දියවැඩියාව, වකුගඩු අකර්මණ්‍ය වීම, හදවත් රෝග වැනි බෝ නොවන රෝගවලින් වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් මරණ රැසක් වාර්තා වන අතර ඩෙංගු වැනි බෝ වන රෝගද අකාලයේ සිදුවන මරණ රුසකට සැලකියයුතු දායකත්වයක් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්වේ. මේ අතර අප දිනපතා පරිභෝජනය කරන ආහාර හේතුවෙන් ලොව පුරා මිලියන 11ක පිරිසක් අකාලයේ මියයන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඒ ලෝක ප්‍රජාව අකාලයේ මියයාමට හේතු සම්බන්ධයෙන් කළ පර්ෙය්ෂණයකදීය.
සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර හේතුවෙන් සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන් එක් අයකුම අකාලයේ මියයන බවත් එය දුම්පානයෙන් මියයන ප්‍රමාණයට වඩා දරැණු තත්ත්වයක් බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉහත කී අධ්‍යයනයට අනුව ලුණු, පාන්, සෝයා සෝස් මෙන්ම ඒවා අන්තර්ගත ආහාර වර්ග තම දෛණික ආහාර වේලට වැඩිපුර එක්කර ගැනීම ලොව පුරා ජනතාව මේ ඉරණමට ගොදුරැ වන ප්‍රධාන හේතුවය. මෙය තරබාරැකම පිළිබඳව සිදුකළ පර්යේෂණයක් නොවුණද මෙම දුර්වල ආහාර රටාව මිනිසාගේ හෘදයට හානි කළ හැකි මෙන්ම පිළිකා සඳහාද ප්‍රධාන හේතුවක් විය හැකි බව වෛද්‍යවරු පවසති.
ලොව විවිධ රටවල පුද්ගලයන් වසරක් තුළ මියයන ආකාරය පිළිබඳව ගෝලීය රෝග අධ්‍යයන වාර්තාවක් හෙළිකළ කරුණු අනුසාරයෙන් එදිනෙදා පරිභෝජනය කරන ආහාරවල ස්වභාවය අනුව සිදුව ඇති මරණ ලැයිස්තුගත කෙරිණ.
ආහාර වර්ගය මරණ සංඛ්‍යාව
ලුණු අධික පරිභෝජනය මිලියන තුනක්
ධාන්‍ය අඩු පරිභෝජනය මිලියන තුනක්
පළතුරැ අඩු පරිභෝජනය මිලියන දෙකක්
ධාන්‍ය වර්ග, එළවළු, මුහුදු ශාක මෙන්ම සතුන්ගෙන් ලබාගන්නා ආහාර තම ප්‍රධාන වේලට අඩුවෙන් එක්කර ගැනීමද අකල් මරණ සංඛ්‍යාව ඉහළයාමට මූලික හේතුවක් බව වෛද්‍යවරු පවසති.
මේ පරීක්ෂණවලින් වැටහෙනවා ලෝකවාසීන්ගේ සෞඛ්‍ය සැලකීමේදී ආහාරවේල කියන එක කෙතරම් වැදගත්ද කියල. ඇත්තටම එය සතුටට කාරණයක්, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතිය සහ ඇගයීම් අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ පැවසීය.
මෙලෙස අකාලයේ මියයන මිලියන 11 අතුරින් මිලියන 10 ක පමණ මරණවලට හේතුව හදවත් රෝග බවද වාර්තා වේ. අධික ලුණු භාවිතය ඉහළ රැධිර පීඩනයට හේතු වී හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලට මූලික විය හැකි බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම සමීක්ෂණ වාර්තා අනුව එළවළු පළතුරැ සහ කෙඳි සහිත ආහාර මීට ප්‍රතිවිරුද්ධ ප්‍රථිඵල ලබාදෙන අතර ඒවා හදවතට හිතකර ආහාර ලෙස සැලකේ. එමෙන්ම කිසිදු රටක් පූර්ණ වශයෙන් අනිකුත් රටවලට සාපේක්ෂව පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා නොගන්නා බව පර්යේෂකයන් අවධානයට ලක්කරන තවත් කරුණකි. කෙසේ වෙතත් ලොවපුරා වැසියන්ගේ ප්‍රධාන ආහාර වේල් අතර ධාන්‍ය වර්ග කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවිය යුතු වුවත් එය එසේ නොවීමට හේතු කිහිපයක් පවතින බව වාර්තා වේ.
