2017 මාර්තු 18 වන සෙනසුරාදා

ඉන්ෂා අල්ලාහ් ඒක දෙවියන්ගේ කැමැත්ත

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

කවිවලින් වෙඩි තිබ්බ
තොටමුණේ කැලණි ගං අහස යට
හැම හැන්දෑවෙම පායන
පුරසඳටත් වඩා කලඑළිය
ප්‍රසං වත්තේ අඩ සඳවතිය

ජාඩි කා වයින් බී ජැන්ඩියට අඳින
ගල් අරක්කුම බොන
එකම සින්දුව කියන හවසක
රූබන්ලා මිචෙල්ලා
මොහොමඩ්ලා සිද්දික්ලා අතරෙ
මරතෝඩි රටාවන් දිග
බායි අබායක් තුළ
උඹේ නේල් ආට් දිග
යශෝධරාවක් සොයන මං

පට්ටලේ කිණිහිරක
වදින ගිනි පුළිඟුවක් මෙන්
දැවි දැවී පත්තුවෙන
සඳකිඳුරු ආදරේ
තාම වෑල්ඩිං කරනවා 
මංෆර්මිලා
උඹෙ පර්දාවෙ වැදුන හුළඟක් 
ගතේ දාඩිය නිව්වා බං
වත්තෙ මංගල්ලෙ පොළේ දා
තුට්ටුවක ඔට්ටුවට කාපු ලඩ්ඩු
ඉස්පොල්ලෙ ගියා බං
අකුණක් වගේ උඹෙ
මන්දස්මිතිය වැදිලා ෆර්මිලා
ඉහත්තාවේ දෙඉවුරු යාකොට
එක හිතින් පාලම හැදුවා මං

අල් කුරාණය බයිබලය
ජාතක පොත් පිටුවල
නෑ අපි වගේ උන් බං
පන්සල් වත්තේ ගල් කණුවක
හට් එකක් ඇතුළෙ ආට් එකකට
උඹෙයි මගෙයි නං කෙටුව මං

ඉන්ෂා අල්ලාහ්-
මට හිතෙන්නෙම
ඒක දෙවියන්ගේ කැමැත්ත බං

 ටුශාන් වීරරත්න

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00