2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

ආරක්ෂක අංශවල ප්‍රගතිය ඉහළට

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු 2019 – 12 – 25 වැනි බුධ දින රාත්‍රී 9 පසුවී විනාඩි 27ට වෘෂ්චික රාශියට පැමිණේ. 2020 – 2 – 8 වැනි දින දක්වා රුචක යෝග බලයක් වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ ලග්නවලට ලබා දෙමින් බුධ ග්‍රහයා 2019 – 12 – 25 වැනි බුධ දින සවස 3 පසු වී විනාඩි 46ට ධනු රාශියට පිවිස 2020 ජනවාරි 13 වැනි දින දක්වාම ගමන් කරයි. දැනටත් ධනු රාශියෙහි ගත කරන රවි, ගුරු, ශනි, කේතු සමඟ යෝගව බුධ ද ගමන් කරන කාලයක් වනු ඇත. විශේෂයෙන් 2020 නව වසර ආරම්භයේදී ඉහත ග්‍රහ තත්ත්වයක් ද යෙදී පවතින අතර මෙම තත්ත්වය අප රටටත් ලෝකයටත් බලපාන ආකාරය පිළිබඳව විමසා බලමු. 2020 වසරක කාලය තුළදී අප රටට ඇතිවන්නා වූ විශේෂ සිදුවීම් අතර ආරක්ෂක අංශවල ප්‍රගතිය වෙනුවෙන් වැඩි වැඩ කොටසක් සිදු කරන වකවානුවක් වේ. මහජනයා රැස්වන ස්ථානයකට විනෝද ස්ථානයකට හානි වීම්ද වනු ඇත. පතල් අනතුරක් ඇති වන අතර කඳු කඩාවැටීම් ද ජල ගැලීම් ද නිසා ගොවිතැන්වලට හානි වන්නාවූත් කාලයක් ද වේ. නාට්‍ය කලා රංගන ක්ෂේත්‍රයේ නියැලි අයකුට ද චිත්‍ර ශිල්පියෙකුට ද මාරක ඇතිවනු ඇත. ස්ත්‍රීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු සම්පාදනය වෙයි. වෙළෙඳ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නීති සම්පාදනය වන අතර රට තුළ දරු උපත් වැඩිවනු ඇත.

විදේශීය වශයෙන් යුධ කටයුතු සඳහා වැඩිපුර මුදල් වියදම් කරන කාලයක් වන අතර ජාතික ආදායම පහළ බසින කාලයක් ද වේ. ගුවන් සේවා කටයුතුවල නිරත ප්‍රධානියකුට මාරක ඇතිවන අතර බිහිසුණු දුම්රිය අනතුරක් ද කුඩා ගුවන් යානා කඩා වැටීම් ද සිදුවේ. මාධ්‍ය ආයතනයකට ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවීමත් පුවත් කර්තෘවරයකුට හෝ ලේඛකයකුට මාරක. බලාපොරොත්තු රහිත භයානක සිදුවීම් වර්ධනය වන අතර මියයෑම් අධික වන කාලයක් වේ.

මීළඟට ඔබට

මේෂ - විදේශ ගතවීම්

ඔබ කිරීමට යන කටයුතු සඳහා විවිධ බාධා ඇති වන කාලයක් වේ. මිතුරන්ගෙන්ද යම් යම් ප්‍රශ්න ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. විදේශගත වීමේ බලාපොරොත්තුවක් ඉටු වන කාලයකි. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් අවදානම් කටයුතුවල යෙදෙන විට පරිස්සම් වන්න.

වෘෂභ - ව්‍යාපාරවලට හොඳයි

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබ බලාපොරොත්තු වන්නා වූ කටයුතු සාර්ථක බවට පත්කර ගත හැකිවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නේ නම් ඔබගේ උත්සාහය මත නැගිටින කාලයක් වේ. නීතිමය ප්‍රශ්නයකට මැදි විය හැකි බැවින් කල්පනාකාරී විය යුතු වේ. උදර රෝග ඇති වේ. 

