දිනෙන් දින වළපල්ලට යන අප රටේ පරිසරය පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට ප්‍රකාශනයක් මෑතක් වනතෙක් තිබුණේ නැත. තම්බපණ්ණි සඟරාව එළිදැක්වුණේ ඒ අරමුණ ඇතිවය. එය පාඨකයන් සාදරයෙන් පිළිගත් බව පෙනෙන්නේ මේ වනවිට එහි පස්වැනි කලාපයත් නිකුත් වී ඇති නිසාය.
මෙහි කතුවරයා වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම රට ගැන කැක්කුමක් ඇති ප්‍රායෝගික පරිසරවේදියෙක් වන නයනක රන්වැල්ලයි. පරිසරය, දේශීය දැනුම, අන්තර්ජාතික ප්‍රවණතා, ස්වභාවික ගොවිතැන, භාවනාව, කලාව, පුනර්ජනනීය බලශක්තිය, පරිසරය සංරක්ෂණ ක්‍රමෝපායයන් වැනි විවිධ විෂයයන් ගණනාවක් ඔස්සේ ලියැවුණු ලිපිවලින් තම්බපණ්ණි සමන්විතය.
2019 නව සඟරා කලාපයේ කතුවැකියෙන් කතුවරයා මෙසේ ඉල්ලා සිටී. පාරිසරික සහ ජාතික උරැමය සුරකින පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දෙන අලුත් රටක් තැනිය යුතුව ඇත. එය නිකසළ රටකි. තැන තැන තිබෙන භෞතික කසළ සේම සිත්වල තිබෙන ඕජස් ගලන කසළ සිතුවිලිත් නැති රටකි.
කොටින්ගේ සැඟවුණු ලෝකය, ලෝකයේම ඇස් වසා තවමත් සිදුවන බලමත් දඩයම, තානාපතිවරැ සියයකටවත් කළ නොහැකි සේවාවක් රටට කරන පීටර් කුරුවිට, සේයාරූ විශේෂාංග ආදී අංග රාශියකින් මෙවර කලාපය සමන්විතය. පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පරිසරයට ලැදි කාටත් ප්‍රයෝජනවත් සාර සංග්‍රහයකි. තම්බපණ්ණි සෙරන්ඩිබ් ප්‍රකාශනයකි.
පාඨක