Women’s International Club සංවිධානය කරන Colombo Design Market කියන්නේ තමන්ගේ පුංචි පුංචි නිර්මාණවලින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිබිඹු කරන අපූරු වෙළෙඳ හමුවක්. පහුගිය දා පැවැති මේ වැඩසටහනට මාත් සම්බන්ධ වුණා.
මෙතැනදී මට හමුවුණු එක් ව්‍යවසායිකාවක් වන Shoelace Studio හි හිමිකාරිනී සවන්ති වීරකෝන් මෙහෙම කිව්වා. අවුරුදු ගාණක් තිස්සේ මේ වෙළෙඳ හමුව අපිට ලොකු සහායක් ලබාදීලා තියෙනවා. මෙතැනට එකතු වන්නේ යම් කිසි සුවිශේෂී නිර්මාණයක් බෙදාහදා ගන්න කැමැති පිරිසකුයි. ඒ නිසා අවුරුද්දෙන් අවුරුද්ද මෙතැනට එකතු වෙන පාරිභෝගික පිරිසක් වැඩි වෙලා.
House of Lonali, Parkville, AARYAA, Kantala සහ Monai වගේම රසවත් චොකෝ බිස්කට් පුඩින් පිරුණු Bellisima’s වගේ කුටි කිහිපයකටම මම එබිකම් කළා. මේ අපූරැ අත්දැකීම නිමාවට පත්වුණේ හැන්දෑ වෙද්දී පටන් ගැනුණු සංගීත නාදයක් මධ්‍යයේයි.
♦ ධනූ
ඡායාරූප - You’re my favorite