2018 ජනවාරි 27 වන සෙනසුරාදා

අත්බෙහෙත්

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 405

ඉන්නන් සඳහා

වලාවැන්න ඉස්ම උණුකර ගාන්න.

දියලබු නැට්ට දින කිහිපයක් ඉන්නන් උඩ අතුල්ලන්න. ටික දිනකින් නැති වී යයි.

බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් උඩ අතුල්ලන්න.

කටතොල සුදුකබරවලට

ඉරිවේරිය ගස සහමුලින්ම ගෙන පුච්චා අළු ටික ඇල්වතුරෙන් අනා කබරවල ගාන්න.

වරා කිරි භාජනයකට ගෙන වියළි පොල්ගෙඩිවල කිරි හා තල තෙල් ටිකක් සමඟ කලවම් කරන්න. තද අව්වේ හොඳින් සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.

කෑම අරුචිය

සුදුලූනු, රතුලූනු, දියලුණු, අමුමිරිස්, ගම්මිරිස් ස්වල්ප බැගින් ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹරා බත් සමඟ කෑමට දෙන්න.

බඩ කොරවීමේදී

ඔළිඳ කොළ එළකිරෙන් අඹරා බඩට පැලැස්තරයක් දමන්න.

කළටි පොල් ලෙල්ලක් රත්කර බඩ තවන්න

වකුගඩු ආබාධ ඇති නොවීමට

රණවරා මල් තම්බා නිතරම බොන්න. රණවරා කොළකැඳ උදේ පානය කරන්න.

නීරමුල්ලිය, කටු අනෝදා, රාබු හැකි සැමවිටම ආහාරයට ගන්න.

නාසයෙන් ලේ යනවිට

දෙළුම් මල් තලා ඉස්ම බින්දු කීපයක් නාසයට දමන්න.

කෙසෙල් අල කොටා එහි යුෂ ගෙන හිසේ ගල්වන්න.

නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.

සුව සතුට ගෙනදෙන දුර්ලභ අත්බෙහෙත්
ග්‍රන්ථය ඇසුරෙනි