2021 මාර්තු 06 වන සෙනසුරාදා

මහ මඟ ගමන පරිස්සමෙන්! අනතුරු බහුල වේ

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

සුර්යා තමාට මිත්‍ර රාශි භවනක් වූ බ්‍රහස්පතිට අයත් මීන රාශියට 2021 මාර්තු මස 14 වැනි ඉරුදින සවස 6 පසුවී විනාඩි 3ට පිවිස අප්‍රේල් මස 14 වැනි බුධ දින දක්වා එම රාශියේම ගමන් කරනු ඇත. එසේම සෙනසුරුට අයත් කුම්භ රාශියේ 2021 මාර්තු 11 වන ගුරු දින දවල් 12 පසුවී විනාඩි 32ට පිවිසෙන බුද ග්‍රහයා 2021 අප්‍රේල් මස 1 වැනි ගුරු දින දක්වා කුම්භ රාශියෙහි ගමන් කරනු ඇත. රවි හා බුධ මාරුව අප රටට ඇති කරන්නා වූ බලය පිළිබඳව විමසා බලමු. 

පාර්ලිමේන්තු කටයුතුවල යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි කාලයක් වන අතර රටෙහි වයස්ගත පුද්ගලයන්ට මෙන්ම කීර්තිමත් පුද්ගලයන්ටද මාරක යෙදෙනවා ඇත. භූමියටද අයහපත් සමයක් වන අතර යම්කිසි ආකාරයක සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාවන්ද සිදුකරනවා ඇත. මූල්‍ය ආයතන ආශ්‍රිතව ආරක්ෂාවන් වැඩි කළ යුතු කාලයක්ද වේ. මහමහ ගමන් කරන්නාවූ මගීන්ද ඉතා පරිස්සම් විය යුතු අතර නොසිතූ විපත්වලට භාජනය වන කාලයක්ද වනු ඇත. මෙම වකවානුව තුළ අභිසම්භිධාන පිරිත නිතර සජ්ඣායනා කිරීම ඉතා යහපත් වනු ඇත.

මීළඟට ඔබට....

මේෂ - හදිසි පීඩා

විශාල මුදල් ගනුදෙනුවලින් පාඩු ඇති විය හැකි බැවින් පරිස්සම් වන්න. ගමන්වලින්ද හදිසි ශරිර පීඩා ඇතිවිය හැක. දුරගමන්ද යොදෙනු ඇත. ඇස්වල පීඩා ඇතිවනු ඇත.

වෘෂභ - දරුවකුගේ ජයක් 

තම මතයට කරන කටයුතු සාර්ථක බවට පත්වනවා ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වේ. තම දරුවකුගේ ජයග්‍රහණයක්. වාර්තා වන්නාවූත් කාලයක් ද වේ. 

මිථුන - ලේඛනයට හොඳයි

ඔබටද යහපත් ඵල ගෙන දෙන කාලයකි. සේවා ස්ථානය ආශ්‍රිතව පැවැති ප්‍රශ්න මහහැරි යනු ඇත. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් කාලය ගත කෙරේ. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵලද අත්වනු ඇත.

කටක - නිර්මාණශීලී අදහස් 

ඔබගේ උත්සාහය මත යම් කටයුතු සාර්ථක කරගත හැකිය. නිර්මාණශීලී අදහස් ජතින වනු ඇත. ලියවිලිවලට අත්සන් තැබීමේදී ඉතා පරිස්සම් විය යුතු කාලයකි. 

සිංහ - ව්‍යාපාරවලට යහපත් 

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. විශාල මුදල් යොදවා කටයුතු කිරීමේදී පරිස්සම් වන්න. පවුල් දිවියේද සමගියට බාධා ඇතිවනු ඇත.

කන්‍යා - ස්ථාන මාරු 

ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ශුභ කාලයක් වේ. රුකියා ස්ථානයෙන් මාරුවීමක් අපේක්ෂා කළ අයකු නම් තම කටයුතු සාර්ථක වේ. යම් යම් වැඩවලට විවිධ පාර්ශ්වවලින් බාධාවන්ද ඇති කරනු ලබන කාලයකි.

තුලා - ඇස් රෝග

ආදර බැඳීම් පළුදු වන කාලයකි. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. සතුරු කරදර පරාජය කරගත හැකි වේ. ඇස් ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

වෘෂ්චික - දේපල ප්‍රශ්න

ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇති වන කාලයකි. ඉඩකඩම් රථවාහන ආශ්‍රිත ගැටලු මඟහැරී යනු ඇත. නැදෑ හිතමිතුරන්ගෙන් දුරස්ව කටයුතු කරන කාලයක්ද වේ.

ධනු - අනුන්ගේ පව් තමාට

ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වනු ඇත. සිතේ සහනය අඩු කාලයක්ද වන අතර පිටස්තර අයගේ ගැටලුවලට මැදි නොවී සිටිය යුතුය. එම ප්‍රශ්න තමා වෙත පැටලිය හැකි කාලයකි. 

මකර - නිර්මාණශිලි අදහස් 

ආර්ථික ලාබ අත්වන කාලයකි. නිර්මාණශීලි අදහස් ජනිත වනු ඇත. යම් යම් වැඩ අතපසුවීම්වලට ලක්වනු ඇත. ස්නායු පීඩාවක් ඇතිවන කාලයකි.

කුම්භ - කටයුතු ප්‍රමාදයි 

ඔබගේ උත්සහයේ තරමට ඵල අත් නොවන කාලයක් වේ. හදිසි කේන්ති ගතිද ඇතිවේ.  ඔබගේ වැඩවල ප්‍රමාද ගතිද ඇතිවනු ඇත. හදිසි තුවාල පීඩාද ඇතිවනු ඇත.

මීන - උත්සාහය දැඩිවේ 

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වේ. විශාල මුදල් යෙදවීම් නොකළ යුතු අතර විශාල පාඩු ඇතිවිය හැක. උත්සාහයෙන් යුතුව කටයුතු කරන කාලයකි. උදරය ආශ්‍රිත පීඩා මතුවේ. 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00