2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

කෑමයි සංගීතයේයි රස මුසුව Taphouse by RnR

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

ලන්දේසි රෝහල අසල වෙළෙඳ සංකීර්ණයේ තියෙන Taphouse by RnR ගැන තමයි මේ සටහන. රැකියා ස්ථානයේ අය වගේම මිතුරන් සමඟත් එකතු වෙන්න අපූරු තැනක් වන Taphouse හි විශේෂත්වය තමයි කෑම, සංගීතය හා beer ඇතුළු බීම වර්ග.

සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රීන්වල අවන්හල පිරිල ඉතිරිලා යන්නත් අවන්හල Taphouse ලෙස නම් කරන්නත් හේතුව මේ උසස් තත්ත්වයේ beer ම තමයි. 2013 වසරේදී ආරම්භ කරපු ව්‍යාපාරයේ අයිතිකරැවන් තමයි Ruwangani සහ ඇයගේ නෑනණ්ඩිය වන Ruwani. ඒ නිසාවෙන්  තමයි RnR කොටසත් ව්‍යාපාර නාමයට එකතු වෙන්නෙ.

ඒ වගේම ඔවුන් දක්ෂ කලාකරුවන්ට දෙන සහයෝගයත් අගය කළ යුතුයි. බදාදා සිට සෙනසුරාදා දක්වා සජීව සංගීත කණ්ඩායම් වාදනය කරන නිසා ඔබේ දිව වගේම හිතත් පිනවන්න ඔවුන් අමතක කරන්නෙ නෑ. ඔවුන් සංගීත කණ්ඩායම් වගේම ඡායාරූප ශිල්පීන් සහ සිත්තරුන්ටත් අවස්ථාවක් සලසා දෙනවා ඔවුන්ගේ ව්‍යාපාරය තුළ.

කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන දවල් ආහාර මෙනුවක් ඔවුන් සතුයි. බත් වර්ග, කැමැති මස් වර්ගයක් සමඟ pasta,  සලාද වර්ග වගේ දේවල් මෙනුවට අන්තර්ගතයි. ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය හා ආහාර වෙනස් විදිහකට ඉදිරිපත් කරන්නත් ඔවුන් දක්ෂයි. ඔබ මේ අවහලේ අනුභව කළ යුතුම ආහාරයක් තමයි Sharable dish එක. Chicken, pork chops, chicken wings, kochchi sausage සමඟ grill කරපු අන්නාසි සහ ciabatta bread තමයි අන්තර්ගත වෙන්නෙ. යාළුවො එක්ක රෑ කෑමකට යන වෙලාවක නම් අපූරුයි. ඔවුන්ගේ පොරොටි කොත්තුවත් හරිම විශේෂයි. ලන්දේසි මූලයක් සහිත කුළුබඩු රස යහමින් තියෙන Lingus sausage බර්ගර් සහ අනෙකුත් ආහාරවලටත් ඔවුන්ගේ මෙනුවේ සුවිශේෂී ස්ථානයක් තියෙනවා.

බීම වර්ග ගැන කියනවා නම් ජාත්‍යන්තර බීර වර්ග විශාල ප්‍රමාණයක් ඔවුන් සතුයි. ඒ ඒ කාලයට ගැලපෙන බීම වර්ගය තෝරාගන්නත් පුළුවනි. Cocktail කියන්නෙත් Taphouse හි එක් විශේෂත්වයකි. විවිධ වර්ගයේ cocktail රස බලන්න මිතුරු කණ්ඩායම් කැමැත්තක් දක්වන බවයි අපිට දැනගන්න ලැබුණේ.

ඉතින් ඔබත් කෑමට වගේම බීමටත් ආදරය කරන කෙනෙක් නම් Taphouse by RnR වෙත ගිහින් බලන්නම ඕන.

Life web ඇසුරිනි