2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

HIT TIPS

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

කෝට්ටේ ආහාර සැණකෙළිය

කෝට්ටේ මන්ත්‍රා ලයිෆ්හිදී අප්‍රේල් 20 සිට 22 දක්වා දවස්වලදී විශේෂ ආහාර සැණකෙළියක් පැවැත්වීමට නියමිතයි. සජීවී සංගීතය, ඉවුම් පිහුම් සහිත මේ ආහාර සැණකෙළියේදී සීෆුඩ්, නිර්මාංශ ආහාර සහ සෝස් වගේ විවිධ ආහාර චීන, ඉන්දියානු, බටහිර වගේ රස රැසකින් ලබාගන්න හැකිවේවි.

ගල්කිස්ස මහ හෝටලයේ අවුරුදු කෑම

අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ අවට හෝටල් බොහෝමයක් සම්ප්‍රදායට වැඩි තැනක් ලබාදෙනවා. ගල්කිස්ස මහ හෝටලයත් ඒ අනුව යමින් විශේෂ අවුරුදු දිවා ආහාරයක් සූදානම් කරලා තියෙනවා. දේශීය ආහාරපානවලින් පිරුණු මේ විශේෂ ලන්ච් එක පැවැත්වෙන්නේ අප්‍රේල් 14 වැනිදායි.