2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

කතකගේ නාසයේ ලියැවී ඇති රහස්

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 537

සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේ දී ඉතාමත් සැපවත් දිවිපෙවෙතකට හිමිකම් කියන්නේ ද, බොහෝ ධන ධාන්‍ය ලබමින් තම පවුල් සංස්ථාවේ ශ්‍රියා කාන්තාව ලෙස බබලන්නේ නම් ඇතකුගේ සොඬයක හැඩය ගත් නාසයක් ජන්මයෙන්ම ඇයට දායාද කොට ඇතුවාට සැකයක් නැත. යම්කිසි ස්ත්‍රියකගේ නාසයේ හැඩය චමත්කාරව දිස්වන්නේ නම් එය ද ඇය කරකාර බඳිනා සහකාරයාට පියවරෙන් පියවර කීර්ති ප්‍රශංසා වගේම යසස ද ලබන බව කිව යුතුය.

එසේම තවත් සුබ ඵල ගෙනෙන ළයාන්විත පිහිටීමක් ඇත්තේ වරා මල් පොහොට්ටුවක හැඩය ගත් නාසයක් ඇය සතු වී ඇත්නම් පමණි. මෙවන් ස්ත්‍රිය ක්‍රමවත් පිළිවෙළකට ජීවිතය හැඩගස්වා ගැනීමට සමත්කම් දක්වයි. එවැනි කාන්තාවන්ට කිසිම දිනක ධනයෙන් අඩුවක් නැත. සැප සම්පතින් ද ආඩ්‍ය වන පිහිටීමකි. ලතාවකට හැඩ ගැන්වුණු නාසයක් ඇති ස්ත්‍රියකගේ දියුණුවේ අත්තිවාරම ක්‍රමක්‍රමයෙන් ඇය විසින්ම සලසාලනු ලබයි. කොටින්ම කියතොත් ඇය සැමියාට රසින් පිරුණු මංජුසාවකි. නිදි යහනේ දී ඇය විසින්ම තම සැමියා රස ගුලාවක කිමිදවයි. උපරිම තෘප්තියක් ලබා දේ. ඇය පුරුෂයන් සෙවීමට මහන්සි නොගනී. පතිවන රකී. වාසනා ගුණ යහපත් දූ දරැවන් ලැබීමට ද ඇය වාසනාවන්ත වේ.

ඇය නිතරම සිටින්නේ ජයග්‍රහණය නැතහොත් ජය කණුව ළඟයි. එලෙස වරා මල පොහොට්ටුවේ හැඩය ගත් නාසයක් හිමි තැනැත්තිය සිය පතිවත මැණිකක් රකිනා නා රජකු මෙන් රකී. සැමියාට එක සිතින්ම හිතවත්භාවය දක්වයි. ඇය ඉතාමත් ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තියකි. තම ජීවිතය පිළිබඳ පුදුමාකාර අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමට සමත්කමක් ද දක්වයි. ඇගේ ගතිලක්ෂණ අනුව කාමුක ස්වරෑපයක් ගත්තද, අධම ගති සිරිත් තම ජීවිතයෙන් බැහැර කරයි.

දිගටි හැඩයෙන් යුත් සිහින් නාසයක් ඇති ස්ත්‍රියකගේ කිසියම් විධියේ යහපත් ලක්ෂණයක් නැත. ඇය වෛශ්‍යා ස්ත්‍රියක් සේ දුටුවන් සතපවයි. එපමණක් නොව සන්තර්පණයට පොළඹවයි. ඇය ජීවිත කාලය තුළ රහසින් හෝ පස්පව්වලින් බරව කටයුතු කිරීමට පෙළඹේ. එපමණක් නොව කාමාශාවෙන් පිරුණු මෙවන් ස්ත්‍රීන් අධික ලෙස කාමසුඛල්ලිකානු යෝගීව හැසිරීමට සමත්කම් දක්වයි. සිය ජීවිතයේ කාමය උද්දීපනය සඳහා කාමාශාව සංසිඳුවා ගැනීමට මෙම ස්ත්‍රිය නොකරන දෙයක් නොමැත. කොටින්ම ඇයට අවශ්‍ය වන්නේ ද එයයි. කිසිම පැකිලීමක් නැතිව වරදේ බැඳෙන්නට තරම් ඇය සමත් වෙයි. රහසේ තම කටයුතු ඉටුකර ගැනීමට සමත්කම් දක්වයි. කපුටු බඩගින්න මෙන් ඇගේ රාගයේ ගින්න නිමක් නැත. නොයෙක් අන්දමේ පුරැෂයන් රාගය නිවාගැනීමට පොළඹවා ගැනීමට විශේෂයෙන් ඇය සමත්කම් දක්වයි. යුග දිවියේ සැනසීමක් කිසිදු විටෙක නොලබන්නට තරම් ඇය අවාසනාවන්තය. කිහිප වරක් පරණ බන්ධනයට ඇතුළු වුවත් ඇය කිසිම සැනසීමක් ලබන්නට තරම් සමත් නොවේ. කොටින්ම කිවතොත් මැය විකෘති කාමාශාවන්ගෙන් පෙළෙන තැනැත්තියකගේ ලක්ෂණ ගනී.

හුරුබුහුටි නාසය

යම්කිසි කාන්තාවකගේ ජීවිතය ඉතාමත් පිරිපුන් බවකින් හැඩ වන්නේ ද ඇයගේ නාසය ද හුරුබුහුටිය. එසේම කලාත්මක ස්වරෑපයක් හඟවයි. මැය ඉතාමත් වාසනාවන්ත තැනැත්තියකි. මලක දිස්වෙන චමත්කාර බව මෙවන් වාසනාවන්ත ස්ත්‍රියකගෙන් ප්‍රදර්ශනය වේ. සමහර ස්ත්‍රීන්ගේ නාසයේ අග කොටස පමණට වඩා මහත් බවක් දක්වයි.

නාසයේ මධ්‍ය කොටස සමහර විට එබී ගිය ස්වරෑපයක් නම් මෙය විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ මේ පිහිටීම ඉතාමත් අසුබ ලක්ෂයක් බවයි. තවත් අතකට බලන විට සුබ ඵල හීන කරන ලක්ෂණ නාසයෙන් දක්නට ඇත. නාසයේ මැද ඉරක හැඩය දිස්වන්නේ නම් එය ද සුබ ඵල හීන කරන අසුබවාදී ලක්ෂණයකි. පුරුෂයන් ඉක්මනට වසඟයට ගන්නා තැනැත්තියන්ගේ අග කොටස උඩට නෙරා ගොස් ඇත. එසේම අර්ධ කවාකාර හැඩයක් ගනී. මෙවන් තැනැත්තියන් පුරැෂයන් රාග ගින්නට හසුකර ගනී. එසේ ද ඔවුන් අසහනයට මෙන්ම දැඩි පීඩනයට ද පොළඹවමින් තම තෘප්තියට නතුකර ගනී.

කෙටි නාසය

ඉතාමත් පහසුවෙන් වරදේ බැඳෙන ස්ත්‍රීන් ඔබ දැක ඇතුවාට සැකයක් නැත. ඔවුන් ගැන විග්‍රහ කරතොත් ඔවුන් තුළ මෝඩකම ඉහවහා ගොස් ඇත. එසේම බුද්ධිය පලා ගොස් ඇත. අනුවණකමින් කටයුතු ඉටුකර ගැනීමට පෙළඹේ. මෙවන් ගතිලක්ෂණ ඇති තැනැත්තියගේ ඇත්තේ ඉතා කෙටි නාසයකි. පළල් වූ නාසය ඉතාමත් සරාගී බවක් දනවන අතර නාසය පිහි තුඩකින් යුතු උල් පිහියක් ආකාරයක් දක්වයි. ඉතාමත් සූක්ෂම අන්දමින් කම්සැප ලබා දෙන පිරිමි මෙවන් ස්ත්‍රීන්ට හමුවේ. එවිට ඔවුන් මෝහනය කර ගැනීමට ස්ත්‍රීහු දක්ෂ වෙති.

කලාත්මක නාසයක්

සමහර ස්ත්‍රීන් සුරදූතිකාවන්ගේ ස්වරෑපයක් ගනී. ඇය දෙවඟනක් සේ දිස් වේ. ඔබටත් කලාත්මක නාසයක් ඇත්නම් ඔබ ද සුරඟනකි. දෙවඟනකි. එසේම සුරදූතිකයෙකි. ලෝකයේ අග්‍රගන්‍යයේ සුන්දර පිරිමි ලැබීමට තරම් මෙම ස්ත්‍රීහු වාසනාවන්ත වෙති.

උස් වූ කවාකාර නාසය

සමහර ස්ත්‍රීන් හරිම සංවේදී බවක් දක්වයි. යහපත් ගතිගුණ පිහිටයි. බුද්ධිමත්ව කටයුතු කරයි. චාම් දිවිය උසස් ලෙස හැසිරීමට මෙන්ම පිළිගැනීමට ද ලක්වේ. එවන් ස්ත්‍රීන්ගේ නාසය උස් වූ තරමක් කවාකාර හැඩයක් ගනී.

කුල්ලක හැඩය ඇති නාසය

සමහර ස්ත්‍රීන් හරිම දුප්පත්ය. එසේම දිළිඳු වී උපදී. නොයෙක් තැන්වල මෙහෙකාරමට පත්වේ. ඔබ හොඳින් ඇය දිහා බලන්න. කුලු නැටුමකට දිස්වන කුල්ලක හැඩය ගන්නා නාසය ඇයගේ වැන්දඹු ගතිලක්ෂණ පහළ කරයි.

මාල ගිරා හැඩය

සමහර ස්ත්‍රීන්ගේ නාසය මාල ගිරවකුගේ හැඩය ගනී. ඔබ ඔබ ගැනම තක්සේරැවක් කර බලන්න. මේ අයුරින් ඔබේ ගතිගුණ ඇති වාසනා මහිමය උරගා බලන්න. සියල්ල ජය ගනී. එවිට ඔබ සිටිනා තැන ඔබේ ගතිලක්ෂණ කණ්නාඩියේ පෙනෙන රුව මෙන් මතකයේ සටහන් වනු ඇත.

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