2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

එළවළු පළතුරු වගාවක් මැද දූවරුන්ගේ නවාතැන Thevni Holiday Resort

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

පාදුක්ක, බෝපේ අරකවිල ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ රබර් වගාවට ප්‍රචලිත ප්‍රදේශයකි. මේ සටහන එම ප්‍රදේශයේ අතහැර දැමූ අක්කර 3ක රබර් වගාවක් හා අක්කරයක එළවළු පළතුරු වගාවක් මැද ගල්කඳු බෑවුමක පිහිටා ඇති Thevni Holiday Resort සංචාරක නවාතැන පිළිබඳවයි. එතරම් ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් නොවුණත් සුන්දර දිය ඇලි සහිත ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක පරිසර හිතකාමී එකම තරැ පන්තියේ නවාතැන්පළ ලෙස Thevni Resort ඉදිරියෙන් සිටී.

නිවාඩු නිකේතනය Cottages 3කට අයත් කාමර 12කින් සමන්විත වන අතර Cottages 3 නම් කර ඇත්තේ එහි සභාපති එම්. ඩී. එච්. පුෂ්පකුමාර මහතාගේ දූවරැන් නමින්. එනම් Thevni, Methni, Dinara නමින්. එමෙන්ම සෑම කාමරක්ම පාහේ Cable TV, Free WiFi, IDD, tea/coffee makers ආදී නවීන පහසුකම් සියල්ලෙන්ම අංගසම්පූර්ණයි. විශේෂත්වය නම් එම කාමර සියල්ලකම දේශීය නිර්මාණකරැවන් අතින් නිමැවුණු තේක්ක ගෘහභාණ්ඩවලින් සමන්විත වීමයි.

අවට පරිසරය හා හොඳින් මුසුවූ මේ නවාතැන සංචාරකයන්ට ද සෞම්‍ය නිදහස් නිස්කලංක හැඟීමක් ජනිත කරනවා. ඉහළම මහලේ විවෘත අවන්හලේ සිට වටපිටාවේ පාරිසරික සුන්දරත්වය විඳිමින් ආහාර ගන්නත් පුළුවන්. දේශීය ආහාර ගැන වඩාත් සැලකිල්ලක් දක්වන ඔවුන් ඉන්දියානු, චීන සහ මහාද්වීපික ආහාර ඔබට පිළිගන්වන්න සූදානම්. විශේෂයෙන්ම නාන තටාකය අසල BBQ අත්දැකීමක් නම් සැබැවින්ම අපූරුයි.

සංචාරකයන් වෙනුවෙන් ගෘහස්ථ ක්‍රීඩා වගේම බැට්මිංටන් පහසුකම් සහ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා සඳහා playground එකකුත් ඔවුන් සතුයි.

Thevni Holiday Resort හී අනෙක් විශේෂත්වය නම් 200, 400, 250 පුද්ගල අවකාශයෙන් යුතු Banquet hall 3යි. මංගල උත්සව, පෞද්ගලික සාද, රාත්‍රි සාද, සංගීත, කොක්ටේල් සාද, වෙළඳ නාම හදුන්වාදීම්, සමුළු හා  සම්මන්ත්‍රණ ආදී විශේෂ අවස්ථාව ඕනෑම එකකට හොඳින් ගැලපෙන ලෙස මෙම Banquet hall නිර්මාණය වෙලා ති‍බෙනවා. 

Thevni Resort හී ලැඟුම් ගන්න සංචාරකයන්ට තේ සහ රබර් වගාව පිළිබඳව අධ්‍යයනය කරන්නත් කඳු වනාන්තරවල ඇවිදින ගමන් කුරුල්ලන් නරඹන්නන් ත්‍රාසජනක අත්දැකීමක් විඳගන්නත් පුළුවන්. සීතාවක උද්භිද උද්‍යානය, රන්මුතු ඇල්ල, කුමාරි ඇල්ල, ඇල්ලඋඩ ඇල්ල, සිංහරාජ වනාන්තරය, නාච්චිමලේ, වවුල්පනේ ගුහා, කලුඅග්ගල Leisure Would වගේ බොහෝ තැන් තිබෙනවා Thevni Resortවල ලැඟුම් ගන්න ඔබට සංචාරය කරන්නත්. මේ අපූරු පරිසරයේ නිස්කලංක නිවාඩුවක් ගත කරන්න ඔබත් අමතක කරන්න එපා. 

 සනත් වීරසූරිය
සේයාරූ - මිලාන් මාලිංග ගස්පේ
Pix by Maligaspe

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00