
අතීතයට සාපේක්ෂව වර්තමානයේ පෙර නොවු විරූ පරිදි මිනිසුන්ට බොහෝ රෝග වැළඳෙයි. මෙම ඇතැම් රෝග මිනිසාගේ එදිනෙදා දෛනික කටයුතුවලට ද සැලකිය යුතු ලෙස බාධා ඇති කරයි. මේ රෝග අතරින් ආයුර්වේදයේ සඳහන් වන අම්ල පිත්ත රෝගය ද එකකි. මෙම අම්ල පිත්ත රෝගයෙන් මිනිසාගේ කය සහ මනස පීඩාකාරී තත්ත්වයට පත් කෙරේ. බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සෑම දෙනකුටම පාහේ මෙම රෝගයට ගොදුරු විය හැක.
ආයුර්වේදයේ සඳහන් අම්ල පිත්ත රෝගයට යම් තරමක සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ අධි ආම්ලිකතාවය ( Hyper Acidity)නම් රෝග තත්ත්වය හෝ කාලීන ජඨර ප්‍රදාහයයි.(Acute or chronic Gastritis)
රෝග ලක්ෂණ
උගුර දැවිල්ල.
ආහාර අරුචිය.
වමනය.
ඔක්කාරය.
උදරය පුරවා දැමීම.
ආහාර නිසි ලෙස නොදිරවීම.
ආහාර ගත් පසු මළ පහ පිට කිරීමේ අවශ්‍යතාවය හෝ මළ පිටවීමේ අක්‍රමිකතා, හිසරදය, මානසික ආතතිය, ශරීරය වෙහෙසට ලක්වීම.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ද මෙම රෝග ලක්ෂණ ඇතිවිය හැක. ඇතැම් විට පපුවේ වේදනාව හා පපුවේ දැවිල්ල හෘදයාබාධ රෝග ලක්ෂණ සමඟ ව්‍යාකූල විය හැක. ඇතැම් විට එය ගැස්ට්‍රයිටීස් හෝ අම්ල පිත්ත රෝගය සමඟ පැටලිය හැක. එම නිසා පපුවේ දැවිල්ල හා වේදනාව නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ යුතුය. බොහෝවිට පපුවේ වේදනාව හා දැවිල්ල මධ්‍යම රාත්‍රියේ හට ගැනීම සිදුවිය හැක.
ගැස්ට්‍රයිටීස් රෝගය නිසා ආම්ලිකතාවය වැඩි වී ආහාර මාර්ගයේ තුවාල ද ඇතිවිය හැක. දිගින් දිගටම මේ තත්ත්වය පැවතීම සුදුසු නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගැස්ට්‍රයිටීස් රෝගයට මූලික හේතුව වන්නේ අධි ආම්ලික තත්ත්වයයි. නමුත් ආයුර්වේදයේ අම්ල පිත්ත රෝගයට මූලික හේතුව පිත් දෝෂයේ විෂ වීමයි. ආයුර්වේදයට අනුව අම්ල පිත්තය යනු අම්ල විදග්ධංච තක් පිත්තම් අම්ල පිත්තම්.
සාමාන්‍යයෙන් පිත ආයුර්වේදයට අනුව කටුක රසයෙන් යුක්තය. නමුත් එය නොයෙක් හේතූන් නිසා විකෘති වූ විට ඇඹුල් රසින් යුක්තයි.
ආයුර්වේදයට අනුව මෙය ඌර්ධිවගන අම්ල පිත්තය හා අමෝගත අම්ල පිත්තය ලෙස ටෙස් දෙකකි.
ඌර්ධිවගන අම්ල පිත්ත රෝගයේදී බොහෝ විට විවිධ වර්ණ (කොළ, කහ, කළු) වලින් වමනය පිටවීම මෙන්ම සමහරවිට වමනය සමඟ රුධිරය පිටවීම ද විය හැක. බොහෝ විට ඇඹුල් රස, තිත්ත රස දැනී වමනය ඇති විය හැක.
හිසරදය, බඩ පපුව දැවිල්ල , අත් පා දැවීම, සිරුරේ උෂ්ණත්වය වැඩි වීම, සිරැර කැසීම, බිබලි ඇතිවීම ආදිය ඇති විය හැක.
අධෝගත අම්ල පිත්තයේදී සිරුරේ දැවිල්ල, කරකැවිල්ල, මුර්ජාව, පිපාසය ඇතිවීම හෝ ඇති නොවීම, ආහාරවලට අකැමැත්ත, දහඩිය දැමීම, ආහාර ගත් විගසම මළ පිට කිරීමේ අවශ්‍යතාවය, දියර සහිත පෙන සහිත දුගඳ සහිත මළ පිටවීම, සිරුරේ පළු හටගැනීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.
මේ සඳහා කළ යුතු ප්‍රතිකාර
ලබන කලාපයේ