2018 ජනවාරි 27 වන සෙනසුරාදා

රෝද පුවරුවක නැග මුහුදු වෙරළේ ඇදි ඇදී යන්න land windsurfing

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

අද මේ කියන්න හදන්නේ ලංකාවේ අපිට ටිකක් නුහුරු හැබැයි අපූරු ක්‍රීඩාවක් ගැනයි. මේකෙ නම තමා land windsurfing. මේ නමින්ම ක්‍රීඩාව ගැන යම් අදහසක් ගන්න පුළුවන්. 

සර්ෆින් ක්‍රීඩාවේ ප්‍රභේද කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හැමෝම සර්ෆින් කියලා හඳුනාගන්නේ රළ මත පැන්නීමේ ක්‍රීඩාව වුණත් වින්ඩ්සර්ෆින් කිව්වම එතැනදි අදාළ වෙන්නේ සුළඟේ බලයත් එක්ක රළ මත පැන්නීමයි. හැබැයි ගොඩබිම කරන වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව තමයි අපි land windsurfing විදිහට හඳුන්වන්නේ.

මේකෙදි භාවිත කරන්නේ හරියට ස්කේටින් පුවරුවක් වගේ රෝද සහිත පුවරුවක්. ඒකට සාමාන්‍ය වින්ඩ් සර්ෆින් ක්‍රීඩාවේදී දකින්න ලැබෙන රුවල් සවිකරලා තිබෙනවා.

ඉතින් මේ පුවරුව මත නැඟිලා ගොඩබිම ඕනෑම තැනක සුළඟේ ආධාරයෙන් ඇදී යන්න පුළුවන්. හැබැයි හොඳට සුළං තියෙන තැනක් වීම අනිවාර්යයි. මේ ක්‍රීඩාවේ යෙදෙන්න අවම වශයෙන් පැයට සැතපුම් පහක ප්‍රමාණයේ සුළං වේගයක් හෝ පැවතිය යුතුයි. සුළං වේගය වැඩිවෙන්න වැඩිවෙන්න මේ ක්‍රීඩාවේ විනෝදයත් වැඩිවෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ නිසා මුහුදු වෙරළ, එහෙමත් නැත්නම් විශාල තැනිතලා බිමක් වගේ තැනක මේ ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන්.