2018 ජූලි 16 වැනි සඳු දින රාත්‍රී 10.27ට ග්‍රහ මණ්ඩලයේ රජු වූ රවි ග්‍රහයා කටක රාශියට පිවිසේ. මේ වන විටත් කටකයේ ගමන් කරමින් සිටින බුධ හා රාහු සමඟ එක්ව සිටින ගුරුට අයත් පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් හා සෙනසුරුට අයත් පුෂ නැකතේ සම්පූර්ණවත් බුධට අයත් අස්ලිය නැකතේ සම්පූර්ණවත් ගමනින් යුක්තව 2018 අගෝස්තු 17 වැනි කිවි දින උදේ 6.50 දක්වාම ගමන් කරනු ඇත.
මේ තත්ත්වය පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී එතරම් ශුභවාදී වූ කාල වකවානුවක් නොවන බව පැවසිය යුතුය. රට තුළ සිදුවන්නා වූ අපරාධ ක්‍රියාවල වර්ධනයක් සිදුවන කාලයක් වන අතර පහරදීම්, ඝාතනය කිරීම් වැඩි වැඩියෙන් වාර්තා වනු ඇත. රජයේ ප්‍රධාන නිලයක් දරණ නිලධාරියකුට මාරකයක් එල්ලවේ.
ගුවන් කටයුතු පිළිබඳව ප්‍රධානියකුද ඒ අතර වනු ඇත. යාත්‍රාවක් අනතුරට පත්වීමක්ද වාර්තා වේ. ධීවර කටයුතු පිළිබඳ ප්‍රශ්නයක්ද පැන නගිනු ඇත. කර්මාන්ත ශාලාවක් හදිසි ගිනිගැනීමකට ලක්වීමද සිදුවේ.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී අප්‍රිකානු රටවල්, මුරිසි දූපත්, ටියුනීසියාව, ඇල්ජීරියාව ආශ්‍රිතව විසඳිය නොහැකි ප්‍රශ්නවලට ජනතාවටත් රජයටත් මුහුණදීමට සිදුවනු ඇත. පතල් ආශ්‍රිතව අනතුරක්ද වාර්තා වන අතර කෘෂිභෝගවලට හානිවීම්ද වාර්තා වේ. ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, මැක්සිකෝව, බල්ගේරියාව, ග්‍රීසිය හා ඇමරිකානු රටවල් ආශ්‍රිතව අපරාධ ක්‍රියා වර්ධනය වේ. ගැටුම් ඇතිවීම්ද, රාජ්‍ය ප්රධානියකුට මාරක හා සමාන අපලයක් ගෙන දීමත් එංගලන්තය, ජර්මනිය, පලස්තීනය, සිරියාව, ජපානය ආශ්‍රිතව රජයට විරුද්ධව මහජන කැළඹීම් ඇතිවීමත් සිදුවනු ඇත.
මේෂ - කීර්තියට හානි
ඔබේ සිතට සහනය අඩුවන්නාවූත් කාලයකි. සේවා ස්ථානයේ දියුණුවක් ලබාගත හැකිවනු ඇත. පිටස්තර අයගේ වැඩවලට මැදිහත් නොවී සිටිය යුතු අතර තමාගේ කීර්තිනාමයට හානි සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
වෘෂභ - ලේඛනයට හොඳයි
වැඩ අධික වීම නිසා ඇඟට වෙහෙසකාරී වන්නාවූත් කාලයක් වේ. යම් යම් කටයුතු අතපසුවීම්ද වනු ඇත. ලේඛන කටයුතුවල නිරතවී සිටින අයට යහපත් වනු ඇත.
මිථුන - ආර්ථිකයට හානි
ආර්ථික අපහසුතා ඇතිවන අතර ඉතිරි කර ගැනීමට බාධා ඇතිවන වකවානුවකි. තම උත්සාහයේ තරමට ඵල නෙලාගත නොහැකි වන්නාවූත් කාලයක් වේ.
කටක - ධනය ලැබේ
හදිසි ධනයක් ලැබීමේ වාසනාව ඇතිවේ. තමාගේ හිතුමනාපයට කටයුතු කිරීමට යාම නිසා තම හිතවතුන් තමා සමඟ අමනාපකම් ඇතිකරගනු ඇත. ඇස්වල පීඩාවක් බලපායි.
සිංහ - ශරීර පීඩා
ඔබගේ කටයුතුවලට බාධා ඇතිවන අතර හදිසි ශරීර පීඩාද ගෙනදෙනු ඇත. දුර ගමන් යාමට සිතා සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.
කන්‍යා - පොළොවෙන් සම්පත්
දේශපාලන කටයුතුවල නිරතවී සිටින අයට ශුභ ඵල අත්වන අතර, භූමියෙන් සම්පත් හිමිකර ගැනීමටද හැකිවනු ඇත. යම් යම් කටයුතුවල ප්‍රමාද ගතිද ඇතිවනු ඇත.
තුලා - නව රැකියා
නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න රුසක් මඟහරවා ගැනීමටද හැකි වකවානුවක් වනු ඇත.
වෘෂ්චික - දේශපාලනයට හොඳයි
සන්නිවේදන හා ලේඛන කටයුතුවල නිරතවී සිටින අයට ශුභ ඵල අත්වන අතර කෙටි ගමන් වැඩියෙන් යෙදෙන කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත අයටද ජයග්‍රහණ ලැබීමට පරිසරය සැකසේ.
ධනු - ආර්ථික අපහසුතා
ඔබට යහපත් නොවේ. හදිසි ශරීර පීඩාවලට මුහුණදීමට සිදුවේ. ආර්ථික අපහසුතාද ඇතිවනු ඇත. ඔබගේ කටයුතු ඉටුවීමට බාධා ගෙන දේ.
මකර - රත්පිත් රෝග
ඔබගේ කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන වකවානුවකි. අන් අයගේ වැඩවලට හවුල් නොවී සිටීම තුළින් ඔබට ඇතිවිය හැකි ප්‍රශ්න මඟහරවාගත හැකිවනු ඇත. ඇඟේ රත්පිත් රෝගයක් මතුවනු ඇත.
කුම්භ - ඇස් රෝග
අයහපත් ඵල ගෙන දෙන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. ගමන්වලින්ද හදිසි ශරීර පීඩා ගෙන දෙන අතර ඇස්වල පීඩාවක් මතුවනු ඇත.
මීන - ප්‍රමාද ගති
ඔබගේ යම් යම් කටයුතුවල විවිධ ප්‍රමාද ගති ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරතවී සිටින අයට යහපත් ඵල ලැබේ. ඉතිරි කරගැනීමට බාධාවීම් ඇතිවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල