2017 ජනවාරි 14 වන සෙනසුරාදා

කන්න කන්න අාසා හිෙතන රසම රස අතුරුපස

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 249

 

එක දවසක මම පාරට බැස්සෙ ළඟම තිබුණු පුංචි කඩේකට ගොඩවෙලා රසවත් අතුරුපසක් ගන්නයි. කඩේ තිබුණු ශීතකරණෙ දිහා බැලුවමයි මට හිතු‍ණෙ මේ විදිහේ ලාබෙට ගන්න පුළුවන් අතුරුපස කිහිපයක් ගැන ලිව්වා නම් හොඳයි කියලා. ඒ විදිහේ රස අතුරුපස හයක් මට මුණගැහුණා. 

ෂාන් ජෙලි යෝගට් - රුපියල් 40

මේක ඇත්තටම හොඳ තේරීමක්. යෝගට් උඩින් ජෙලි දාලා තියෙන රස අතුරුපසක්. ලකුණු 10න් 9ක් දෙන්න පුළුවන්. 

මිල්කි කස්ටඩ් ඇන්ඩ් ජෙලි - රුපියල් 35

ඇත්තට ම මේක කාපු එක ගැන නම් මම ගොඩක් දුක්වෙනවා. ඒ අමුතු රසය දිවෙන් අයින් කරගන්න සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා. ලකුණු 10න් 0යි.

ඩිසර්ට් වටලප්පන් - රුපියල් 40

ගොඩක් රසවත්. බොහොම කැමැත්තෙන් තමයි රස වින්දේ. ගෙදර හදපු වටලප්පන් වගේ හොඳ සුවඳක් මේකෙ තියෙනවා. ලකුණු 10න් 08යි.

මිල්කි වටලප්පන් - රුපියල් 40

එච්චර සතුටු හිතෙන තේරීමක් නම් නෙමෙයි. මේකෙ රසය නිසා වටලප්පන් රසය නැතිවෙලා තිබුණා. ඇත්තටම වටලප්පන් එකකට වඩා කේක් සහ පුඩිං රසයක් තමයි දැනුණෙ.  ලකුණු 10න් 04යි.

ලකී යෝගට් සහ පැණි - රුපියල් 40

නියමයි! හොඳට ගැළපෙන සංයෝගයක්. තව කෙ‍සෙල් ගෙඩියකුත් තිබුණ නම් කියලා වැඩක් නෑ. කප් එකේ පැත්තකින් එකතු කරලා තිබුණු පැණි පැකට්ටුවේ පැණි ගොඩක් හොඳ තත්ත්වයේ තිබුණා. ලකුණු 10න් 9 දෙන්න පුළුවන්. 

ලකී චෝගට් (චොකලට් යෝගට්) - රුපියල් 45

මේක අනෙක් යෝගට් එකකට වඩා රුපියල් පහක් විතරයි මිලෙන් වැඩි. හැබැයි රසයේ නම් වැඩියක් නැහැ. යෝගට් සහ චොකලට් දෙකේ එකතුව එච්චර සාර්ථක නැහැ කියලයි මට හිතෙන්නෙ. හැබැයි ඔබට ඒක රසවත් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක අලුත් දෙයක්. මට රස දැනුණු විදිහට නම් දෙන්න පුළුවන් ලකුණු 10න් 5ක් තමයි. 

♦ ධනූ (ඩේලි මිරර් ලයිෆ්) 
ඡායාරූප - You’re My Favorite 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00