ඇතැම්විට ඇටවර්ග නැත්නම් ධාන්‍ය වර්ග වැඩිපුර ලබාගැනීම නිසා තරබාරු වීමේ ප්‍රවණතාව මඳක් වැඩියි. ඒ වගේම මිල අධික බවත් මෙවැනි ආහාර අඩුවෙන් ප්‍රචලිත වීමට හේතුවක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීටා ෆ්රෝහී පවසන්නීය.
අධික සීනි මෙන්ම මාංශ පරිභෝජනය රෝග රුසකට හේතුව ලෙස මීට පෙර අවධානයට ගත්තද දුර්වල ආහාර රටාව මෙන්ම කෙඳි සහිත ආහාර, ධාන්‍ය වර්ග මෙන්ම එළවළු අඩුවෙන් පරිභෝජනය අකල් මරණ සඳහා වැඩියෙන් බලපාන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නීය. මේ තත්ත්වය මත ලෝක ප්‍රජාව මේදය සහ සිනී පාලනයට උනන්දු කිරීමට කාලය ගතකිරීම මෙන්ම පෝෂ්‍යදායි ආහාර වේලක් වෙනුවෙන් උනන්දු කිරීමේ වැදගත්කම ද ඇය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවද නිවැරදි ආහාර රටාවක් අනුගමනය කළ යුතු අතර ගුණදායී ආහාර පරිභෝජනයට එක්කර ගැනීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. අහිතකර ආහාර නිසා හටගන්නා ස්ථුලතාව, රෝග රැසකට මුල් වන බව පෙන්වාදෙන එම සංවිධානය දියවැඩියාව, හදවත් රෝග, සහ අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර සිටී.
එම සංවිධානය සිව් වසරකට පෙර සිදුකළ සමීක්ෂණයක දී ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ අතුරින් 65% කට හේතුව බෝ නොවන රෝග බවට පෙන්වා දී තිබුණි. මීට අමතරව 2011 වසරේ සිට දිවයින පුරා ක්‍රියාවට නංවා ඇති යහපත් සෞඛ්‍ය රටාවක් වෙනුවෙන් වූ මධ්‍යස්ථාන 700 කට අධික සංඛ්‍යාවකින් ශ්‍රී ලාංකිකයන්ට යහපත් සෞඛ්‍ය පුරැදු හුරැ කිරීමට තම සංවිධානය දැඩි කැපවීමකින් ක්‍රියාකරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම දත්ත
ජනගහනය - 20,798,000
අපේක්ෂිත ආයු කාලය - 72/78
උපත් 1000කට සාපේක්ෂව අවුරුදු පහට අඩු මරණ - 9
එක් පුද්ගලයකුට වර්ෂයකට සෞඛ්‍ය සඳහා වැය කරන මුදල - ඩොලර් 369
එමෙන්ම වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකිකයන් කෘෂිකාර්මික දිවි පෙවෙතින් නාගරික සංස්කෘතියට යොමුව ඇති අතර එමගින් සිදුව ඇති ආහාර රටාවේ වෙනස ලාංකිකයින් මුහුණදෙන තරබාරු බව, දියවැඩියාව මෙන්ම තවත් බෝ නොවන රෝග රැසකට හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම කිසිදු රටක් පූර්ණ වශයෙන් අනිකුත් රටවලට සාපේක්ෂව පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා නොගන්නා අතර ගුණදායී ආහාර වේලක් ලබාගැනීමටද වැඩි නැඹුරුවක් නොදක්වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මේ අතර ලොවපුරා වැසියන්ගේ ප්‍රධාන ආහාර වේල් අතර ධාන්‍ය වර්ග සුලභ නොවීමටද කරුණු රැසක් හේතු විය හැකි බව පර්ෙය්ෂකයන්ගේ විශ්වාසයයි.
බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි