2018 ජනවාරි 20 වන සෙනසුරාදා

උදේ කෑම වරද්දාගෙන වැඩ වරද්ද ගන්න එපා

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

බොහෝ දෙනෙක් උදෑසන ආහාර ගැනීම අමතක කරති. විශේෂයෙන් රැකියාවට පිටත්ව යන කාන්තාවන් මෙන්ම කුඩා දරුවන් ද උදෑසන ආහාර වේල මඟ හරියි. එමෙන්ම රාජකාරි කටයුතු නිසා ඇතැමුන් උදෑසන ආහාරය තම කුස පිරවීමට පමණක් යමක් ගැනීමට පුරුදු වෙති. බොහෝ දෙනකු උදේ ආහාරයට බනිස් ගෙඩියකින්, පාන් පෙත්තකින් පමණක් සෑහීමට පත්වෙති. නමුත් උදෑසන ආහාරයට පෝෂ්‍යදායී ආහාරයක් එක්කර ගන්න. විශේෂයෙන් ආහාර වේල් තුන සඳහාම ශාකමය ආහාරයක් එක්කර ගැනීමට හැකිනම් එය ඉතා ගුණදායක වේ. උදෑසන ආහාරයට පලතුරු එක්කර ගන්නට හැකිනම් එය වඩාත් සුදුසු වේ. ඔබ ගන්නා උදෑසන ආහාරය සැමවිටම සිහිකල්පනාවෙන් ආහාරයට ගන්න.