කොළඹ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානය ගොඩනැගීම සඳහා අදාළ ව්‍යාපෘති සමාගමට නව ගිවිසුම යටතේ ඉඩම් ලබාදෙන්නේ පූර්ණ නිත්‍ය අයිතිය මත නොවන බව ආණ්ඩුව කියයි. පසුගියදා අස්සන් තබන ලද නවතම තුන් ඈඳුතු ගිවිසුම සම්බන්ධයෙන් මෙගා පොලිස් නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය එසේ ප්‍රකාශ කරන්නට යෙදුණි. කලින් කොළඹ වරාය නගරය ලෙස හැඳින්වුණු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අලුත් ගිවිසුම අස්සන් තැබුණේ කොළඹ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානය ලෙසිනි.
අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අදාළ ව්‍යාපෘති සමාගම වෙත පවරාදීමට නියමිත හෙක්ටයාර් 269ක් වූ සමස්ත ඉඩම් ප්‍රමාණය ඉඩම් පනත යටතේ මුලින්ම ශ්‍රී ලංකාවට අයත් භූමිභාගයක් ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. දෙවැනුව එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ හෝ යෝජිත කොළඹ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථාන නීති පනත යටතට අයත් භූමිභාගයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
නව තුන් ඈඳුතු ගිවිසුම අස්සන් තැබුණේ CHEC කොළඹ පෝර්ට් සිටි පෞද්ගලික සමාගම, අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතරය. මෙම නව ගිවිසුම කලින් 2014 සැප්තැම්බර් 16දා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ වරාය නගර සංවර්ධනය සඳහා වූ ව්‍යාපෘති සමාගම අතර අස්සන් තැබූ ගිවිසුම වෙනුවට විධිමත් ලෙස ආදේශ කෙරෙනු ඇත.
නව ගිවිසුම මගින්, &කොළඹ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථාන නීතිය* නම් වූ නව පණත මගින් පාලනය කෙරෙන අන්තර්ජාතික මූල්‍ය නගරයක් ගොඩනැගීමට කටයුතු කෙරෙන බව අමාත්‍යංශය කියයි. අදාළ නීති කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පනතට අනුව ව්‍යාපෘති සමාගම වෙත පවරාදීමට නියමිත භූමිය තුළ අන්තර්ජාතික මූල්‍ය කලාපයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. මෙම කලාපය තුළ අන්තර්ජාතික මූල්‍ය සේවා කර්මාන්තයන්ට හිතකාමී පරිසරය සැකැසීම මගින් අන්තර්ජාතිකව පිළිගැනීමට ලක්වූ බැංකුකරැවන් සහ මූල්‍ය සේවා සමාගම් ආකර්ෂණය කර ගනිමින් ඒවායේ ප්‍රධාන කාර්යාල අදාළ කලාපය තුළ පිහිටුවීම සඳහා උනන්දු කිරීම සිදු කරන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.
ආණ්ඩුව සහ ව්‍යාපෘති සමාගමේ අපේක්ෂාව වන්නේ මෙමගින් විවිධ අංශවල රුකියා අවස්ථා 83,000ක් පමණ උත්පාදනය කිරීමය. ඒ සඳහා ඉන්දියාව, සිංගප්පූරැව, මැලේසියාව, චීනය ඇතුළුව විදෙස් රටවල සංවර්ධන සමාගම් සහ මූල්‍ය අයෝජකයන් වෙතින් අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධික ඍජු විදෙස් ආයෝජන ලබා ගැනීමට අපේක්ෂිතය. එසේම ඉදිරි වසර 20-30 අතර දී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීමද මෙහි තවත් බලාපොරොත්තුවකි.
මේ සඳහා ලබාදෙන සියලුම ඉඩම්, බදු අයිතිය මත පවරණ අතර ඒවායේ පොල්මඃකාරයා වන්නේ ආණ්ඩුවයි. එසේම කිසිදු තත්ත්වයක් යටතේ හෝ බදු කාලය වසර 99ට වඩා අදාළ සමාගමට හිමි නොවනු ඇත. තවදුරටත් විස්තර කෙරෙන පරිදි ව්‍යාපෘති සමාගම තමන්ට හිමි භූමියේ ආයෝජනය සඳහා පිටස්තර ආයෝජකයන් ආකර්ෂණය කරගත් විට එකී තැන්වැනි පාර්ශ්වය වෙත ඉඩම් බදු දෙන්නේද 99 වසරක් සඳහා පමණක් වන අතර එය සිදුවන්නේද ආණ්ඩුවේ විධායකයත්වය යටතේය.
ආණ්ඩුව සහ ව්‍යාපෘති සමාගම අතර සවිස්තරාත්මක සුපැහැදිලි එකඟතාවකින් යුතුව අස්සන් තැබූ නව ගිවිසුමට අනුව උදාවන වාසිදායී තත්ත්වයන් රුසක් පිළිබඳව අමාත්‍යංශය විශේෂයෙන් පෙන්වා දෙයි. ඒ අනුව මහාමාර්ග, උද්‍යාන, පදික ගමන් මාර්ග වැනි පොදු අවශ්‍යතා සඳහා උපයෝගී කරගන්නා ඉඩම් ප්‍රමාණය මෙහිදී ඉහළ ගොස් තිබේ. එය සියයට 44ක් හෙවත් හෙක්ටයාර් 63 සිට හෙක්ටයාර් 91ක් දක්වා වූ ඉහළ ප්‍රමාණයකි. 2014 ගිවිසුමට අනුව පවරාදීමට අන්තර්ගත වූ හෙක්ටයාර් 233ක් වූ ඉඩම් ප්‍රමාණය නව ගිවිසුමට අනුව හෙක්ටයාර 269ක් දක්වා ඉහළ යාමට හේතුසාධක වූ මූලික කාරණාව එයයි.
2014 ගිවිසුමට අනුව ප්‍රතිසංස්කරණයෙන් පසු ආණ්ඩුව වෙත වෙන්කර තිබෙන වෙළඳ වටිනාකමක් සහිත ඉඩම්වල සිදුකළ හැකි සංවර්ධන කටයුතු වසර තුනක කාලයක් යනතුරැ සිදුකිරීමට සීමාවන් පනවා තිබුණි. නවතම ගිවිසුමට අනුව එම සීමාවන් නිදහස් කෙරෙන අතර කිසිදු අවහිරයකින් තොරව ආණ්ඩුවට ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථාන රෝහල් සහ සෞඛ්‍ය පහසුකම් වැනි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍යංශය කියයි.
වත්මන් ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය වසරකට ආසන්න කාලයක් අත්හිටුවා තිබුණි. ආණ්ඩුවට අනුව එම අත්හිටුවීමට හේතුව වූයේ අසම්පූර්ණ පාරිසරික අධ්‍යයනයන්ය. මෙය දැන් නිවැරදි කර ඇත්තේ අලුතෙන්ම පරිපූර්ණ අතිරේක පාරිසරික බලපෑම් අධ්‍යයනයක් සිදුකිරීම මගිනි. ඒ හැරත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති 2016 නව බලපත්‍රයේ පරිසරය සුරුකීම සඳහාම සකස් කළ නව කොන්දේසි 70ක් අන්තර්ගතය. එය කලින් 2011 දී නිකුත් කළ බලපත්‍රයේ මෙන් දෙගුණයක්ව ඇති බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
සුගත් පී. කුලතුංගආරච්චි
(Sunday Times ඇසුරෙනි)