2018 මාර්තු 03 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

සෑම විටම හෙටක් කියා දෙයක් ඉතිරිව තිබෙනවා. වඩා හොඳ දේ කිරීමට හෙට දින නැවත වතාවක් අපට අවස්ථාව සැලසේවි. එවැනි විශ්වාසයක් අප තුළ නැත්තේ නම් අපට ඉතිරිවන්නේ අද පමණයි. මා ඔබට කෙතරම් ආදරය කරන්නේදැයි කීම මට සතුටක්.

මම කිසිදිනක ඔබ අමතක නොකරමි. ඔබ වඩාත් ආදරය කරන අයවලුන් ඔබ සමීපයේම තබාගන්න. ඔබ ඔවුන්ට කොතරම් ආදරය කෙරන්නේද, යන්නත් ඔවුනට පැහැදිලිව ප්‍රකාශ කරන්න. ඔවුන් හොඳින් රැකබලාගන්න.

 කොලොම්බියානු ලේඛක ගේබ්‍රියල් ගාර්ෂියා මාක්වේස්