2018 මැයි 19 වන සෙනසුරාදා

තොරතුරක් නැති රැය

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

ගිනි සිඹින අහස් රැස් යට

ලතා තුරු කඳන් පටලා

ගැට බැඳුණු අතුපතර විසිර

තුනී වූ ඉලුක්

පටි පඳුරුයාය මැද

පුවක් පටි පැන්න වරිච්චි කොන

ඉරුණ ඉටිකොළ කවුළුවෙන් එබී

සුද වැහුණු ඇස් කෙවෙනි රිදෙනවද

රටා මැකුණ පන් පැදුර යට

කඳුළු ගුලි සඟවලා

අවදි වී අලුයමට පෙර

සංහිඳට හිතේ දුක කියනවාද?

තවම කෙම්මුර දවස්වල හවසට

ගෙල බිඳුණු පාන් පැළ අවට

දෙවි දේවතාවෝ නැතිවාට

මහ රූක පාළු නැත

හුළු එළි අරන් ඉරමඬුලු

ඇතාගල දිග

ගෙදර යන මොහොත දැක දැක

බංකුවක් උඩ ඈඳිගෙන

ළපලු තරු දෙපළු කළ

සුසුම් පළු

කළු සුදු පින්තූර සමරන

තොරතුරක් නැති රැයක්

කතාබහක් නැතිවට

පෑළදොර ළඟ නිහඬව

ඇයට තනි රකින

 ඩොමිනික් චන්සාලි

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00