මිථුන - සතුරන් පරදී

ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පරාජය කරමින් කටයුතු කළ හැකි වන්නා වූ කාලයකි. සේවා ස්ථානයේ වෙනසක් හෝ උසස් වීමක් අපේක්ෂා කළේ නම් එම බලාපොරොත්තුව ද ඉෂ්ඨ වනු ඇත. ආගමික කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය ගතකරන අතර හෘදය ආශ්‍රිත පීඩා ගෙන දේ.

කටක - මංගල යෝජනා

හදිසි කේන්ති ගති ඇති වන්නාවූ කාල සීමාවක් වනු ඇත. විරැද්ධ ලිංගික ආකර්ෂණයට ලක් වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඇති වනු ඇත. නිතර සතුටින් කාලය ගත කිරීමට විනෝද ගමන්වලට සහභාගී වීම් ද ඇතිවන කාලයකි. මුත්‍රා පීඩා ඇතිවනු ඇත.

සිංහ - නව රැකියා

ඔබට උරැම හිමිකම් ලබාගත හැකි වන්නාවූ කාලයකි. තම නිවසේ අලුත්වැඩියාවක් ද සිදු කරනු ඇත. නව රුකියා බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරගත හැකි වන අතර රථවාහන ආශ්‍රිතව ධනයක් ද හිමිවන කාලයක් වේ. ළය පීඩා මතුවනු ඇත.

කන්‍යා - සේවයේ උසස්වීම්

සහෝදරයන් සමඟ මතභේද ඇතිවන්නා වූ කාලයක් වේ. තාක්ෂණික නිර්මාණශීලී කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර ඔබට එරෙහි සතුරැ බලවේග පරාජයට පත්කිරීමට හැකියාව අත්වනු ඇත. සේවා ස්ථානයේ උසස්වීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

තුලා - ලේ දෝෂ ඇති වේ

තම දේ රැක ගැනීමට උත්සාහ දරන කාල සීමාවක් වේ. මිතුරන්ගෙන් ද ප්‍රශ්න ඇතිවනු ඇත. යම් යම් කටයුතුවලට බාධා වීම්ද ගෙනදේ. තම වචනයේ බලයෙන් කටයුතු සාර්ථක කරගත හැකි වනු ඇත. ලේ දෝෂ ගති ද උණ පීඩා ද මතුවනු ඇත.

වෘශ්චික - කැපී පෙනේ

ඔබට යහපත් ඵල ඇතිවන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. ඉඩකඩම් හෝ වාහනයක් මිලදී ගැනීමට ද යහපත් වනු ඇත. උරැම හිමිකම් ද ලබාගත හැකිය. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු කාලයක් වේ. උදර පීඩා මතුවනු ඇත.

ධනු - සමගියට බාධා

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබ නොකළ දේ සඳහා පීඩා විඳීමට සිදුවන කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. තාක්ෂණික කටයුතුවල නියැලි අයට තම කටයුතු කරගෙන යාමට හැකි කාලයක් ද වේ. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. ශරීරයේ ලේ දෝෂ ඇති වේ.

මකර - දේශපාලනයට ඉඩ

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වන කාලයක් වේ. දේශපාලන කටයුතු, සමාජ සේවා කටයුතුවල වැඩිපුර නියැලෙන කාලයක් ද වේ. රථ වාහන ලැබීමක් ද ඇතිවන අතර විරැද්ධ ලිංගික ආකර්ශනයට ලක්වන කාලයක් ද වේ.

කුම්භ - ආර්ථික වාසි

ඔබට යහපත් ඵල අත්වනු ඇත. නව රුකියා බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර සේවා ස්ථානයේ උසස් වීමක් හෝ ලබාගත හැකි වනු ඇත. උරැම හිමිකම් ලබාගත හැකි කාලයකි. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර ආර්ථික වාසි ද ලැබේ.

මීන - අතපසුවීම්

ඔබගේ උත්සාහය මත වැඩ සාර්ථක කරගත හැකි වුවද යම් යම් කටයුතු අතපසු වීම් ද වනු ඇත. ආගමික කටයුතු සඳහා සහභාගී වන්නාවූත් කාලයක් වන අතර භූමියෙන් ද ඵල අත්කර ගත හැකි වනු ඇත. නිර්මාණශීලී අදහස් ජනිත වෙයි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල