2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ඔබත් Geek නම් මෙන්න නියම කතාවක්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

Lanka comic con ගැනයි මේ කතාව. ඊට කලින් කියන්න ඕන Geek ගැන. Geek කියන්නෙ චිත්‍රපට, පොත්, ටෙලිනාට්‍ය, Games වගේ ඕනෑම දෙයකට තදින් ඇලුණු ඒ දේවල් තමන්ගෙ ජීවිතේ කොටසක් කරගත්තු අයට. මේ වෙනකොට ලංකාවෙත් සැලකියයුතු Geek ප්‍රජාවක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් තමයි Lanka Comic con (LCC).

පසුගිය 7,8 දිනයන්වල මේ Geek ප්‍රජාව වෙනුවෙන් පැවැත්වෙන ලොකුම pop සංස්කෘතික උත්සවය වුණු LCC පැවැත්වුණා. අතදරුවන්ගේ පටන් වයස හැත්තෑව ඉක්මවූ Geek ප්‍රජාවක් තමන්ගේ කැමතිම චරිතයන්ගෙන් හැඩවෙලා සහභාගි වෙලා හිටිය.

LCC වෙත ලොකුම අභියෝගය වුණේ අනුග්‍රාහකයන් සොයාගැනීමත් Geek ප්‍රජාවක රුස්කර ගැනීමත්. ලාබ නොලබන පිරිසක් වුණත් ඔවුන් සාර්ථකව උත්සවය සංවිධානය කර තිබුණා. ආරක්ෂක තත්වයන් මත විශේෂයෙන්ම ගිය වසරට වඩා පිරිස අඩු වුණත් වින්දනය නම් උපරිම තලයේ වූ බව කිව හැකිය.

සමාජ ජාල හරහා හඳුනාගෙන ගොඩනගා ගත් ආරම්භයක් සහිත LCC ලබන වසරේත් මෙවැනි සුවිශේෂී අත්දැකීමක් තිළිණ කරාවි. ඉතින් ඔබත් Geek අයෙක් නම් LCC ගැන සොයාබැලීම වටිනවා.

 ධනූ
You’re My Favourite

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00