2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

බාධක ජයගනිමින් ජනතාව දිරිමත් කරන කාලයක්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 272

මෙම වසර තුළ අර්ධ සූර්යග්‍රහණය, පූර්ණ චන්ද්‍රග්‍රහණය, අර්ධ චන්ද්‍ර ග්‍රහණය යනුවෙන් මීට පෙර සූර්යග්‍රහණ දෙකකුත්, චන්ද්‍රග්‍රහණ දෙකකුත් යෙදී අවසන් වී තිබේ. වසරේ අවසානයට ද වලයාකාර සූර්යග්‍රහණය නමින් ග්‍රහණයක් මෙම දෙසැම්බර් මස නත්තල් දිනයට පසුදින වන දෙසැම්බර් 26 වන බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිදුවීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පවසති. සාමාන්‍යයෙන් ජ්‍යොතීර් විද්‍යාවේදී පීතෘ කාරක ග්‍රහයා වශයෙන් රවි ග්‍රහයා හඳුන්වයි.

ජීවින්ගේ ඇතිවීම, පැවැත්ම සහ විනාශය යන කරුණු ත්‍රිත්වයම රවි ග්‍රහයා හෙවත් සුර්යාගේ බලපෑම අනුව සිදුවන අතර මෙම සූර්යා ගිනි ධාතුව හෙවත් උණුසුම වශයෙන් හඳුන්වනු ලැබේ. චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා මාතෘ කාරක යා වෙයි. හෙවත් මව් ග්‍රහයායි. ජල ධාතු ගණයට අයත් සඳු සිසිලස, ආදරය, කරුණාව ආදී  සීතල ගුණය හිමි කරදෙයි. මෙහිදී සූර්යා කෘරත්වය, දැඩිබව, අභිමානය, අධිකාරී බලයට හිමිකරුවේ. පසළොස්වක හෙවත් පූර්ණ චන්ද්‍රයා සිටින දිනක චන්ද්‍රග්‍රහණය ද අමාවක හෙවත් කළුවර පෝය දින සූර්යාග්‍රහණය යෙදෙන බව නියතයකි.

රාහු - කේතු ග්‍රහයන් ලෙස හැඳින්වූවද අනෙකුත් ග්‍රහයන්ට මෙන් ස්කන්ධයක් මොවුන්ට නැත. එහෙත් ලෝකයට සත්වයා හට කළහැකි බලපෑම අතිවිශාලය. හොඳ හෝ නරක වශයෙන්. එනිසාමදෝ ඇතැමෙක් රාහු නම ඇසීමට පවා බිය වෙති. ඒ ඒ අයගේ හැකියාවන් යටපත් කර මුළුගන්වා තැබීම අශුභව සිටින කේතු ග්‍රහයා සිදු කරන අතර කෙනෙකු ඉදිරි පිම්මක් ලෙස වේගයෙන් පිටත් කිරීම ද එම ග්‍රහයා සිදුකරයි. මේ නිසාම රාහු - කේතු  දෙදෙනාට මිනිස්සු බිය වෙති.

මේ රාහු - කේතු දෙදෙනා අංශක 360ක් වූ පාථුවි ගෝලයේ හරි මැද වශයෙන් ගැනෙන අංශක 180 සන්ධිස්ථාන දෙක වශයෙන් සලකනු ලැබේ. දැන් දෙසැම්බර් 26 දිනට නියමිත වලයාකාර සූර්යග්‍රහණයෙන් ඇතිවිය හැකි විපාක කවරේදැයි විමසා බලමු. සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණය වේවා සූර්යග්‍රහණය වේවා මේ කොයි සිදුවීමත් අශුභ ඵල ගෙනදෙන දෙයකි.

ජීවින්ගේ පැවැත්මට ලෝකයට ශුභ නොවනු ඇත. සූර්යග්‍රහණයකදී ඇතිවන අශුභයන් නම් ග්‍රහණ දිනකට පෙර මසක කාලයක් ද ග්‍රහණයෙන් පසුව මාස 06ක පමණ කාලයක්ද පවතින බව කිව යුතුය. මේ නිසා විශේෂයෙන් භයානක ගිනි අනතුරැ, ගුවන් යානා අනතුරැ, පිපිරීම්, ගිනි කඳු විදාරණයවීම් ආදිය සහ භූමිකම්පා සිදුවෙයි. චන්ද්‍රග්‍රහණයකදී ජල විපත්, නාය යෑම්, වඩදිය, බාදිය ඉහළ නැගීම් ආදිය සිදුවීමට ඉඩ ඇත.

සූර්යාග්‍රහණවලදී ප්‍රජාව අතර අසමගිය, කෝලාහල මෙන්ම මිනී මැරැම් සිදුවන බවද චන්ද්‍රග්‍රහණවලදී සෙම් රෝග, හෘද රෝග, වසංගත රෝග ජනතාවට ඇතිවන බවද කියා තිබේ. කාන්තාවන් අනියත විපත් - මාරකවලට පත්වේ. මේ අනුව දෙසැම්බර් 26දා සිදුවන සූර්යාග්‍රහණය, බ්‍රහස්පති ග්‍රහයාට අයත් ධනු ලග්නයේ මූල නැකතේ 02 වන පාදයෙන් සිදුවේ. විශේෂයෙන් ධනු ලග්නය පීඩාවට පත්වේ. මෙහිදී බ්‍රහස්පති රවිගෙන් අස්නයට ගොස් සිටී. කුජ ග්‍රහයා ද ලග්නයන් 12 වැන්නේය. තදබල අපල, හදිසි අනතුරැ මෙම ලග්න හිමියන්ට ගෙනෙනු ඇත. ලංකා කේන්ද්‍රය කුම්භ ලග්න කොටසයි.

බලාපොරොත්තු වන ආකාරයට මුදල් ආධාර ආදායම් අහිමිවීමෙන් රජය දුෂ්කරතාවලට පත්වීමට ඉඩකඩ වැඩිය. ආධාරලැබීම් අත්හිටුවීමට හේතුයි. ඉදිරි මාස 02ක පමණ කාලයේදී මේ තත්ත්වය බලපාන බව පෙනීයයි.

එහෙත් ජනාධිපතිතුමාගේ ලග්නය වෘශ්චිකයේ ලග්නාධිපති කුජ රැචක යෝගය නම් බලවත් ග්‍රහ පිහිටීමක් සහිතව 2020-02-25 දින දක්වා සිටින බැවින් අතිමහත් බාධා ජයගනිමින් රජයත් රටත් ජනතාවත් දිරිමත් කරන බව කිව යුතුය.

මේෂ - හදිසි වාහන සහ වෙනත් අනතුරු තමන් සතු නිශ්චල දේපල පිළිබඳ ගැටලු.

වෘෂභ - ආදරය, විවාහ ජීවිතයට සහකාරියට අනතුරැ ගැටුම්කාරී තත්ත්වයන් වෘෂභ ලග්න හිමියාට ද ශුභ නැත. තදබල ඒරාශ්ඨක අපලයන්.

මිථුන - විවාහයට - විවාහ ජීවිතයට අවුල්, විරැද්ධ ලිංගිකයන් පිළිබඳ ප්‍රශ්න, හවුල්කරැවන්, ව්‍යාපාරවල කරදර.

කටක - වසංගන රෝග, සතුරු කරදර.

සිංහ - උදරා බාධ - වසවිෂ ශරීර ගතවීම, දරුවන් පිළිබඳ ප්‍රශ්න

කන්‍යා - මව්ට අයස, ස්ථාන දෝෂ, භූමි දෝෂ, පදිංචිය පිළිබඳ ගැටලු, සිත් වේදනා.

තුලා - තමන්ගේ දක්ෂතා යටපත් වීම, සහෝදර පාර්ශ්වයන්ට පීඩා.

වෘශ්චික - ධනහානි, වටිනා දේ අහිමිවීම, ඇස්වල රෝග.

ධනු - ලග්න ඒරාෂ්ඨකය යෙදී තිබේ. හිසට පීඩා, වැටීමෙන් වැදීමෙන් පීඩා නියමිතයි.

මකර - පාදවලට ආබාධ, ගමන් විපත්.

කුම්භ - ආදායම් පහත වැටීම් - අහිමිවීම.

මීන - රැකියාවේ ගැටලු, ප්‍රධානීන් සමඟ ගැටුම්.

ඉහත දැක්වූයේ සූර්යග්‍රහණය නිසා ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ය. උපතේදී ග්‍රහබල - දුබල නම් දශා - අතුරු දශා ආදිය නිසා මෙම තත්ත්වයන් අවම හෝ උපරිම වශයෙන් ගෙනෙනු ඇත.
සියලුම දෙනා ඉවසීමෙන් හොඳ කල්පනාවෙන්, ප්‍රවේශමෙන් හා දුර දක්නා නුවණින් කටයුතු කර යහපත උදාකර ගනිත්වා.!

ඩී.ඩබ්.පී. ලියනගේ,
හෝකන්දර,
ජ්‍යොතීර්වේදී.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00