2019 මැයි 11 වන සෙනසුරාදා

රෑ ජාමේ ගිනිමැල පත්තුවෙන ආලන්කුඩා වෙරළ

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

මේ කල්පිටිය පැත්තෙ තියෙන ලස්සනම ගැන. ටිකක් අප්‍රසිද්ධ තැනක්. කොහොම වුණත් කල්පිටියේ වෙරළවල් අතරින් සුන්දරත්වයෙන් බොහොම ඉහළ තැනක් ආලන්කුඩාව. තල්මස්සු, ඩොල්ෆින් බලන්න යන්න කියාපු තැන. ඒ වගේම කැනෝ පදින්න, ස්නෝර්කෙලින්ග්, ඩ්‍රයිවින්ග් කරන්න, සර්ෆින්ග් කරන්නත් මෙහෙදී පුළුවන්. කොරල් පර ආශ්‍රිත මාළු බලන්නත් නියම තැනක්.

මේ පැත්තේ ඉර බැහැගෙන යද්දී ක්ෂිතිජයේ මැවෙන අපූරු දර්ශනයක් වන වලාකුළු රටා අතරින් බෝට්ටු සවාරියක් යන එකත් තවත් අපූරු අත්දැකීමක්. සුළං ටර්බයින, වෙරළ කෙළවරේ දැවැන්ත ගල්අඟුරු බලාගාරය, කල්පිටිය වෙරළේ සංචාරය කරනකොට වෙනස්ම දසුනක්.

මේ අවට රෙස්ටුරන්ට් වගේම නවාතැන් කිහිපයකුත් තියෙනවා. ඒ නිසා මේ අත්දැකීම විඳින ගමන් රාත්‍රියේ මෙහිම ගත කරන්නත් පුළුවන්. එහෙම වුණොත් කටට රසකෑම ටිකක් කාලා, රෑ ජාමෙට ගිනිමැල අත්දැකීමක් විඳගන්නත් පුළුවන්.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00