2017 වසරේ සිදුවන්නාවූ සූර්ය මාරුව 2017 ජනවාරි 14 වන ශනි දින උදේ හත පසුවී විනාඩි තිස්නවයට රවි මකර රාශිගතවීමත් සමඟ සිදුවනු ඇත. රවි මකර රාශිගත වී රවිටම අයත් උත්‍රපල් නැකතේ දෙවන, තුන්වන, හතරවන පාදවලත් සඳුට අයත් සුවණ නැකතේ සම්පූර්ණවත් අඟහරුට අයත් දෙනට නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් ගමනින් 2017 පෙබරවාරි මස 12 වන දින දක්වාම තමාට සතුරු රාශි භවනක් වූ මකර රාශියෙහි ගමන් කරනු ඇත. මෙහි බලපෑම ඉදිරි මාස තුනක් යනතුරු පවතිනු ඇත.
වසරේ මුල්ම සූර්ය සංක්‍රාන්තිය
අප රටට ඇතිවන බලපෑම
රජයට අතිරේක වියදමක් දැරීමට සිදුවන වකවානුවක් වන අතර රජයට විසඳිය නොහැකි ප්‍රශ්න වැලකට මුහුණ දීමට සිදුවනු ඇත. රජයට එරෙහිව මහජන විරෝධතා වැඩි වන වකවානුවක්වේ. අධිකරණ තීන්දුවක් මෙන්ම ආගමික ප්‍රශ්නයක් හේතුවෙන් වාද මතභේද දුරදිග යනු ඇත. බන්ධනාගාර රැඳවියන් ආශ්‍රිත ප්‍රශ්නයක්ද මතුවනු ඇත. කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමක් හෝ ගුවන් ප්‍රධානියකුට අනතුරක් හෝ මාරයක් ද රජයේ ඉහළ නිලධාරියෙකුගේ අභාවයක්ද වාර්තා වනු ඇත.
ජාත්‍යන්තරයට වන බලපෑම
මෙම වකවානුව තුළ ඇෆ්ගනිස්ථානය, ග්‍රීසිය, චීනය, තායිලන්තය, ඊජිප්තුව, චීනය, ලිතුවේනියාව, මැක්සිකෝව, බොස්නියාව, ඉන්දියාව, පෘතුගාලය, ආර්ජන්ටිනාව, අප්‍රිකාව, බෙල්ජියම, ඇල්ජීරියාව ආශ්‍රිතව විවිධ සිදුවීම් වාර්තා වනු ඇත. කෘෂිභෝග විනාශයට පත්වීමත්. මැතිවරණ කඩාකප්පල්වීමත්, රාජ්‍ය නායකයකු අපකීර්තියට පත්වීමත්, කර්මාන්තශාලා වැනි රටේ ප්‍රධාන ස්ථාන පිපිරීමට, ගිනි ගැනීමට ලක්වීමක් වාර්තා වනු ඇත. විශාල නායයෑම් ද වනු ඇත.
සූර්ය සංක්‍රාන්තිය ලග්නවලට බලපාන අයුරු
ඔබට යහපත් වනු ඇත. නව රැකියා හිමිවීමක් හෝ උසස් වීමක් ලැබෙනු ඇත. තම නාමය ප්‍රසිද්ධ භාවයට පත්වනු ඇත.
තම උත්සාහයෙන් දියුණුව සොයනු ලබන වකවානුවක් වේ. පවුලේ අය සමඟ මත ගැටුමක් වීමට ඉඩ තිබේ. විවිධ වූ අදහස් ක්‍රියාවට නැංවීමට කටයුතු කරනු ඇත. පියාට තරමක් අපල වකවානුවක් වේ.
හදිසි සතුරු උපද්‍රව ඇතිවනු ඇත. මෙම වකවානුව තුළදී ගිවිසුම් ලියවිලිවලට අත්සන් කිරීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතු බව සලකන්න.
පවුල් ජීවිතයේ සමගියට බාධා ඇතිවිය හැක. හවුල් කටයුතුවලින්ද ඵල නොලැබෙනු ඇත. විශාල ලෙස ධනය යොදා මෙම වකවානුව තුළදී භාණ්ඩ මිලදී ගන්නේනම් කල්පනාකාරී විය යුතුයි.
ඔබට තරමක් අයහපත් වන අතර සිතට දැඩි පීඩනයක් එල්ලවන වකවානුවක් වේ. තම මිතුරකුගෙන් තමාට ප්‍රශ්නයක් ඇතිවන අතර හදිසි ශරීර පීඩාද මතුවනු ඇත.
තමන්ගේ වැඩවල ප්‍රමාද ගති යෙදෙන අතර, හවුල් කටයුතු, ව්‍යාපාරික කටයුතුවලට බාධා ඇතිවනු ඇත. ඉතිරි කිරීමටද බාධා මතුවන්නාවූ වකවානුවකි.
මිතුරන් නිසා සිත් පීඩනයකට ලක්වනු ඇත. නව රැකියාවක් බලාපොරොත්තු වූ අයට තම බලාපොරොත්තුව ඉටුවේ. හිතූමතයට වැඩ කිරීමට යාම තුළින් හිතුවතුන් තමන් සමඟ හිත් අමනාපකම් ඇතිකරගනු ඇත.
ගමන්වලින් පීඩා ඇතිවන බැවින් මෙම වකවානුව තුළ කල්පනාකාරීව කටයුතු කරන්න. හිතූමතයට කටයුතු කරන වකවානුවක් වේ. ඇස් ආශ්‍රිත ආබාධයක් මතුවනු ඇත.
ව්‍යාපාර කටයුතුවලින් ලාබ අත්නොවන වකවානුවකි. තමන් කොතරම් උත්සහයෙන් යුක්තව කටයුතු කළද ඵලයක් ලබාගැනීමට අපහසු වනු ඇත. පවුලේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත.
විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවේ. නව රැකියා අපේක්ෂා කළ අයට මෙන්ම රැකියාවෙන් උසස්වීම් බලාපොරොත්තු අයට තම බලාපොරොත්තු ඉටුවනු ඇත.
තම අත ඇති ධනය යම් යම් දේ සඳහා වියදම් වන වකවානුවකි. විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටුවේ. ශරීරයේ හදිසි පීඩාවක් ඇතිවනු ඇත.
තම හිත මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවනු ඇත. අන් අය අතර ආකර්ශනයට ලක්වේ. දැඩි තීරණ ගන්නා වකවානුවකි. අනවශ්‍ය අය තමන් සමඟ මිත්‍රකම් ඇතිකරගනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ
පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල.