2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

විදේශවලින් කකුලෙන් ඇදීම

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

ක්ෂණික විපත් ඇති කරන්නා වූ නැප්චූන් ග්‍රහයා සෙනසුරු ග්‍රහයාට අයත් කුම්භ රාශියෙහි මේ වනවිට වක්‍ර ගමනින් ගමන් කරමින් සිටීම නතර කරමින් සුපුරැදු ගමනින් ගමන් කිරීම අරඹයි. මෙලෙස 2019 නොවැම්බර් මස 27 වැනි බුධ දින බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම පාදයේ සිට තුන්වැනි පාදය දක්වා 2020 ජුනි 20 වැනි ශනි දින දක්වා ගමන් කරනු ඇත.

මේ තත්ත්වය අනුව අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී මෙම කාල වකවානුව තුළ මහජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව නීති රීති පාර්ලිමේන්තුව තුළ සම්මත වනු ඇත.

යම් යම් රහසිගත කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සිදු කිරීමට මහජනයා කුපිත වන ආකාරයේ පුවත් ක්‍රියාවන් ප්‍රචලිත කිරීමට යම් යම් පාර්ශ්ව උත්සාහ දරණ කාලයක් වේ. කුඩා ළමයින්ට සිදුවන අනතුරැවල ඉහළ යාමක් පවතින අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසමු. විදේශීය රටවලින් යම් යම් උපක්‍රමශීලී අයහපත් ක්‍රියාවල් අප රටට එල්ල කිරීමට උත්සාහ දරන්නා වූ වකවානුවක් වේ. පවුල් ආරවුල් දුරදිග යාම නිසා පහරදීම් ඝාතනය කිරීම් වාර්තා වන අතර දික්කසාද නඩු ද වැඩි වන වකවානුවක් වේ.

මේෂ - දුර බැහැරට

ඔබගේ ලැබීම් මාර්ගවලට පැවතියා වූ පිටස්තර බාධාවල් මගහැරී යන කාලයක් වේ. හිත මිතුරන්ගෙන් අවංකව උදව් උපකාර අතුවනු ඇත. දුර ගමන් අපේක්ෂා කළ අයට බාධාවකින් තොරව එම ගමන්වල යෙදීමට හැකියාව අත්වනු ඇත.

වෘෂභ - සතුරු බාධා අඩු වේ

ඔබගේ සේවා ස්ථානය ආශ්‍රිතව පැවති සතුරු පීඩා කරදර තරමක් දුරට අඩු වී යන කාලයක් වේ. අසල්වැසියන් සමඟ සිත් බිඳීමක් පැවතුණේ නම් එම ගැටලුව ද මඟහැරී යනු ඇත. සිතේ සහනය ගෙන දෙන කාලයකි.

මිථුන - නිර්මාණශීලී අදහස් 

උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් ඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ක්‍රියාවට නැංවීමට හැකියාව අත්වන කාලයක් වේ. සාර්ථක කෙටි ගමන් යෙදෙනු ඇත. තම සහෝදරයන් සමඟ පැවතියා වූ විරසක වීම් සමතයකට පත් වන සමයකි.

කටක - ආර්ථික අපහසුතා

ඔබට එතරම් ශුභ ඵල දායක නොවනු ඇත. ඔබගේ යම් යම් කටයුතුවලට බාධාවන් එල්ල වනු ඇත. ආර්ථික අපහසුතා ද ඇතිවන අතර අනවශ්‍ය වියදම් දැරීමට සිදුවනවා ඇත. පවුල් දිවියේ ද ප්‍රශ්න මතු වන කාල සීමාවක් වේ.

සිංහ - රෝග පහවේ

ඔබට එරෙහිව පැවති සැඟවුණු සතුරු උපද්‍රව දුරු වී යන කාල සීමාවක් වේ. ශරීර ශක්තියට බාධා වෙමින් පැවතියා වූ රෝග තත්ත්වයන් පහව යනු ඇත. අවිවාහක අයට හදිසි මංගල යෝජනාවක් ස්ථිර බවට පත්වන කාලයක් ද වේ.

කන්‍යා - විදේශ ගමන්

ඔබට හදිසි සතුරු උපද්‍රව ඇතිවන කාලයක් බැවින් පරිස්සම් වීම වැදගත් වේ. විදේශගත වීමේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. අවදානම් ස්ථානවල ගමන් කිරීමේදී පරිස්සම් විය යුතු අතර ශරීර පීඩා මතු වන කාලයක් වේ.

තුලා - මිතුරන්ගෙන් උදව්

ආදර බැඳීම්වලට පැවතියා වූ බාධාවන් දුරැ වී යන්නාවූත් වකවානුවක් වේ. වැඩිහිටි ආශිර්වාදය ද ලබා ගැනීමට හැකිවනු ඇත. සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වන කාලයක් ද වේ.

වෘෂ්චික - සිතට සහනය

භූමිය සම්බන්ධයෙන් පැවතියා වූ ආරවුල් සහගත තත්ත්වයන් දුරැ වී යනු ඇත. සිතේ සහනය අත්වන අතර ඔබ බලාපොරොත්තු වූ දෙයක් ක්ෂණිකව ඉටු කරගත හැකි වන්නාවූත් වකවානුවක් වේ.

ධනු - කෙටි ගමන්

තම සහෝදර සහෝදරියන් සමඟ පැවති විරසක වීම් පහව යන කාලයකි. සාර්ථක කෙටි ගමන් යෙදෙන අතර ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන්නාවූත් කාලයක් වේ.

මකර - තැන්පත් වැය වේ

විශාල වශයෙන් අවදානම් කටයුතුවලට මුදල් යෙදවීම් නොකළ යුතු අතර තැන්පත් ධනය වියදම් වී යාහැකි කාලයක් වේ. හදිසි ශරීර පීඩා ද මතු වන බැවින් පරිස්සම් වීම වැදගත්ය.

කුම්භ - මංගල යෝජනා

පැවතියා වූ අර්බුදවලින් මිදීමට හැකියාව අත්වන කාලයකි. ඔබගේ කටයුතුවලට පැවතියා වූ සැඟවුණු සතුරැ උපද්‍රව හඳුනාගත හැකි වනු ඇත. අවිවාහක අයට ඉක්මනින් විවෘත යෝජනාවක් ස්ථිර බවට පවත්වා ඇත.

මීන - විවිධ බාධා

ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. දුර ගමන් විදේශ ගමන් යාමට අපේක්ෂා කළ අයට යහපත් වන අතර අවදානම් ස්ථානවල ගැවසීමේදී පරිස්සම් විය යුතු කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල