2017 ජනවාරි 28 වන සෙනසුරාදා

Jaffna Kool නම බලලයි කන්න ඕන

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 107

 

Jaffna Kool කියන්නේ යාපනයටම ආවේණික වුණු කෑම වර්ගයක්. යාපනයේ ජීවත් වෙන අය හැරුණම ගොඩක් අය මේ කෑම ගැන දන්නෙ නැති නිසා මම යාපනයේ ඉපදුණු ඒ පළාතේ කෑම බීම ගැන දන්න කෙනෙක් නිසාත් ජැෆ්නා කූල් ගැන කරුණු කියන්න කියල ඉල්ලීම් ගොඩක් තියෙනවා. ඉතින් මමත් හිතුවා ජැෆ්නා කූල් ගෙදරදි හදලා විස්තර බෙදාගන්න. 

මේ වැඩේට මට උදව් වුණේ මගේ සහෝදරිය තමයි. නමුත් ජැෆ්නා කූල් හදන්න ඕන කරන අඩුම කුඩුම ටික ගන්න මම ගියා පිළියන්දල පොළට. ඒ ගිහින් මෑ කරල්, කොස් ඇට, තම්පලා, ඉස්සන්, කකුළුවන්, මාළු වගේ දේවල් ටිකක් ගත්තා. හැබැයි ජැෆ්නා කූල් හදන්න ඒ ටික විතරක් මදි. මිරිස් කුඩු, කහ කුඩු, ලුණු, බත් සහ තල් පිටි ඕන කරනවා. ඒ දේවල ගෙදර තිබුණු නිසා අලුතින් ගත්තෙ නැහැ. 

කූල් හැදිච්ච හැටි කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. කූල් කියන්නේ යාපනයේ ගොවියො අතර ජනප්‍රිය වෙච්ච කෑමක්. වැඩිය මුදල් අතේ තිබුණෙ නැති නිසා එදා වේල යන්තම් පිරිමහගන්න තමයි යාපනේ ගොවියො උත්සාහ කළේ. ඉතින් කුඹුරෙන් හොයාගන්න පුංචි ඉස්සන්, ඒ වගේම අවටින් හොයාගන්න පුංචි කකුළුවන් එක්ක බත් දාලා මේ කූල් හදන්න ඔවුන් පෙළඹුණා. හැබැයි මේ කෑමවල ඌෂ්ණ ගතිය වැඩි නිසා තල් පිටි දාලා ඒ රස්නෙ අඩු කරගත්තා. 
දැන් යාපනේ යන ඕන කෙනෙක්ට ජැෆ්නා කූල් කියන ඇහුවොත් මේ රසවත් ආහාරය හොයාගන්න අමාරු වෙන්නෙ නෑ. 

♦ ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
ඡායාරූප | Kings. Co

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00