2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

විදේශ ආගමික නායකයකුගේ අභාවයක්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

2019 වසරේ සූර්ය ග්‍රහණ හා වන්ද්‍ර ග්‍රහණ 5ක් සිදුවන අතර එයින් ග්‍රහණ 4ක් මේ වනවිට සිදුවී අවසන්ය. අනතුරැව දෙසැම්බර් මස 26 වන ගුරැ දින වසරේ සිදුවන අවසන් ග්‍රහණය ලෙස වලයාකාර සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. බ්‍රහස්පතිට අයත් ධනු රාශිය උදාව පවතිද්දී මෙම ග්‍රහණය සිදුවන අතර කේතුට අයත් මූල නැකතේ තුන්වන පාදයේදී මෙය සිදුවේ. ග්‍රහණයේ මධ්‍යය උදේ 10 පසුවී විනාඩි 49ට වේ.

අප රටට මෙන්ම විදේශීය රටවලට ද විවිධ වූ අහිකර ප්‍රතිඵල මෙම භූම චලන නිසා ඇතිවනු ඇත. 

විශේෂයෙන් අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී දේශපාලන කේෂ්ත්‍රයේ යම් යම් වෙනස්කම් ඇතිවීමක් දේශපාලන කටයුතුවල නිරත අයකුට හදිසි කරදරයකට මුහුණ දීමට හා මාරක ඇතිවීමක් සිදුවන කාලයකි. මහජන සුබ සිද්ධියට අදාළව රට තුළ නව පනතක් සම්මත වන කාලයක් ද වේ. සුළි කුණාටු ඇති වීමක් ගස් කඩා වැටීම් නිසා ජීවිත අනතුරට පත්වීමක් ද හදිසි නාය යෑම් සිදුවීමක් ද ගංඟා පිටාර ගැලීම්/ ජල ගැනීම් ද සිදුවනු ඇත. මේ නිසා වගා භූමි හා නිවාස ගොඩනැගිලි විනාශයට පත්වීම් ද වාර්තා වෙයි. විදේශීය වශයෙන් සලකා බැලූ විට ආගමික නායකයකු මරණයට පත්වීමක් ද මගින් 100 කට අධික පිරිසක් රුගත් ගුවන් යානයක් අනතුරට පත්වීමක් රිට්ට මාපාංක 7 ඉක්මවූ භූ චලනයක් සමඟ ජල ගැලීම් ගොඩනැගිලි කඩා වැටීම් ද ජීවිත විනාශ වීම්ද වාර්තා වනු ඇත.

මීළඟට ඔබට

මේෂ - සිත් බිඳීම්

විදේශීය ගමන් යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට බාධා ඇතිවන්නාවූ කාලයකි. පවුලේ සහෝදර සහෝදරියන් සමඟ සිත් බිඳීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළයුතුය.

වෘෂභ - ආර්ථික අපහසුතා

හදිසි ශරීර පීඩා මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අවදානම් වැඩ කිරීමෙන් වැළකී සිටින්න. තමන්ගේ යම් යම් කටයුතුවලට ද විවිධ බාධා ඇතිවන කාල සීමාවක් වනු ඇත. ආර්ථික අපහසුතා ද ගෙන දේ.

මිථුන - සතුරු පීඩා

පවුල් දිවියේ සමගිය බිඳ වැටෙන ආකාරයේ සිදුවීම් ඇති විය හැකි කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. සැඟවුණු සතුරු පීඩාවක් ඇතිවන කාලයක් ද වේ.

කටක - විවිධ ගැටලු

ඔබගේ කටයුතුවලට විවිධ බාධා මතුවන සමයකි. විදේශ ගමන් යාමට බලාපොරොත්තු වූ අයට ද බාධා මතුවිය හැකිය. සිතේ සහනය අඩු වන ගැටලු ඇතිවන වකවානුවක් ද වේ.

සිංහ - දේශපාලන ප්‍රශ්න

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට බාධා ඇතිවන කාලයක් වේ. තමාගේ යම් යම් කටයුතු අතපසු විය හැකි බැවින් අවධානය යොමු කරමින් කටයුතු කරන්න. දේශපාලනයේ නිරත වී සිටින අයට ද යම් යම් ප්‍රශ්න ඇතිවන කාලයකි.

කන්‍යා - සේවක මතභේද

ඔබගේ හිතට යම් යම් ප්‍රශ්න ඇතිවන කාලයක් වන අතර පිටස්තර ගැටලුවක් ද ඔබගේ පිටින් යාමට හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සේවා ස්ථානයේ ද අනිකුත් සේවකයින් සමඟ මතබේද ඇතිවිය හැකි කාලයක් වේ.

තුලා - ගමන්වලින් පාඩු

තමාගේ සහෝදරයන් සමඟ මතභේද ඇති වියහැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. කෙටි ගමන්වලින් පාඩු අත්වන අතර ඔබගේ නිර්මාණශීලී අදහස්වලට ඵලයක් අත්කර ගත නොහැකි වන කාලසීමාවක් වේ.

වෘශ්චික - පවුලේ ගැටලු

ආර්ථික අපහසුතා ඇතිවිය හැකි බැවින් වියදම් පාලනය කරගෙන කටයුතු කළ යුතුය. තමාගේ උත්සහයේ තරමට ප්‍රතිඵල අත්කරගත නොහැකි වනු ඇත. පවුල් ජීවිතයේ ද යම් යම් මතභේද ඇතිවන කාලයක් වේ.

ධනු - ගෙදරින් පිට

ඔබගේ හිත මිතුරන් ඔබ සහ අමනාපකම් ඇතිකර ගන්නාවූත් කාලයක් වේ. හවුල් කටයුතුවලින් ද ඵල අත්නොවනු ඇත. ගෙදරින් පිට වැඩිපුර සිටීමට සිදුවන අතර හිස ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

මකර - අපේක්ෂා ඉටුනොවේ

විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තුවලට බාධා ඇතිවන කාලයක් වේ. පවුල් දිවියේ ගැටලු මතුවන බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. තමා බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්කර ගත නොහැකි වන කාලයක් ද වේ.

කුම්භ - හිතමිතුරන් වෙනස් වේ

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට විවිධ වූ අයහපත් බලපෑම් ඇතිවනු ඇත. හවුල් කටයුතුවලින් ද ඵල අත්නොවන කාලයක් වන අතර හිතමිතුරන් සමඟ මතභේද ඇති වනු ඇත.

මීන - සිතේ අසහනය

සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න පැනනගින කාලයක් වන අතර ගමන්වලින් ද ශරීර පීඩා ඇතිවිය හැකිය. සිතේ සහනය අඩුවන අතර පිටස්තර ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටිය යුතු කාලයක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00