද්‍යාලයේ මළලසේකර ශාලාවේ තමා පැවැත්වෙන්නේ. ජනවාරි 12 වැනිදා රාත්‍රී 7ට මේ වැඩේට එකතු වුණොත් ළයාන්විත සොඳුරු රාත්‍රියක් ගත කරන්න පුළුවන්.