2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

දියවැඩියාවට හරිම ගුණ ඇඹරැල්ලා

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 504

ආයුර්වේදයට අනුව මධුර රස, අම්ල, තිත්ත යන රසයෙන් සමන්විත වන ඇඹරුල්ලා ගෝල්ඩන් ඇපල් ලෙසින් ද හඳුන්වනු ලැබේ. මෙය උද්භිද නාමයෙන් හඳුන්වනු ලබන්නේ ස්පොන්ඩියස් ඩල්සිස් (Spondias Dulcis) ලෙසිනි.

ඇඹරැල්ලා ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ රාශියකි. ඒ අනුව කෙඳි ග්‍රෑම් 0.85, මේදය ග්‍රෑම් 0.3, ප්‍රෝටීන් ග්‍රෑම් 0.5, යකඩ මිලිග්‍රෑම් 3, විටමින් ඒ, කැල්සියම් මිලිග්‍රෑම් 56, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 12.4 අඩංගු වේ. මේ අනුව සිරැරට අවශ්‍ය ප්‍රෝටීන් හා මේදය සැලකිය යුතු ප්‍රමාණයක් ඇඹරැල්ලාවලින් ලබාගත හැක.

විටමින් සී බහුල පළතුරක් නිසා ශරීරයට ප්‍රතිශක්තිය ලැබේ. මෙහි ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය තුවාල සුව වීමට සහ කොලජන් නිපදවීමට වැදගත් වේ. ඇඹරුල්ලා ආහාර හොඳින් දිරවීමටත් මළ හොඳින් පිට කිරීමටත් උදවු කෙරේ. ඒ ඇඹරැල්ලාවල පවතින කෙඳි ප්‍රමාණය හේතුවෙනි.

ඇඹරැල්ලා ඇටය අධික රුධිර පීඩනයට සහ ස්වසන ආබාධවලට ඉතා ගුණදායක වේ. එමෙන්ම හිසරදයට ද ඉතා ගුණදායකය. ඇඹරැල්ලා ගෙඩියේ මෙන්ම ඇඹරැල්ලා කොළවල ද බොහෝ විටමින් සහ ඛනිජ ලවන අඩංගු වේ. එම නිසා ඇඹරැල්ලා කොළ ආහාරයට ගැනීම කළ හැකි අතර විවිධ රෝගාබාධ සඳහා ගනු ලබන ඖෂධ සඳහා ද ඇඹරැල්ලා කොළ යොදාගනී. කොළවල සහ පොත්තේ ඇති ප්ලොවනොයිඩ්, සැපොටින් සහ ටැනීන් අඩංගු නිසා දියර සහිත මළ පිටවීමේදී කොළ සහ ඇඹරුල්ලා පොතුවලින් සෑදූ තැම්බුමක්, කසායක් හෝ යුෂ දීම ඉතා වැදගත් වේ. එමෙන්ම මුඛයේ ඇති තුවාලවලට ඇඹරුල්ලා කොළ සහ පොතු තැම්බූ වතුරෙන් මුඛය සේදීම ද ඉතා ගුණදායක වේ.

දියවැඩියාවට ඇඹරුල්ලා ඉතා ගුණදායක වේ. ඇඹරැල්ලා හොඳින් අඹරා මොයිස්චරයිසර් එකක් ලෙස ද භාවිතා කළ හැක. ඇඹරැල්ලා කොළවලින් කොළ කැඳ සාදා බීම ද කළ හැකි අතර ඇඹරුල්ලා ගෙඩි, කොළ පමණක් නොව ඇඹරුල්ලා පොතු ද විවිධ රෝග සඳහා ගත හැකි ඉතා ගුණදායක ඖෂධයකි.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00