2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

කොළඹ 07ට ගිය Roccos පවුලේ නව සාමාජිකයා

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

Roccos කියන්නෙ අව්‍යාජ ඉතාලි ආහාර සඳහා ලාංකීය නිවහනයි. ඔවුන්ගේ අලුත්ම නවාතැන වෙන්න 29A, Gregory’s road, Colombo 7 අලංකාර යටත් විජිත ගොඩනැගිල්ලේ පිහිටලා තියෙන අවන්හලට ගොඩවදින ඔබට පහළ මහලේ ආසන 75ක් වගේම පෞද්ගලික කෑම කාමර තෝරගන්නත් පුළුවන්.

නාවල වගේම අලුත්ම Roccos on gregory  වලටත් විශාල පාරිභෝගිකයන් පිරිසක් ඇදී එනවා. නිරන්තරයෙන්ම නියම ඉතාලි රසය වෙනුවෙන් නැවුම් අමුද්‍රව්‍ය භාවිත කරන ඔවුන්ගේ Pizza නම් අතිවිශිෂ්ටයි. ඔවුන්ගේ විශාල මෙනුවට අලුතින්ම එක් කරපු ආහාර කිහිපයක් තමයි මේ. Beef Carpaccio, Osso Buco, Lamb shank, Cacciatore di melanzane (vegan) තමයි ඒ. කොහොම නමුත් මම නම් තෝරගත්තේ මේ උත්සව සමයට ගැලපෙන ආහාර වේලක්. Honey Glazed Ham, Bacon wrapped king prawns, Turkey Roulade, Ricotta & Spinach Tortellini in creamy mushrooms sause සහ Margherita Pizza තමයි මගේ තෝරාගැනීම. දෙවරක් නොසිතාම කියන්න පුළුවන් හැම ආහාරයක්ම හරිම රසවත්. විශේෂයෙන්ම Tortellini නම් අමතක කරන්නම බෑ. කොහොම නමුත් ඔවුන් පැවසුවේ වඩාත්ම අලෙවි වෙන්නෙ Osso Boco සහ Lamb shank කියල. ඔවුන් සතුව නත්තල් මෙනුවක් පවා තියෙනවා.

ඉතින් මේ උත්සව සමයේ ඔබේ හිතමිතුරන් සමඟ Roccos වෙත ගොඩවැදුණොත් සතුට තව තවත් වැඩිවේවි. ඔබට වාහන නවතා තැබීම ගැනත් කරදර වෙන්න ඕන නෑ. සැබැවින්ම අපුරු අවන්හලක්.

I ධනූ