2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගෙන් රටට හෙටට

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසින් රචිත නවතම පද්‍ය සංග්‍රහය රටට හෙටට (හිටි නව කවි) සුරස (පාස්ට් ඇඩ්ස්) ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත්ව ඇත.

රටට හෙටට නිර්මාණය වී ඇත්තේ, ඡායාරූපයට නැගෙන දර්ශනයත්, ඒ ඔස්සේ ලියැවුණු පද්‍ය නිර්මාණයත් වශයෙනි. පද්‍ය නිර්මාණ 160ක් රටට හෙටට පද්‍ය සංග්‍රහයට ඇතුළත්ය.

කෘතියට හැඳින්වීමෙන් එක්වන ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා සඳහන් කොට ඇත්තේ සොබාදහමට, පරිසරයට ඉමහත් ළබැඳිකම් ඇති කතුවරයා අපේ රටේ අමිහිරි, අප්‍රසන්න කටුකත්වය, දරිද්‍රතාවය, පාලකයන්ගේ වැරදි වැඩ, දූෂණය හා භීෂණයට එරෙහිව පෑන අවියක් කොට ඔසවන බවය. ඒ පිළිබඳව ආචාර්ය ප්‍රණීත් මෙලෙස ද සඳහන් කර සිටී.

බොහෝ පුද්ගලයෝ කවියට - පැදියට ප්‍රිය කරති. කවි ගී ගායනය ශබ්ද ධ්වනි රස නංවන්නකි. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විද්වතාණෝ ද කවි ලියති. ලිපි රචනා කරති. දේශන පවත්වති. බොහෝ දෙනාගේ හිත සුව පිණිස පරෝපකාරී හැඟීමෙන් ක්‍රියා කරති. දුකසැප විමසති. දුකින් සෝකයෙන් අත්මිදීමට පිහිට වෙති.

ඔහුගේ ගෙදරට කුරුල්ලන්, ලේනුන් පැමිණෙන්නේ ආහාර පාන ඔවුන් සඳහා තබා ඇති හෙයිනි. සොබාදහමට  පරිසරයට ඉමහත් ළබැඳිකම් ඇති ඔහු උදේ හවා සක්මන් කරන කල සොබාදහමේ චමත්කාරය අතැති ජංගම දුරකථනයෙන් රූපයට නංවා, කවියක් ලියා අන්තර්ජාලයට එක් කරති. අපේ රටේ අමිහිරි, අප්‍රසන්න කටුකත්වය, දරිද්‍රතාවය, පාලකයන්ගේ වැරදි වැඩ, දූෂණය, භිෂණයට එරෙහිව පෑන අවියක් කොට ඔසවති. මේ ^රටට හා හෙටට^ (හිටි නව කවි 02) කවි පොතේ එබඳු කවි හා රෑප විශාල සංඛ්‍යාවක් ඇතුළත් කොට ඇති හෙතෙම හරිහමන් රටක් ජන සමාජයක් ගොඩ නගන්නට වැර වෑයම් කරන්නෙකි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00